Jun
13

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි

 
1216 Views
   
 

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ එම මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු මෙම ඉදිකිරිම් තාවකාලිකව අත්හිටවු බවයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ.

මහජන අදහස් හා මහාමාර්ග හා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වුවහොත් අදාළ සැලැස්ම සංශෝධනය කිරිමට රජය සුදානම් බවත් ඒ අනුව අදහස් ලබාගැනීම මේ අනුව සිදු වන බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

මෙම සැලැස්ම සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹීම ඉදිරි සති දෙක තුළ සිදු කෙරෙන බව ද ඔහු කියාසිටියා.

පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාපතනයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර මෙම යටවීමට එක් හේතුවක් වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බවටයි චෝදනා එල්ලවූයේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්