Jan
1

“අද වෙනකල් මම රඟපාපු නාට්‍යයක් මමවත් බලලා නෑ” – ධනුක දිල්ශාන්

 
2253 Views
   
 

මේ දිනවල ‘පියාඹන මූණිස්සම්’ හි චරිතය හරහා ධනුක දිල්ශාන්ට ඉහළ ප්රතිචාර ලැබෙනවා. කාලෙකට පස්සේ ටෙලි නාට්යයකින් මුණගැසෙන ධනුක දිල්ශාන් සමග කාලෙකට පස්සෙ අපිත් සොඳුරු කතාබහකට මුල පිරුවා.

මේ දවස්වල පියාඹන මූනිස්සම් නාට්යයේ වැඩ කටයුතු කෙරීගෙන යනවා. වැඩ කීපයක් භාර අරන් තිබුණත් රූගතකිරීම් පටන්ගන්නත් කලින්ම ඒවා කල් ගියා. වැඩක් නැත්නම් ගෙදරට වෙලා චිත්රපටි බලන එක තමයි විනෝදාංශ.

මේ කතාබහේදී ධනුක හරි උනන්දුවෙන් කිව්වේ ඇමරිකානු ප්රසිද්ධ චිත්රපට අධ්යක්ෂවරයකු වන ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපට ගැනම විතරයි. ඒ කියන්නේ ධනුකට හොඳ සිනමා රසයක් ඇති. ඒ වගේම අපි අහලා බැලුවා දවසින් දවස අලුත් මුහුණු බිහිවෙන කලාවේ තරගකාරිත්වයත් එක්ක ධනුකගේ ගමන මන්දගාමී වෙන්නෙ නැද්ද කියලත්.

කලාවට අලුතින් කට්ටිය සම්බන්ධ වෙනකොට තමයි ඉන්ඩස්ට්රි එක හැදෙන්නේ. ඉන්දියාව ගත්තොත් නළු නිළියෝ සෑහෙන්න ඉන්නවා. එක කට්ටියක් නැති වෙනකොට දක්ෂ අලුත් පරපුරක් ඉදිරියට එනවා. ඒක තමයි විය යුත්තේ. එහෙම වුණා කියලා වැඩ නැති වෙන්නෙ නෑ. “

නළුවෙක් විදිහට තමන්ගේ පැවැත්ම තියාගන්න කුමක්ද කළ යුත්තේ කියලත් ධනුකගෙන් අහලා බැලුවා..

නළුවෙක් වුණාම කවදාවත් හිතන්න හොඳ නෑ මගේ ජනප්රියත්වය දිගටම පවත්වගෙන යන්න ඕනේ කියලා. ඒක රැකගන්න උත්සාහ කරනවා කියන්නේ නළුකමට බයයි වගේනේ. රංගනය විතරක් නෙවෙයි අපි හැමදේම ඉගෙනගන්න ඕනේ. මේ ලෝකෙ හැමෝම චරිතනේ. රඟනොපාන එක විතරයි වෙනස. මම කියන්නේ හැදෑරීමක් තියෙනවා නම් තමන්ගේ පැවැත්ම ඉබේම ඇති වෙයි.”

ධනුක දිල්ෂාන්ගේ ජීවිතේ තවත් එක් සොඳුරු කඩඉමක් තමයි තණමල්විල කොල්ලෙක් කියන්නේ. ඒ කොල්ලට තාමත් හොඳ ප්රතිචාර ලැබෙනවා කියලත් ආරංචියි. 

මම කාගෙන්වත් අහන්න යන්නෑ මගේ රඟපෑම්. මම හරි බයයි පාරකවත් බැහැලා යන්න නළුවෙක් විදිහට. එක වෙලාවකට ජනප්රියත්වයත් හරි වදයක්. යන යන තැන කෙල්ලො කොල්ලො දැක්කොත් වටකරගන්නවනේ. නමුත් ඒ කාලේ ලැබුණ සහ ඇතැම් විට දැනටත් ලැබෙන ප්රතිචාරවලින් තේරෙනවා තණමල්විල කොල්ලෙක් කියන්නේ බොහෝ දෙනෙක් ආසාවෙන් බලපු නාට්යයක් කියලා. මිනිස්සු බලන්න ඕනත් ඒ වගේ කතා. මට වුණත් කටක් ඇරලා කියන්න පුළුවන් බලපන් මේ නාට්යය කියලා. නිර්මාණ බිහිවිය යුත්තේ මිනිස්සුන්ව මොට කරන්න නෙවේ. රසවින්දනය වැඩි කරන්න. මම පාරක බැහැලා ගියත් පුළුවන් තරම් හැංගිලා මම ධනුක දිල්ෂාන් නොවන ගාණට තමයි යන්න බලන්නේ.”

