Jun
3

ලොකු ලොකු ගණන්වලට වැඩ එනවා මම කරන්නේ ආසම ඒවා විතරයි සුරූපී නිලි දිනිති වල්ගමගේ

 
2427 Views
   
 

අද අපි ඔබට ගෙන එන්නේ නිවේදිකාවක් නිරුපන ශිල්පිනියක් නිලියක් වගේම ගුවන් සේවිකාවක් වන දිනිති වල්ගමගේ සමග කරපු කතා බහක් ගැනයි.සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් අන්තර්ජාතික වැඩසටහනක් වන The Voice Sri Lanka මේනවිට බොහෝ දෙනාගේ ආදරයට පත් වැඩසටහනක් ලෙස හදුන්වන්න පුළුවන්. ඉතින් එම වැසටහනේ නිවේදිකාව ලෙස කටයුතු කලේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේ විසිනි. ඇය විසින් මෙම වැඩසටහන ඉතාමත්දක්ෂ ලෙස ඉදිරිපත් කරනවා අපිට දැකගන්න ලැබුනා. ඇයගේ නිවේදන කටයුතු පිළිබඳව ගොඩක් දෙනෙක් හොද කිවුවා වගේම නරක කියන්නත් අමතක කලේ නැහැ,ඉතින් එකපාරටම ඇයගේ ඉවත් වීම ගැන බොහෝ දෙනා කතා කිරීමට ගත් නිසාම ඒ පිළිබඳව ඇය සමග කරපු කතා බහක් තමා මේ ගෙන එන්නේ.

ඉතින් කොහොමද දිනිති මේ දවස්වල මොකද වෙන්නේ කියමුද මුලින්ම.දැන් ආයෙත් Flying පටන් ගත්තා. තව ටෙලි නාට්‍යය තුනක රූගත කිරීම් යනවා. චිත්‍රපට වගයක් එන්න තියෙනවා. ඒ කටයුතු තමයි කරගෙන යන්නේ.The Voice Sri Lanka එකෙන් අයින් වුනාද? අයින් කලාද?ඒ ගැන හැමෝම කතා කළා නේද කොහොමද ඇත්තටම මොකද උනේ කියන්න පුලුවන්ද.වොයිස් එකෙන් ඇත්තටම මම අයින් වුණා. මම කොහොමත් Blinds වලට විතරයි ගිවිසුම් අත්සන් කරලා තිබුනේ. ඊට පස්සේ ඒක ඉවර වුනා. ඒක අලුත් කරන්න බැරි වුනේ මගේ රැකියාවත් එක්කයි. මම වෘත්තිය ගුවන් සේවිකාවක්. අපිට වැඩ තිබුනේ නැති නිසා මම කොහොමත් No Pay හිටියේ. වැඩ නැති නිසා Special No Pay කියලා අපිට දුන්නා කැමති කට්ටියට ගන්න කියලා. මම ඒක මාස 06 ක් හිටියා. ඒ වගේම තමයි අපි සේවය නොකර දවස් 180 කට වැඩිය හිටියොත් නැවතත් Initial Training කරන්න ඕනේ. ඒ කියන්නේ අපි Fly කරන්නේ නැතුව මාස 6ක් එක දිගට ඉන්න බැහැ. ඉතිං මේ මාසේ ඉඳන් වැඩ පටන් ගන්නවා No Pay එක තව දික් කරන්න බැහැ තීරණයක් ගන්න කියලා. මට ජොබ් එක කියන එක වැදගත් නිසා මම ජොබ් එක තෝරගත්තා.හැමදේටම වැඩිය මට ජොබ් එක වටිනවා කලාවත් වටිනවා එත් මම කලාවට එන්න කලින් කරපු අනික මම ආසාවෙන් කරන රස්සාව ඉතින් එකට මම මුල් තැන දුන්නා.

දිනිති කියමුකෝ බලන්න The Voice Sri Lanka ලැබුණු දේවල් මොනවාද කියලා .ඇත්තටම මට මේක ලොකු අවස්ථාවක්. මට ලංකාවේ ඉන්න ඉහලම තලයේ ගායක ගායිකාවන් එක්ක තමයි මම මේ වැඩේ කලේ. සිරස හැමදාම මාත් එක්ක හිටියා. මම නිවේදන කටයුතු පටන් ගත්තේ ෆිල්ම් ස්ටාර් එකෙන්. ඒ හින්දා තමයි මට මේ චාන්ස් එක දුන්නේ. මම සිරසට ඇත්තටම ස්තූතිවන්ත වෙනවා මාත් එක්ක හැමවෙලේම හිටියාට.මාව විස්වාස කරලා මාව මේ වැඩේට ගත්තාට, මේක පටන් ගන්නත් කලින් දවසේ ඉඳන් සමාජ මාධ්‍ය තුලින් මඩ ගහන්න ගත්තා. ඒ අය බැලුවේ නැහැ මට මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක. The Voice Sri Lanka මම නිවේදිකාව කියලා දැන ගත්ත ගමන් ගහන්න පටන් ගත්තා. මම කවුද? මම මොනා කරන කෙනෙක්ද? මම මේක කරයිද කියලා දන්නේ නැතුව තමයි මඩ ගහන්න ගත්තේ. සිරස හැමදාම මාත් එක්ක හිටියා. හැමදාම පුළුවන් උපරිම මට උදව් කලා. මාව උඩින් තිබ්බා හැම අවස්ථාවකදීම. මට වැටෙන්න දුන්නේ නැහැ. භාතිය අයියා, ශෂික අක්කා ඇතුලු හැමෝම මට ගොඩක් උපදෙස් දුන්නා ඒ ගැන. මගේ කාර්යභාර්යය ඉවරයි. ඉතිං සුපුරුදු පරිදි රැකියාව කරගෙන ඉන්නවා.සිරසටත් මම මගේ උපරිමයෙන්ම කරා.

