Dec
26

21 වන සියවසේ විස්මිත නිර්මාණය, ජේම්ස් වෙබ් දුරේක්ෂයේ විස්මිත ගමන ඇරඹේ

 
1836 Views
   
 

මිනිසා මෙතෙක් නිර්මාණය කළ බලවත්ම අභ්යවකාශ දුරේක්ෂය වන නාසා ජේම්ස් වෙබ් දුරේක්ශය ඊයේ (25) අභ්යවකාශය වෙත යොමු කෙරුණා. රාත්තල් 14000ක උපකරණ සහිතවයි ඇමරිකාවේ ඊසාන දිග වෙරළ තීරයේ සිට මෙම දැවැන්ත මට්ටමේ දුරේක්ෂය අභ්යවකාශය වෙත යොමු කෙරුණේ.

වසර බිලියන 13කට පෙර තත්ත්වයන් පවා යලි කාලය හරහා ආපසු දැකීමේ හැකියාවද දුරේක්ෂයට හිමි වී තිබෙනවා. ඩොලර් බිලියන 10ක් වැය කළ මෙම දුරේක්ෂය මෙතෙක් පෘථිවිය තුළ නිපදවා පවතින දැවැන්තම දුරේක්ෂයයි. ප්රංශ ගායනාවන් ගමන් අරමුණු දුරේක්ෂය සාර්ථක මට්ටමෙන් ගමනේ නිරතවන බවයි නාසා ආයතනය පැවසුවේ. දුරේක්ෂය පෘථිවියේ සිට සැතපුම් බිලියනයක දුරකින් සූර්යයා සහ පෘථිවිය අතර කලාපයේ රැඳවීමට නියමිතයි.

මෙහිදී නියමිත කක්ෂය වෙත ළඟාවීම සඳහා දුරේක්ෂය මාසයක පමණ කාලයක් ගත කිරීමට නියමිත වනවා. නියමිත කක්ශයේදී දුරේක්ෂයේ කොටස් දිග හැරීමට නියමිත වන අතර මෙය මෙහෙයුමට අදාළ අවදානම් කොටස ලෙසද නම් කර තිබෙනවා.

මේ සඳහා ගතවීමට නියමිත සති දෙකක කාලය Two Weeks Terror තත්ත්වයක් ලෙසද නම් කර තිබුණා. මෙම ආරම්භක මට්ටමේ පියවරයන් සාර්ථක වුවහොත් මාස 6 තුළ ජේම්ස් වෙබ් දුරේක්ශයේ පරීක්ෂණ කටයුතු ඇරඹීමට නියමිතයි. නව දුරේක්ෂය මගින් මූලික ඉලක්ක හතරක් සපුරා ගැනීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා. විශ්වයෙන් නිකුත් වූ පැරණිතම ආලෝකයන් හඳුනාගැනීම සහ සුපිරි මට්ටමේ දැවැන්ත කළු කුහර පිළිබඳව අධ්යයනය කිරීම එහි පළමු අරමුණයි.

සෞරග්රහ මණ්ඩලයෙන් බැහැර ග්රහලෝක සහ තාරකා හඳුනාගැනීම විශ්වයේ ජීවයට හිතකර කලාප පිළිබඳව සොයා බැලීමද මේ අතරට ඇතුළත් වනවා. විශ්වය තුළ පිටසක්වළ ජීවය පිළිබඳව සොයා බැලීම මෙන්ම ජලය ඇතුළු ජීවීන්ට හිතකර සාධක පිළිබඳවද දුරේක්ෂය මගින් රහස් රැසක්ම හෙළි කිරීමට නියමිතයි. මිනිසා ජේම්ස් වෙබ් දුරේක්ෂය තුළින් මුල්වරට පිටසක්වලයන් හඳුනා ගනු ඇති බවටයි විශ්වාසය පළ වන්නේ.