ධනුක කියපු මේ කතාවෙ නම් ඇත්තක් තියෙනවා. මොකද ධනුකගේ ගෙදර ඉඳන්ම මේ සාකච්ඡාවට සහභාගි වෙන්න කොළොම්තොටට ඔහුව රැගෙන ආව රියැදුරු මහත්තයත් මේ අර නළුවා නේද කියලා දැනගත්තේ අපේ මේ සාකච්ඡාව අහවර වුණාටත් පස්සේ. 

වර්තමානයේ දක්ෂ රංගන ශිල්පියෙක් වුණත් ඔහුගේ මූලාරම්භය ටෙලි නාට්ය රංගනයම නෙවේ. ඔබට මතකනම් ධනුක මීට වසර හයකට පමණ මෙහෙයවූ ගීත වැඩසටහන් සහ අතිශය ජනප්රිය වුණු ගීත රූප රචනා. මේ ජනප්රියත්වයට මූලික අඩිතාලම දාගන්න උදව් කළේ ලහිරු මුදලිගේ කියලා තමයි ධනුක කිව්වේ. 

ඊට පස්සේ පාරක බැහැලා යන්න බැරි තරමටම පුදුමාකාර ප්රසිද්ධියක් වගේම ප්රේක්ෂක ආදරයක් ධනුකට ලැබුණලු. සමහර ගීතවලට පෙනී හිටියත් ජීවිතේට ඒ ගීත ධනුකවත් අහලා නෑ කියලත් ඔහු කිව්වා. ඉන්පස්සේ රංගනයට අවතීර්ණ වුණු ධනුක රුවන් මාලිගා නාට්යයේ සහාය චරිතයකින් නාට්ය ගමන ආරම්භ කරනවා. ඔය අතරේ නඩුවලට මුහුණ දෙන්න වුණ සිදුවීමක් ගැනත් කිව්වේ මෙහෙම. 

එකපාර නාට්ය දෙකක් භාර ගත්තා කියලා තමයි ඒ ප්රශ්නෙ වුණේ. අපි ගිවිසුම් ගහගෙනනේ වැඩක් කරන්නේ. මටත් ඒ කාලේ නළුවෙක් වෙන්න තමයි තදටම උණ තිබ්බේ. ඉතින් මං රුවන් මාලිගා එකේ ඉන්න ගමන් තවත් නාට්යයකට සම්බන්ධ වුණා. ඒ කාලෙ නම් එකපාර නාට්ය පහ හයත් කරලා තියෙනවා මං. කොහොමහරි නඩුත් කියලා අවසානේ සමාදානයෙන් නාට්ය දෙකම කරගත්තා. රවීන්ද්ර විජේරත්න, ප්රසන්න දිසානායක තමයි මට කලාවේ පාර කපලා දුන්නේ.”

මෙච්චර හැඩකාරයෙක්ට පෙම්වතියක් නැතිවෙන්න විදිහක් නැති වුණත් කලින් පෙම්වතියන් බොහොමයක් හිටියට මේ වෙනකොට නම් ඔහු තනිකඩයෙක් විත්තිය තමයි දැනගන්න ලැබුණේ. ඉතින් අපි අහලා බැලුවා ආදරය කියන දේ ධනුකට කොහොමද දැනෙන්නෙ කියලත්… 

“දැන් අවුරුදු හතරක පහක ඉඳන් මම තනිකඩයෙක්. මම ආදරේ කරන්නෙ අවංකවමයි. නමුත් මොනයම් හෝ හේතූන් නිසා ඒ දේවල් නැති වුණා. ආදරය කියලා මම නම් දකින්නේ බුදුහාමුදුරුවන්ගේ ආදරය විතරයි. ඒක දෙමාපියන්ට වෙනම, පෙම්වතියට වෙනම ඇති වෙන ජාතියේ ආදරයක් නෙවේ. මම මෙයාට වඩා අරයට ආදරෙයි කියලා ආදරේ බෙදන්න මට බෑ. බුදුහාමුදුරුවන්ගේ ආදරය මුළු ලෝක සත්ත්වයා වෙනුවෙන්මයි. මගේ ආදරෙත් එහෙමයි. මේ මොහොතේ මම ජීවත් වෙනවා. එච්චරයි. මම තනිකඩයෙක් වෙලාම ඉන්නත් ඉඩ තියෙනවා. “

කලා ලෝකෙ කාලෙන් කාලෙට මඩ නාගන්න පිරිස් අපිට හමුවෙනවා. නමුත් ධනුක කියන්නේ මඩවලින් පුළුවන් තරම් බේරිලා හරිම පරිස්සමෙන් තමන්ගේ ගමන යන කෙනෙක්. ඔහු කියන්නේ මඩ ගෑවෙයි කියලා හිතෙන තැන් බේරලා අඩිය තිබ්බොත් තමන්ට මඩ පාරවල් වදින්නෙ නෑ කියලයි. ඉතින් අපිට නම් ධනුක නළුවෙක් විතරක් වුණාට ගෙදරට ඔහු ආදරණීය පුතෙක්, සහෝදරයෙක්. ධනුකගේ සහෝදර සමාගමේ එක පුරුකක් මීට වසර ගණනාවකට උඩදි ගැලවෙනවා. ඒ සහෝදරයා ගැන වගේම සහෝදරිය ගැනත් ධනුක හඬ අවදි කළේ මෙහෙම. 

