Dec
29

ඉලෝන් මස්ක් සහ චීනය අතර අභ්‍යාවකාශ සටන ඇරඹෙයි

 
1899 Views
   
 

Space X Pසමාගමේ ප්රධානී ඉලොන් මස්ක්ට එරෙහිව චීන බලධාරීන් හා චීන වැසියන් දැවැන්ත මට්ටමේ ප්රහාරයක් සමාජ මාධ්ය හරහා දියත් කර තිබෙනවා.

මේ පිළිබඳව වාර්තා කරමින් ප්රංශ පුවත් සේවය පැවසුවේ මස්ක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අභ්යවකාශ ඒජන්සිය වෙත නිල මට්ටමෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද චීනය කටයුතු කර ඇති බවයි.

චීනයේ අභ්යවකාශ මධ්යස්ථානය සහ Starlink චන්ද්රිකා එකිනෙක ගැටීමේ අවදානමක් මතුව තිබීම මෙම තත්ත්වයට බලපා තිබෙනවා.

මෙම චන්ද්රිකාවන් සමඟ ගැටීම වැලැක්වීම සඳහා සිය අභ්යවකාශ මධ්යස්ථානය අවස්ථා දෙකක දී ගමන් මාර්ගය වෙනස් කළ බවයි චීනය පැවසුවේ.

මෙහිදී අවසන් මොහොත දක්වාම අවදානම හඳුනා ගැනීම වඩාත් අපහසු මට්ටමක පැවති බවද චීනය පවසනවා. මෙය ටියෑන් ගොන් අභ්යවකාශ මධ්යස්ථානයේ ගගනගාමීන්ගේ ජීවිතය සෘජු මට්ටමේ තර්ජනයකට ලක් කිරීමක් බවටයි සිය පැමිණිල්ල මගින් චීනය පෙන්වා දී ඇත්තේ.

මෙහිදී ඉලොන් මස්ක් විවේචනයට ලක් කළ මෙම වාර්තාව මිලියන 90 ක පිරිසක් විසින් අනුමත කර තිබීම විශේෂත්වයක්. Starlink ව්යාපෘතියේ චන්ද්රිකා 12000ක් මගින් සමස්ත ලෝකය පුරා වාණිජ මට්ටමේ අන්තර්ජාලය සැපයීමට නියමිතයි. මෙම චන්ද්රිකා සංඛ්යාව 42,000 ක් දක්වා වර්ධනය කිරීමටද නියමිතව තිබෙනවා.

මේ අතර චීන සමාජ මාධ්ය ගිණුම් තුළින් පෙන්වා දී තිබුණේ ස්ටාර්ලින්ක් ව්යාපෘතියේ චන්ද්රිකා අභ්යවකාශ අවි බවට පත් වීමට වැඩි ඉඩක් පවතින බවයි. මෙය අනාගතයේදී බරපතළ තත්ත්වයක් මතු කිරීමට හැකියාවක් ඇති බවද චීන සමාජ මාධ්ය ගිණුම් තුළින් පෙන්වා දී තිබුණා.

මේ යටතේ ටෙස්ලා මෝටර් රථ වර්ජනයක් සඳහාද වහාම චීනය යොමු විය යුතු බවටයි යෝජනා ඉදිරිපත් වී ඇත්තේ. මේ වන විට ටෙස්ලා මෝටර් රථ වලින් 25% ක් චීනය විසින් මිලදී ගනිමින් පවතින අතර නව අර්බුදය ඊට බලපෑම් කරනු ඇති බවයි ජාත්යන්තර මාධ්ය පවසන්නේ.

මේ වනවිටත් ජාත්යන්තර සමාගම් කිහිපයක්ම චීනය තුළ ක්රියාත්මක වීම සීමා කර තිබෙනවා. මෙම ලැයිස්තුවට ටෙස්ලා මෝටර් රථ සමාගම එක් කිරීම පිළිබඳ මේ දක්වා නිල මට්ටමේ ප්රකාශයක් නොපවතින බවද ජාත්යන්තර මාධ්ය වාර්තා කළා.

මෙහි දී චීනය විසින් ඉදිරිපත් කළ වාර්තාවෙන් පෙන්වා දී තිබුණේ දහස් සංඛ්යාත ස්ටාර්ලින්ක් චන්ද්රිකාව තුළින් සිය අභ්යවකාශ මධ්යස්ථානය නියත මට්ටමේ අවදානමකට ලක්වන බවයි. හාර්වඩ් සරසවියේ පර්යේෂක ජොනතන් මැක්ඩොනල්ඩ් පැවසුවේ පෘථිවි කක්ෂයේ පවතින යානා හදිසියේ කක්ෂය වෙනස් කිරිම සාමාන්ය තත්වයක් බවයි.

හදිසි අවස්ථාවන් තුළ ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය පවා එවන් ක්ෂණික මට්ටමේ පියවර වෙත යොමුවන බවද ඔහු පැවසුවා. මේ වන විට පෘථිවි කක්ෂය දහස් සංඛ්යාත සුන්බුන් පවතින බැවින් සෑම මොහොතකම අවධානමක් මතු වන බවද ඔහු පැවසුවා.

මේ අතර චීන වාර්තා තුළින් අවධාරණය කර තිබුණේ ස්ටාර්ලින්ක් මෙහෙයුම තුළින් සමස්ත අභ්යවකාශ මෙහෙයුම් බරපතළ මට්ටමේ අවධානමක් කරා ගමන් කරමින් පවතින බවයි. මෙය අනපේක්ෂිත මට්ටමේ අනතුරු මතුකළ හැකි බවටද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර අභ්යවකාශ තරගය තුළ චීනයට පවතින දැවැන්තම අභියෝගය ඉලොන් මස්ක් හරහා එල්ල වෙමින් පවතින බවයි ජාත්යන්තර මාධ්ය පවසන්නේ. මීළඟ සඳගමන සහ අඟහරු ජනාවාස අභියෝගය මස්ක් විසින් ජය ගැනීමට වැඩි ඉඩක් පවතින බවද එම වාර්තා පැවසුවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්