දැනට භාවිතයේ පවතින හබල් දුරේක්ෂයට වඩා ජේම්ස් වෙබ් දුරේක්ෂය විශේෂ හැකියාවන්ගෙන් යුක්ත වනවා. හබල් දුරේක්ෂ පෘථිවිය ආසන්නයෙන් රඳවා පැවතියද වෙබ් දුරේක්ශය පෘථිවියේ සිට සැලකිය යුතු දුරකින් කැඳවීමට නියමිතයි. හබල් දුරේක්ෂය ප්රධාන කාචය මීටර 2.4 ක් විශාල වන අතර ජේම්ස් වෙබ් දුරේක්ශයේ ප්රධාන කාචය මීටර් 6.5 ක් විශාල වනවා. දුරේක්ෂ තුළ ෂඩාස්රාකාර කොටස් 18 ක් පවතින අතර බෙරලියම් ලෝහය භාවිතා කරමින් එය නිපදවා ඇත්තේ.

මෙහි සෑම කොටසකම රත්රන් ආලේපනයක් යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා. වෙබ් දුරේක්ෂය තවත් විශේෂිත ලක්ෂණයක් වන්නේ මෙය අධෝරක්ත කිරණ හෙවත් inferate තාක්ෂණයක් සහිතව ක්රියාත්මක වීමයි. මෙහිදී වර්ණය සහ තාපය භාවිතා කරමින් දුරේක්ෂය මගින් සංඥා ලබා ගැනීමට ද නියමිත වනවා දුරේක්ෂයට කළු වර්ණය මගින් වඩාත් උණුසුම් කලාප ග්රහණය කරගත හැකි අතර රක්ත වර්ණය මගින් ගෑස් බහුල කලාප හඳුනාගත හැකි වනවා. විශ්වයේ පැරණි සහ නව තාරකාවන් හඳුනා ගැනීමට මෙම තාක්ෂණය වඩාත් සාර්ථක භාවිතයක් බවයි නාසා ආයතනය පැවසුවේ.

මහා පිපුරුම සමඟ නිකුත් වූ ආලෝකයන් පවා වසර මිලියන ගණනාවකට පෙර තත්ත්වයෙන් දැකීමට දුරේක්ශය තුළින් අවස්ථාව ලබාදෙන බවද නාසා ආයතනය පැවසුවා. මෙම තත්ත්වය තුළ ජේම්ස් වෙබ් දුරේක්ශයේ නම් කර තිබුණේ කාල යන්ත්රයක් ලෙසයි. යම් ආකාරයකින් විශ්වය තුළ පිටසක්වළ ජීවයක් පැවතිය හොත් මේ සම්බන්ධයෙන් ස්ථිර මට්ටමේ නිගමනයකට එළඹීමටද වෙබ් දුරේක්ෂය මගින් අවස්ථාව ලබා දෙන බවයි නාසා විද්යාඥයන් පැවසුවේ. දුරේක්ෂ මගින් නැරඹීමේදී දිස්වන තරු සහ මන්දාකිණි වසර මිලියන ගණනකට පෙර පැවති තත්ත්වයෙන් දිස්වීමද විශේෂිත වනවා.

විශ්වය අභ්යන්තරයේ පවතින වායු වළාකුල් හරහා විනිවිද දැකීමේ විස්මිත හැකියාවක්ද දුරේක්ෂයට හිමිවී තිබෙනවා. ජේම්ස් වෙබ් දුරේක්ශයේ සූර්ය ආවරණය පවතින කලාපය සෙල්ශියස් අංශක 110 ක උෂ්ණත්වයෙන් යුතුව නිරන්තරව පැවතිය හැකි බවටයි උපකල්පනය කර තිබුණේ.

මෙහිදී දුරේක්ෂය රැඳවීමට නියමිත කලාපය සෙල්සියස් අංශක – 230ක වඩාත් අවම මට්ටමේ උෂ්ණත්වයක පවතිනවා. මන්දාකිණි තුළින් නිකුත් වන දුර්වල සංඥා හඳුනා ගැනීම සඳහා දැඩි ශීතල කලාපයක දුරේක්ෂය පැවතීම වාසිදායක බවයි නාසා ආයතනය පවසන්නේ. දුරේක්ෂයේ සූර්යයාවරණය ඇතුළු කොටස් අතිශය දැවැන්ත වන අතර මෙය රොකට්ටුවකට පවා ඇතුළු කිරීමට අපහසු තත්ත්වයක් ලෙසද නම් කර තිබුණා.