ඔබව නිවේදිකාවක් ලෙස බොහෝ දෙනා දැන හැදින ගෙන හිටියේ නැනේද ඒ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ.මාව ගොඩක් මිනිස්සු අඳුර ගෙන හිටියේ නිළියක් විදිහට. Blind Audition එකේ මගේ නිවේදන හැකියාවක් පෙන්වන්න අවස්ථාවක් හම්බුනේ නැහැ හරියට. Blind Audition එකේ නිවේදිකාවකට ඇත්තටම කරන්න දෙයක් තිබුනේ නැහැ. ඒත් සිරස මේ මිනිස්සු කියන කතන්දර නිසා Intro Extort දාලා වැඩසටහන පටන් ගත්තෙත් මම ඉවර කලෙත් මම. එහෙම මට සිරස හදලා දුන්නේ මිනිස්සු මට කියන කතා වලට මට නිවේදනය කල හැකි කෙනෙක් කියලා පෙන්වන්න ඕනේ නිසා තමයි ඒ අවස්ථාව හදලා දුන්නේ.ඇත්තටම මම ස්තුති වන්ත වෙනවා සිරසට ඒ කරපු දේවල් වලට.

මේ දවස්වල ඔබගේ ටෙලි නාට්‍යය වැඩකටයුතු ගැන කිව්වොත්?ඇත්තෙන්ම මම ගොඩක් වැඩ භාර ගත්තෙ නැහැ මේ Voice එක හින්දා. මම කරපු වැඩ තුනක් තියෙනවා එන්න. ස්වර්ණවාහිනි නාලිකාවේ මේ මාසේ ඉඳන් එකක් විකාශය වෙන්න නියමිතයි. අනිත් එක ITN නාලිකාවේ. මම රැකියාව එක්ක ගොඩක් වැඩකටයුතු භාර ගන්නේ නැහැ. ඊට අමතරව රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් එන්න තියෙනවා. තව චිත්‍රපටක් සඳහා අත්සන් කරලා තියෙනවා.ඉදිරියේදී ඒක බලාගන්න පුළුවන් ඊට පස්සේ කල්පනා කරලා බලන්න ඕනේ මොකද රැකියාවත් එක්කම මට කලාව කරගෙන යන්න පුලුවන්ද බැරිද කියන එක.

දිනිති අවසානයට ඔබගෙන් අහන්නේ රංගන ජීවිතය ගැන ඔබ මෙතෙක් ආපු ගමන ගැන තෘප්තිමත්ද ඔබ ?අවංකවම ඔව්. රංගනය මගේ රැකියාව නෙමෙයි. ඒ නිසා මම වැඩ ඉල්ලගෙන පස්සෙන් යන්නෙත් නැහැ මට හම්බෙන වැඩක් කරනවා විතරයි. මට හම්බෙන වැඩවලිනුත් මම කරන්නේ මට ආස වැඩේ. ඒ වැඩේ කොච්චර හොඳ වුනත් ලොකු ගානක් දෙන්නම් කියලා මොනා කිව්වත් මම ඒ චරිතයට කැමති නැත්නම් කොහොමත් කරන්නේ නැහැ. මම අලුත් කෙනෙක් මට චාන්ස් එක දෙන්න කැමතියි. අලුත් කෙනෙක්ව දකින්න කැමති අය ඉන්න නිසා. මම තෝරා බේරා ගැනීමක් ලොකුවට කරනවා. මම රස්සාවක් කරන කෙනෙක්. මට හැමදේම බදාගෙන කරගෙන කරන්න බැහැ. ඒ අයත් අමාරුවේ වැටෙනවා මාවත් අමාරුවේ වැටෙනවා. මම මේ රඟපෑම කරන්නේ සල්ලි වලට නෙමෙයි. ඒකට ගානක් හම්බෙන එක වෙනම කතාවක්. ඇත්තම මම ආසාවෙන් කරන දෙයක්. රස්සාව කරන ගමන් ලැබෙන නිදහසෙන් දෙයක් කරන්නේ මම සතුටින් ඉන්න ඕනේ නිසානේ. නැත්නම් ගෙදර ඉන්න වෙලාවට නිදා ගන්න එක ඊට වඩා සතුටක්නේ. මට ආත්ම තෘප්තියක් ලැබෙන දෙයක් තමයි මම කරන්නේ.රංගනය නිසා මම මේ වෙද්දී ගොඩක් ප්‍රසිද්දයි ජයප්‍රියයි ඉතින් ඒ ගැනත් මම සතුටු වෙනවා,කියලා තමා ඒ කතා බහට එක්වුණු දිනිති වල්ගමගේ පවසා සිටියේ.

1

 

2

 

3

 

4

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්