Aug
27

මෙරට දෛනික කොවිඩ් ආසාදිත ම රණ 200 ඉක්මවයි, අද ආසාදිතයින් 4561ක්

 
1370 Views
   
 

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත ම රණ 214 ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) තහවුරු කළ මෙම ම රණ 214 ත් සමගින් මෙරට සමස්ත ම රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 8371ක් ලෙසටයි. ඊයේ තහවුරු කරනු ලැබූ ම රණ අතරට කාන්තාවන් 94ක් සහ පිරිමි පුද්ගලයන් 120ක් අයත්.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව වාර්තා කළ වැඩිම ම රණ සංඛ්‍යාව ද මෙයයි. මෙම ම රණ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ ම රණ 5ක් වනවා. ඒ පිරිමි පුද්ගලයන් 3ක් සහ කාන්තාවන් දෙදෙනෙකු වශයෙන්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 34ක් සහ කාන්තාවන් 24ක් මියගිය පිරිසට අයත්. අවුරුදු 60සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 83ක් සහ කාන්තාවන් 68ක් මෙම ම රණ 214 අතර වනවා. මේඅතර අද දිනයේදී මෙරටින් හමුවූ ආසාදිතයන් ගණන 4561ක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්