මගේ පවුලේ මමයි, නංගියි, මල්ලියි. මල්ලි 2001 වසරේදී තැලසීමියා රෝගයෙන් නැතිවුණා. සාමාන්යයෙන් තැලසීමියා කියන්නේ පරම්පරාවෙන් එන රෝගයක් කියලනේ සැලකෙන්නේ. නමුත් අපේ පරම්පරාවේ කිසිම කෙනකුට ඒ රෝගය නෑ. මල්ලිට එන්නත් කරපු බෙහෙතක් වැරදිලා තමයි තැලසීමියා රෝගයට හැරවිලා තියෙන්නේ. මාසෙන් මාසෙට එයාට ලේ දෙන්න වුණා. ඒ මාරු කරපු ලේවලින් අන්තිමට දියවැඩියාව වගේ එයාට නොතිබිච්ච ලෙඩත් ආවා. එතකොට නංගිට මාස හතරයි. අම්මා වැඩි හරියක් හිටියේ මල්ලි එක්ක රිජ්වේ එකේ. ඉතින් මං තමයි ගෙදරට වෙලා නංගිව බලාගත්තේ. නමුත් මල්ලි දුක් නොවිඳ නැතිවුණ එක හොඳයි. ඒ කෙටි කාලෙත් එයා සෑහෙන්න දුකක් වින්දා. නංගි ගැන කතා කළොත් දැන් ඇය විශ්වවිද්යාල ප්රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

ජනප්රිය මිනිස්සු බිහිවෙද්දි ඒ පුද්ගලයන්ගේ නම් විකුණන් කන ජාවාරම්කාරයොත් ඒ වගේම බිහිවෙනවා. මේ දේ අපේ රටේ බොහෝ කලාකරුවන්ට වෙච්චි දෙයක්. ඒ වගේ අකරතැබ්බෙකට ධනුකත් පහුගිය කාලෙක මුහුණ දුන්නා. 

දවසක් මම ගෙදර කාමරේට වෙලා ඉද්දි අම්මා ඇවිත් කිව්වා කවුද මන්දා මාව දන්න දෙන්නෙක් ඇවිල්ලා කියලා. මම ගිහින් බැලුවම ජීවිතේට දැකලා නැති ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි. බැලින්නම් මගේ නම පාවිච්චි කරලා කවුදෝ කෙනෙක් ලක්ෂ 12ක් ඉල්ලගෙන. මේ ගෑනු කෙනත් දීලා. සල්ලි ඉල්ලලා තියෙන්නේ වාහනයක් ගන්න කියලලු. පස්සේ එහෙම්මම මගේ තාත්තත් එක්කම දෙන්නව පොලිසියට යැව්වා පැමිණිලි කරන්න.”

මෙතෙක් රඟපෑ චරිත අතරින් ධනුකට අභියෝගාත්මක සහ තෘප්තිමත්ම චරිතය මොකද්ද කියලත් අපි විමසුවා. ප්රශ්නෙ අහලා ඉවර කරන්නත් කලින් ඔහු දුන් පිළිතුර දීප්ත. ධනුක කිව්වේ ජීවිතේ ආසාවෙන්ම කළ චරිතය දීප්ත නිසාම ඒ චරිතය ඔහුට විශාල අභියෝගයක් වූ බවයි. 

ඉතින් අඩහෝරාවකට ආසන්නව සිදුකළ රසබර කතාබහට අවසානයක් එක් කරමින් ධනුක අපිට දුන්නේ ඔහු ගැන තවත් අපූරු හෝඩුවාවක්… 

අපේ අම්මා නම් කැමති රඟපානවට වඩා මම මියුසික් වීඩියෝවල ඉන්නවට. එතකොට මාව නිතර නිතර රූපවාහිනියේ පේනවනේ. හැබැයි රඟපාපු හැම නාට්යයක්ම ඉතාම ආසාවෙන් බැලුවා. නමුත් අද වෙනකල් මම රඟපාපු නාට්යයක් මමවත් බලලා නෑ කිව්වොත් ඔයා පුදුම වෙයි. මම මෙතෙක් ලංකාවේ නාට්යවලින් බලලා තියෙන එකම නාට්ටිය කූඹියෝ විතරයි.”

 

එරන්දි කෞෂල්‍යා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්