Oct
20

දේශීය ලොකු ළූණු ගොවියාට හොඳ මිලක්

 
477 Views
   
 

දේශීය ලොකු ළූණු මිල ඉතාමත් සාධනීය මට්ටමක ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙළඳ සංගමය පවසයි. 1kg ක් ස්ඳහා රුපියල් 150/= ක මුදලක්මේ වනවිට ලැබෙන අතර ඉතිරි සති දෙක ඇතුලත එය රුපියල් 200/=ක් පමණ වේ යැයි එම සංගමය පවසයි. අනුරාධපුර ,පොලොන්නරුව ,සහ මාතලේ යන දිස්ත්‍රික්ක වල ලොකු ළූණු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතී. ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑම් 1ක් වෙනුවෙන් රුපියල් 40/=ක බදු මුදලක් අය කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන් දේශීය ලොකු ළූණු මිල ඉහළ ගිය බව ව්‍යාපාරිකයන් පවසයි.දේශීය ලොකු ළූණු කිලෝග්‍රෑම් 1ක ගැනුම් මිල රුපියල් 130 සිට 150 අතර පවතී.

ගොවීන් පවසන්නේ මෙම මිල ඔවුන්ට ලැබුණු හොඳ අවස්ථාවක් බවයි. කෙසේ වෙතත් දේශීය ගොවියා ආරක්ෂා කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණ බව කාටත් රහසක් නොවේ.මේ එය සමාජයට හුවා දැක්වීමට එක් උදාහරණයක් පමණි. (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්