Jul
5

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉදිරි සති දෙක තීරණාත්මකයි

 
2603 Views
   
 

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් වැඩි වශයෙන් හමුවීමත් සමඟ ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට සාර්ස් වෛරසය පිළිබඳව ගවේෂණ කාර්යයක නිරතවූ මහාචාර්ය මලික් පීරිස් ප්‍රකාශ කළා. ඒ, බී.බී.සී. සිංහල සේවය සමඟ සංවාදයකට එක්වෙමින්.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගැනීමෙන් අනතුරුව මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත් තොගයේ පළමු කොටස ලබාදෙන කණ්ඩායම් පිළිබදව ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දෙන බව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඇමරිකාවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් ශ්‍රී ලංකාව ඇණවුම් කර තිබූ අතර අද අලුයම ඉන් මාත්‍රා 27,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන එනු ලැබුවා. මේවා විශේෂිත අධි ශීතකරණ තුළ ගබඩා කිරීම සඳහා රැගෙන එනු ලැබුවේ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙතයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද එම ස්ථානයට පැමිණ සිටියා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසර තුළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම අද දිනයේත් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සිදුකෙරෙනවා. ත්‍රිවිධ හමුදා රෝහල්වල එන්නත් ලබාදීම අද සිට ආරම්භ කෙරුණු අතර, එම රෝහල්වලදී වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම සිදුකෙරෙනවා. 60ට වැඩි පුද්ගලයින් සඳහා ගාල්ල, මාතර, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලදී සිදුකෙරෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 1573 දෙනා අතරින් වැඩිම පිරිසක් එනම් 249 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැණුනා. ඉන් 110 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 221 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මහනුවර, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා. එමෙන්ම, වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිත රෝගීන්ට ආහාරපාන ලබාදීම සෞඛ්‍යාරක්ෂිතව සිදුනොවන බවට රෝගීන් පිරිසක් චෝදනා කළා. සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට හඳුනාගත් ගාල්ල ප්‍රදේශයේ තරුණියගේ සේවා ස්ථානයෙන් කොරෝනා ආසාදිත තවත් පිරිසක් හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය දැයි මෙතෙක් තහවුරු වී නැ’හැ. ඩෙල්ටා ප්‍රභේදය සහ පවතින අවධානම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අදහස් පළ කළා. මේ අතර බී බී සී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වූ මහාචාර්ය මලික් පීරිස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ තවමත් කොරෝනා එන්නත් ලැබී ඇත්තේ සියයට විස්සකට ආසන්න පිරිසකට පමණක් වන බැවින් ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර ගියහොත් වඩාත් දරුණු තත්ත්වයක් උදා විය හැකි බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්