May
29

ශ්‍රී ලාංකීකයන්ගේ යුතුකම

 
598 Views
   
 

මේ මොහොතේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුධයකට මුහුණ දෙමින් ඇත. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට විදෙස් සංචිත නැත. ඒ අස්සෙන් බෝඩ් ලෑල්ලක් ඔසවා ගෙන පුද්ගලයෙකු සිටින ෆොටෝවක් අන්තර්ජාලයේ සැරිසරනු දුටුවෙමි. එපා ලංකාවට ඩොලර් එවන්න එපා සංක්ෂිප්ත තේරුම එයය. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක සිටිනා බව සෑම දෙනාම දන්නා කරුණකි. එලෙස විදේශ විනිමය අර්බුදය සිටින විට ඩොලර් එවන්න එපා යැයි කීමෙන්, එවන්න එපා යැයි කියන අයගේ අම්මා තාත්තා මෙන් බිරිඳද පෝලිම් වල සිටිනවා යයි යයි ඔවුන් අමතක කරන්නේද ?

අපට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ග තුනක් පැවතිණි. පළමුවන්න විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, දෙවැන්න සංචාරක කර්මාන්තය, දෙවැන්න විදේශ ණය විය. මෙම ආකාර ත්‍රිත්වයන්ගෙන් අපගේ ආනයන පියවා ගැනීමට අප රට අතීතයේ සිටම පුරුදු වී සිටියහ. සරලව මේ මොහොතේ කොරෝනා වසංගතය නිසා හා අධික ණය බර නිසා ආනයන වියදම් පියවා ගැනීමට බැරි තත්වයක් උද්ගතව ඇත. එනම් ණය වාරික හා පොළී ගෙවීමකින් තොරව පවා රටේ අත්‍යවශ්‍ය අපනයන සිදු කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇත. එවැනි පසුබිමක් තුල, ශ්‍රී ලංකා බැංකු පද්දතියට විදේශ ශ්‍රමිකයන් විසින් මුදල් නොඑවා සිටීම තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද. සරලවම මේ මොහොතේ ආර්ථිකය තුල සිදුවන දේ පහත ආකාරයෙන් ජනතාවට අවබෝධ කර දීමට හැකිය.

විදේශයේ සේවය කරනා ශ්‍රමිකයන් ශ්‍රීලංකාවේ බැංකුවට උපයන ඩොලර් හෝ ඕනෑම විනිමය මාධ්‍යක් බැංකුව හරහා පවුලට එවයි. එවිට බැංකු පද්ධතිය තුල ඩොලර් එක්වීමක් සිදුවේ. ශ්‍රීලංකාව තුල සිටින ශ්‍රමිකයාගේ පවුලේ අයට බැංකුව හරහා රුපියල් ලබා දීමෙන් එම ගනුදෙණුව අවසන් වේ. විදේශ ශ්‍රමිකයා එවන මුදල් බැංකුව විසින් පවුලට ලබා දීම තුලින් බෝඩ් ලෑලී ඔසොවා සිටින කණ්ඩායම් පවසන ආකාරයට හොරකම් කිරීමක් සිදු නොවන්නේ යැයි මහබැංකු අධිපතිතුමා මෑතකදී ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රාථමික ක්‍රියාවලියෙන් පසුව එළඹෙන්නේ මෙහි දෙවන අදියරයි.

එසේ ශ්‍රමිකයන්ගෙන් (මෙයට අමතරව සංචාරකයන්ගෙන්,ආයෝජකයන්ගෙන් හා විදේශ ණය වලින්) බැංකු පද්ධතියට එකතු වන ඩොලර් වලින්, රටට අවශ්‍ය බෙහෙත්, ඉන්දන, ගෑස් මිලදී ගැනීමේ විදේශ වෙළඳ කටයුතු සිදු කිරීම සිදු කරනු ලබයි. මන්ද අන්තර්ජාතිව වෙළඳ කටයුතු වලදී රුපියල් භාවිතා වීමක් සිදු නොකරන බැවිනි. මේ මොහොතේ රට තුලට ඩොලර් එවන්න එපා කියා බෝඩ් ඔසවාගෙන සිටින පුද්ගලයන් අමතක කරන්නේ ඔවුන් මුදල් නොඑවන විට රටට මේ වෙලාවේ අත්‍යවශ්‍ය ද්‍රවය මිලට ගැනීමට නොහැකි වීම බවත්, එමගින් පාලකයාටත් වඩා භාණ්ඩ හිඟවීම නිසා අසීරුතාවයට පත්වන්නෙ තමාගේම පවුලේ අය සහ රටවැසියන් බවත්‍ ය.

බෝඩ් ලෑල්ලක් ඔසවාගෙන විදෙස් මාධ්‍ය තුල රටේ මිනිසුන් පෝලිම් වල තබන රඟපෑම් වලට වඩා රට වෙනුවෙන් මේ මොහොතේ තමාගේ ප්‍රේෂණ නීත්‍යානුකූලව රට තුලට එවන්නට හැකි නම් එය මහත්මා ගති ලක්ෂණයක්‍ ය. එසේ ඔබ සිදුකිරීමට කැමති නැතිනම් රට ගැන, පවුල ගැන, රට වැසියා ගැන ඔබට හැඟීමක් නැතිය. බොරුවට බෝඩ් ලෑල්ලක් උස්සා කෑ මොර දීමට වඩා කොඩි කණුවක් ගෙන පශ්චාත් භාගයේ ගසා ගැනීම ඇත්තටම ජෙනුයින්‍ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්