මෙම කොටස් රොකට්ටුව තුළ හකුලා පවතින අතර නියමිත කක්ෂයට පැමිණි පසුව ඒවා ක්රමයෙන් දිග හැරීමට නියමිතයි. එසේ දුරේක්ෂයේ කොටස් දිග හැරීමට ගත වන කාලය මෙම මෙහෙයුමේ තීරණාත්මක සමය ලෙස ද නම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සුභවාදී බලාපොරොත්තු තබා පවතින බවයි නාසා ආයතනය පැවසුවේ. 2022 සිට වසර 10ක කාලයක් ජේම්ස් වෙබ් දුරේක්ශයේ මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට නියමිතයි.

මේ වන විට ජීවීන් සම්බන්ධයෙන් වැඩි සැකයක් පවතින බ්රහස්පති සහ සෙනසුරුගේ චන්ද්රයන් පිළිබඳවද වෙබ් දුරේක්ෂය මගින් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත වනවා. මෙතෙක් විශ්වයේ සම්බන්ධයෙන් මිනිසා නොදන්නා අභිරහස් රැසක්ම මේ මගින් අනාවරණය වීමට නියමිත බවද අනාවැකි පළවී තිබුණා. වසර 30ක කාලයක් ගතකළ ජේම්ස් වෙබ් මෙහෙයුමට නාසා ආයතනය, යුරෝපා අභ්යාවකාශ ඒජන්සිය සහ කැනේඩියානු අභ්යවකාශ ඒජන්සිය සම්බන්ධ වී තිබෙනවා. දුරේක්ෂ සක්රීය මට්ටමට පත් වීම සමග ටවල් 44ක විද්යාඥයන් වෙත දුරේක්ෂය භාවිතා කිරීමේ අවසරය හිමි වීමට නියමිතයි. මෙය 21 එක්වන සියවසේ දැවැන්තම විද්යාඥ ජයග්රහණය ලෙසද නාසා සජීවී විකාශය තුළ දී හෙළිකර තිබුණා.

මෙසේ පෘථිවියෙන් පිටත් වූ වෙබ් දුරේක්ෂය සිය පළමු සංඥාව ඕස්ට්රේලියාව වෙත ලබාදීමට නියමිතයි. මෙහි දී පර්යේෂණ මධ්යස්ථානය වෙත දුරේක්ෂය හරහා ඊ-මේල් පණිවුඩයක් ලැබීමට නියමිතයි. පෘථිවියෙන් දුරස්වන කාල පරතරය තුළ ලෝකයේ විවිධ පර්යේෂණ මධ්යස්ථාන සමඟ මෙම යානය සම්බන්ධ වීමට ද නියමිත වනවා. නාසා විද්යාඥයින් ගේල්න් මේගල් පැවසුවේ මේ වන විට දුරේක්ෂය පැයට සැතපුම් 25000 ක වේගයෙන් නියමිත ඉලක්කය කරා ගමන් කරමින් පවතින බවයි.

සෘජු මාර්ගයක් වෙනුවට මෙහිදී සැලසුම් කළ මාර්ගයක් තුළ මෙම ගමන ක්රියාත්මක වෙමින් පවතින බවයි අනාවරණය කළේ. දුරේක්ෂ මගින් ලබාගැනීමට නියමිත පළමු දර්ශන පිළිබඳ මේ දක්වා එකඟතාවයක් නොපවතින බවද හෙළි කර තිබුණා. මෙම දර්ශන පෘථිවියට හිමිවන අවස්ථාව දක්වා විද්යාඥයන් දැඩි කුතුහලයකින් පසුවන බව ද අනාවරණය කෙරුණා. මේ අතර නව සහ විද්යාඥ බෙන්ජමින් පෝක් පැවසුවේ ජේම්ස් වෙබ් දුරේක්ශය මිනිස් සංහතියේ දියුණුව පෙන්නුම් කරන බවයි. මෙවන් දියුණු මට්ටමේ දුරේක්ෂයක් නිපදවීම මානව සංහතියේ විශේෂ අවස්ථාවක් ලෙස ද නම් කර තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්