Oct
22

කොරෝනාවේ බලපෑම 2022 වර්ෂයටත්

 
393 Views
   
 

කොරෝනා වසංගතය ලබන වසර දක්වා(2022) බලපෑම් කරනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.අඩු ආදායම් ලාභී රටවල එන්නත්කරණය පමාවීම වසංගතය ව්‍යාප්ත වීමට මූලිකවම බලපාන බව එම සංවිධානය පවසයි. බොහෝ රටවල 40% ක ජනගනයක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති අතර, ගෝලීය රටවල් අතරින් ධනවත් රටවල් එන්නත්කරණය සම්පුර්ණ කරමින් සිටියද , සංවර්ධනය වෙමින් පවතින හා දිළිදු රටවල් එන්නත්කරණය අතින් මන්දගාමී වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. අවශ්‍ය එන්නත් තොග නොමැති බව හා කළමනාකරණ ගැටලු බොහෝ දිළිදු රටවල් වල එන්නත්කරණය මන්දගාමී වීමට ඍජුවම බලපා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අප්‍රිකානු කලාපයේ 5% ක පිරිසක් සඳහා පමණක් එන්නත්කරණය සිදුව ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විද්‍යාඥයින් මින් පෙර ප්‍රකාශ කලේ සෑම රටකම 40% ක ජනතාවක් එන්නත්කරණයට ලක් කිරීමෙන් ගෝලීය වසංගතය නිමා කළ හැකි බවයි. COVAX වැඩසටහන යටතේ දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් ලබාදීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය ,සහ ඕස්ට්‍රේලියාව වැනි ධනවත් රටවල් එකඟතාව පලකලද එහි ප්‍රායෝගික තලයේ ගැටලු පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් භාර ජේෂ්ඨ නායක ආචාර්යවරයකු පවසයි.

මේ අතර බ්‍රිතාන්‍ය දිළිදු රටවල් සඳහා එන්නත් මාත්‍රා කෝටි 10ක් ලබාදීමට එකඟතාව පලකල ඇති අතර ඉන් මිලියන 10 කට වැඩි එන්නත් ප්‍රමාණයක් මේ වනවිටත් ලබාදී ඇත. එන්නතක් විදගැනීමට තබා එය හීනයක් බවට පත්වූ ලෝකයේ බොහෝ රටවල් අතරින් අපගේ ශ්‍රී ලංකාව කෙතරම් ඉදිරියෙන් සිටිනවාදැයි සිතද්දී පවා විශාල ආඩම්රයක් දැනෙන අතර, කිසිදු හිඟයකින් තොරව එන්නත් තොග මෙරටට ගෙන්වා සාර්ථක එන්නත්කරණයක් සිදු කරන වත්මන් නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා රණවිරු සුවවිරු සියලු දෙනාටම හදවතින්ම ස්තූති විය යුතුය.එයට නිසි වටිනාකමක් දීම ජනතාව වන අපගේ යුතුකමයි. රෂිකා සඳමාලි හෙන්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්