Mar
12

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා ආනයන සීමා පැනවීම සාධාරණද ?

 
1751 Views
   
 

පිට රටින් ගෙන්වන භාණ්ඩ සීමා කර­මින් එම භාණ්ඩ සඳහා ආදේ­ශන මෙර­ට­දීම නිෂ්පා­ද­නය කිරීමේ ක්‍රියා­ව­ලි­යත් මේ වන විට මෙරට තුළ සිදු වෙමින් පවතී.

අද වන විට මුළු ලෝකයේම සංවර්ධිත වේවා, සංවර්ධනය වෙමින් පවතින හෝ වේවා නැත්නම් පහළ සංවර්ධන වේගයක් වාර්තා කරන රටවල් වේවා මේ සියල්ලන්ගේම ආර්ථිකයන්ට කොවිඩ් 19 වසංගතය උදෙසා දැඩි අහිතකර බලපෑමක් ඇති වී තිබෙනවා.

මේ තත්ත්වයෙන් වන පීඩාවන්ගෙන් මිදීමට තනි රටක් ලෙස අපට පුළුවන්කමක් නැහැ. අප රට අද වන විට අන්තර්ජාතික වශයෙන්, ගෝලීයව, ලෝකය හා සහසම්බන්ධ වී ඇති රටකි . ඒ නිසා මේ ආකාරයේ පීඩාවන්ට අපට රටක් සමාජයක් ලෙස මුහුණදීමට සිදුවීම හුදෙකලා සිදුවීමක් නොවෙයි. සත්‍ය එය වේ. අප මුහුණ දෙන්නෙ අපේ ප්‍රශ්නයකට වඩා ලෝක ප්‍රශ්නයකට. ඒ බව අපි තේරුම් ගත යුතුයි.

එවැනි ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ ඕනෑම රටක ආර්ථික ක්‍රියාකාරකම් වේවා, සාමාජයීය, දේශපාලනික ඕනෑම ක්‍රියාකාරකමක් නිසියාකාරයෙන් ක්‍රමානුකූලව විධිමත්ව සිදු වන්නේ නැත. සෑම අංශයකම බිඳ වැටීමක් සිදුවේ. මෙහිදි වි‍ශේෂයෙන් ආර්ථික වශයෙන් ගතහොත් වෙළෙඳාමක්, ව්‍යාපාරික කටයුත්තක්, අලුත් ආයෝජනයක් දිරිමත් ලෙස සිදුවන්නේ නැත.

සෑම රටකටම තිබෙන ආදායම් මාර්ගවලට ප්‍රශ්න මතු වේ. ආයෝජන නැත්ස් . සංචාරක ඉපැයීම් දුර්වල වී ඇත. වෙළෙඳාමක් නිසියාකාරව සිදුනොවේ . ඒ නිසාම රජයන්ට බදු ආදායම් ලැබෙන්නෙ නැත . විදේශ රැකියා සඳහා පිටත්වීම් නැහැ. ඒ නිසාම විදේශ ප්‍රේෂණ ලැබීම් නැත. මෙවැනි පොදු ප්‍රශ්න ගණනාවක් මතු වීම සාමාන්‍ය තත්ත්වයකි.

අපට තිබෙන අර්බුදය ජය ගන්න අප වගකීමෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් විදේශ විනිමය රැක ගැනීමට ක්‍රියා කළ යුතුයි.

මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම ඉතා වැදගත් වේ. අපි අපේ ආනයන භාණ්ඩවලින් රටේ නිපදවිය හැකි දේ මෙරට කිරීමට උනන්දු විය යුතුයි. එයට ආණ්ඩුව අපේ නිෂ්පාදකයාට උදව් කළ යුතුයි. නිෂ්පාදන වියදම් අඩු ක්‍රමවේද, තාක්ෂණය, දැනුම සපයා දිය යුතුයි. බැංකු ණය පහසුකම් සපයා දිය යුතුයි

🟥 ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ආනයනය පාලනය කෙරේ . ඊට අදාළ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත. එය 2022.03.10 සිට ක්‍රියාත්මක වන බව අපනයන සහ ආනයන පාලක දෙපාර්තමේන්තුව සඳහන් කරයි 🟥

🔲 කිරි සහ එෆ් ආශ්‍රිත නිශ්පාදන
🔲 ඇපල්, දොඩම් , මිදි ආදී පළතුරු වර්ග
🔲 සැකසූ ආහාර වර්ග
🔲 චොක්ලට් වර්ග , පැස්ටා, බෝතල් කල ජලය
🔲 ආනයනික මත් පැන්වර්ග, දුම් වැටි
🔲 සුවඳ විලවුන් වර්ග , රූපලාවණ්‍ය ද්‍රව්‍ය
🔲 ක්‍රීඩා පාවහන්
🔲 වායුසමීකරණ යන්ත්‍ර
🔲 ශීතකරන
🔲 රෙදි සෝදන යන්ත්‍ර
🔲 කැමරා
🔲 රූපවාහිනී සහ අත් ඔරලෝසු

යන ඒවා ඉන් කොටසකි.

වත්මන් ආර්ථික තත්ත්වය කළමනාකරණය සඳහා සීමිත කාලයකට ආනයනය සීමා කිරීමට රජයේ අපේක්ෂාවයි . මහබැංකු නිර්දේශ අනුව එය ක්‍රමවේද තුනක් යටතේ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ,

🔷 තෝරා ගත් ආනයනික භාණ්ඩ සඳහා බදු පැනවේ.

🔷 එම භාණ්ඩ ආනයනයට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්‍ය කිරීම.

🔷 ඇතැම් ආනයන භාණ්ඩ වලට බදු සහ බලපත්‍ර අනිවාර්‍ය කෙරේ.

මේ අතර රටේ පවත්නා ආර්ථික තත්ත්වය ප්‍රසස්ත මට්ටමකට කලමණාකරනය කරමින් වඩා යහපත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට ආනයන සීමා කිරීමේ ක්‍රමෝපායන් ඉවහල් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ විශ්වාසය පල කරති.

මේ සියලු තීන්දු තීරණ හමුවේ රටේ විදේශ විනිමය රදවා ගැනීමත් , රටේ දේශීය නිශ්පාදන ඉහළ නැංවීම්ත් ප්‍රධාන අරමුණු වේ. එය ආර්ථිකය නගා සිටුවීමට මහත් පිටුවහලක් වේ. රජය ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දරයි. පවතිනා සියලු ආර්ථික අභියෝග හමුවේ , රට එක් සේසත් කර යළි ගොඩ නැංවීමට හැකි වන්නේ වත්මන් රජයට පමණක් බව බුද්ධිමත් ජනතාව තෙරුම් ගෙන අවසන්ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්