Aug
4

මවක් වීමට දින ගනිමින් සිටින දිනක්ෂි සාරංග සමග ගෙවන ජීවිතේ

 
12296 Views
   
 

සාරංග දිසාසේකර කියන්නේ අපි කවුරුත් දන්න දක්ෂ කලාකරුවෙක්නේ.රංගන ශිල්පියෙක්,නිරූපන ශිල්පියෙක්,නිවේදකයෙක්, හඬ කැවීම් ශිල්පියෙක් වගේම ගායකයෙක්ද වෙනවා.අද වනවිට මේ සියලු ක්ෂේත්‍රවල පණ පොවන ඔහු ව්‍යාපාරිකයෙක්ද වනවා.පුංචි තිරයේ මෙන්ම සිනමාවේත් එක ලෙසම ජන හදවත් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ඔහුට තිබෙනවා.ඒ නිසාම තරුණ තරුණියන් රැසක්ම ඔහු වටා එක් රොක් වී ඉන්නවා.එහි ප්‍රථිපලයක් විදිහට තමයි ඔහු වසර ගණනාවක්ම එක දිගටම ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනා ගන්නේ.ඉතින් ඔහු කාලෙකට කලින් විවාහ වෙනවා.ඒ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන උමාලි සමඟයි.නමුත් විවාහ වී කෙටි කාලයකින් ඔවුන් වෙන්වෙනවා.ඉන් පසුව කාලයක් තනිවම සිටි සාරංග නැවත විවාහ වෙනවා.ඒ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ප්‍රියසාද් පවුලේ වැඩිමල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් සමඟයි.

දිනක්ෂි කියන්නෙත් පුංචි තිරයෙන් අපට නිතරම වගේ දැකගන්නට පුලුවන් වුන නිලියක්.ඒ වගේම නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් සහ නිරුපන ශිල්පිනියක් විදිහටත් දිනක්ෂිව හඳුවන්න පුළුවන්.ඉතින් දැන් ඔවුන් විවාහ වී ටික කාලයක් වෙනවනේ.ඉතින් දැන් දිනක්ෂි සහ සාරංග මවුපියන් දෙපලක් වෙන්නලු යන්නේ.ඒ කියන්නේ දිනක්ෂි මේ වන කොට ගැබිණි මවක්ලු.ඒ කාරනාව දැන් මුළු රටම දන්නවා.මොකද හිරු ටීවී හි විකාශය වන හිරු සුපර් ඩාන්සර් තරගයේ මෙහෙයවීම් කටයුතු කරේ මේ දෙන්නනේ.ඉතින් දැන් සති ගානකට කලින් මොවුන් ඒ කටයුතු වලින් ඉවත් වෙලා ඒ වෙනුවට කාවිංග සහ ශේශාද්‍රි භාරදීලා තියෙනවා..ඉතින් කොහොම නමුත් උතුම් වූ මව් පදවියට සුදානම් වෙන සුරූපී රංගන ශිල්පිනිය දිනක්ෂි ප්‍රියසාද් එන්න එන්නම ලස්සන වෙනවා කියලා ඇගේ ආදරණිය ප්‍රේක්ෂකයින් පවසනවා ඉතින් දැන්නම් දිනක්ෂි ඉස්සර වගේ නෙවෙයි මවක් වෙද්දී මහත් වෙනවනේ දිනක්ෂිත් දැන්නම් එන්න එන්නම මහත් වෙනවා ඉතින් රටම ආදරේ කරන දිනක්ෂි සහ ඇයගේ ආදරණීය සැමියා වන රංගන ශිල්පී සාරංග දිසාසේකරට අපි සුබ පැතුම් එකතු කරන ගමන් චායාරූප පෙලකුත් ඔබ වෙත ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්