Jun
18

නිරෝධායන නීති කඩ කර මංගල සාදයක් පැවැත්වු පිරිසකට නඩු

 
1669 Views
   
 

කල්පිටිය කන්දකුලිය ගම්මානයේ ඊයේ දින රාත්‍රි නීරෝධායන නීති කඩ කරමින් මංගල සාදයක් පැවත්වු පිරිසක් නීරෝධායන ලක්කර නඩු පැවරිමට කටයුතු කල බව කල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ නඩු පැවරිමට කටයුතු යොදා ඇත්තේ නිවස හිමිකරුට වන අතර එම සාදයේ නීරෝධායන නීති කඩකරමින් බිමත්ව රැගුම් පෑ තවත් පස් දෙනෙකු නිරෝධායනයට ලක්කර පිසිආර් පරික්ෂණ සදහා යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ .

වාර්තා වන අන්දමට ඊයේ දින රාත්‍රියේ කන්දකුලියේ පැවැත්වු මෙම මංගල සාදයේ දෙවන දිනයට පොලිසියෙන් හා සෞඛ්‍ය අංශ වලින් අවසර ඉල්ලා තිබුනද එය ලබා නොදිමේන් පසුව රාත්‍රි 10 පසුව මෙම මංගල සාදය පවත්වා ඇති බවත් එයට 100 කට අඩු පිරිසක් එක්වි ඇති බවද කියයි.

කෙසේ වෙතත් අදාල මංගල සාදයට එක්වු පිරිසෙන් තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් නටමින් මෙම අවස්ථාව සජීවිව මෙම අවස්ථාව අන්තර් ජාලයට මුදා හැර ඇති බවද පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ අදාල මංගල සාදයේ දර්ශන උපයෝගි කර ගනිමින් අදාල පිරිස හදුනා ගත් බවයි . කෙසේ වෙතත් අනෙක් පිරිස හදුනා ගැනිමට පරික්ෂණ අරඹා ඇති බව කියයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්