Dec
2

අනියම් සැමියාට දාව උපන් මාස හතේ දරුවා සහ බිරිඳව තිදරු පියා බාරගනී

 
4581 Views
   
 

මීට වසර එකහමාරකට පමණ පෙර තමා හා දරුවන් තිදෙනා හැරදමා වෙනත් තරුණයෙකු සමඟ පැන ගොස් වසන් වී සිටි බිරිඳ සහ අනියම් පුරුෂයාට දාව උපන් මාස හතක් පමණ වයසැති බිළිඳු දරුවා බාර ගැනීමට තරම් කාරුණික සැමියෙකු පිළිබඳ පුවතක් බළංගොඩ පොලීසියේදී අනාවරණය විය.

මොවුන් පදිංචිව සිටියේ ආනමඩුව ප්රදේශයේය. ඒ වන විට වයස අවුරුදු 12, 07 සහ 03 යන වයස් වල දරුවන් තිදෙනෙකු මෙම පවුලේ සිටියත් ඔවුන්ද සැමියාද හැරදමා දුරකථනයෙන් පෙම් බැඳ බළංගොඩ රජවක ප්රදේශයේ තරුණයෙකු සමඟ පැන ගොස් මාස 18 කට වැඩි කාලයක් සැමියාට සොයා ගැනීමට නොහැකි වන සේ හොර රහසේ ජීවත් වූ මෙම බිරිය තමා හා දරුවන් හැර ගොස් සොර සැමියෙකු සමඟ ජීවත් වන බව පොලීසියට පැමිණලි කිරීමෙන් පසුව බිරිය සහ අදාළ පුද්ගලයා බළන්ගොඩ පොලීසියට කැඳවා පරීක්ෂණයක් සිදු කර තිබේ.

අවසානයේ තම දරුවන් තිදෙනා දුටු සැණින් මවද වාවා ගත නොහැකි කණගාටුවකින් දරු තිදෙනා වැළඳගෙන නීත්යානුකූල සමඟ යළි ජීවත්වීමට යෑමට එකඟත්වය පළ කළාය.

මේ වන විට පසුව හඳුනාගත් තරුණයාට දාව උපන් දරුවා ලොකු මහත් වන තුරු ඇති දැඩි කිරීමට එකඟත්වය පළ කළ මෙම සැමියා, බිරියත් තම දරුවන් තිදෙනාත් බිළිඳු දරුවා සමඟ යෑමට වාහනයට ගොඩ වෙද්දී අනියම් සැමියා සුන් වූ බලාපොරොත්තු මත පිටවී ගියේය.

 

බළන්ගොඩ – පියසේන එන්. හේවගේ 

(මව්බිම පුවත්පත)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්