Oct
28

ඇවන්ට්ගාර්ඩ් වත්කම් හොයන්න ගිය චම්පිකගේ නො පනත්කම් අල්ලස් කොමිසමට යයි

 
643 Views
   
 

ඇවන්ට් ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගේ වත්කම් පිළිබද පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට චම්පික රණවකගේ 43 සේනාංකය නමින් වන සංවිධානයක් පසුගියදා කටයුතු කරනු ලැබීය. ඇවන්ට් ගාර්ඩ් අධිපතිවරයාගේ වත්කම් කොපමණද කියා දැන ගැනීමට මෙරට රට වැසියෝද කැමැති වනවාට සැක නැ ත. ඉහළම පංතියේ ධන කුවේරවරුන්ගේ ධනවත්කම් ඔවුන්ගේ ජීවන රටා ආදිය දැන ගන්න සාමාන්‍ය මිනිස්සු ස්වභාවයෙන්ම කැමතිය. ඒ කොහොම වුණත් චම්පික රණවක ඇතුළු පිරිසට ඇවන්ට් ගාර්ඩ් අධිපතිගේ වත්කම් ගැන නැවත සොයන්නට හිතුනේ ඇයිද පැහැදිලි නැ ත. මන්ද චම්පිකලාගේ යහපාලන කාලයේදී මේ වත්කම්, දේපොළ ගැන ඇති පදම් සොයා තිබිණි. එක රුපියලක් හෝ නීති විරෝධීව උපයාගෙන තිබේ දැයි සොයා ගැනීමට ඒ අවුරුදු පහේ සෑහෙන්න වෙහෙසුනත් සොයා ගැනීමට හැකිවුයේ නැ ත.

එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය අපරාධ කොට්ඨාශය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තමන් දන්නා සෙල්ලම් සියල්ල දමා ඇවන්ට් ගාර්ඩ් අධිපතිගේ සහ එම සමාගමේ සියළු මුදල් ගනුදෙනු, බැංකු ගිණුම් එදා නැවත නැවත පරික්ෂා කර තිබිණි. කොටින්ම මේ බැංකු ගිණුම් අංක සහිතව ප්‍රසිද්ධ කර එක රුපියලක් හො රටට වංචාකර ඇතිදැයි සොයන ලෙස ඇවන්ට් ගාර්ඩ් අධිපතිවරයාද අභියෝග කළේය. එහෙත් ඒවා ගැන කිසිදු චෝදනාවක් එල්ල වූයේ නැ ත. අවසානයේ බොරු නඩු පටලා තාඩන පීඩාවන් කිරීම හැර වෙනකක් කිරීමට චම්පිකලාට වෙන කරන්න දෙයක් තිබුණේ නැ ත. දැන් අධිකරණය ඒ බොරු නඩු වලින් ඇවන්ට් ගාර්ඩ් අධිපතිව නිදොස් කොට නිදහස් කර තිබේ.

එහෙත් චම්පිකලා තවමත් ඇවන්ට් ගාර්ඩ් අධිපතිව අල්ලාගෙන දඟලන්නේ එදා තමන් කළ ජඩකම් නිසා තමන්ගේ රෙදි ගැලවී නිරුවත් වීම වසා ගන්නය. මේවා නිකම් මාධ්‍ය සංදර්ශන පමණය. අමුතුවෙන් විය හැකි දෙයක් නැ ත. එය චම්පික ද හොඳාකාරවම දන්නා දෙයකි. එහෙත් මේවා කළා කියා චම්පිකලා යහපාලන කාලයේ දීපු මෙගා ගේම් වහගන්නට නම් නො හැකිය. මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන චම්පික සහ ඔහුගේ ගජ මිතුරන්ගේ දූෂණ වංචා පැමිණිලි ගැන විමර්ශන සිදුවෙමින් තිබේ.

මේ අතර අද දින ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සේවයෙහි නිරත සිටි චම්පිකලාගේ වැඩ නිසා සේවය අහිමි වී අසාධාරණයට ලක්වූ සේවකයන් 5200 කින් පමණ සමන්විත ඇවන්ට් ගාර්ඩ් සේවය අහිමි වූවන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට චම්පිකලාගේ දූෂණ වංචා ගැන පැමිණිල්ලක් බාර දී තිබිණි. එහි ප්‍රධාන කරණාව වූයේ එදා සුදු පිරුවට වලට මුවා වී රජයේ මුදල් මිලියන ගනනින් කොල්ල කමින් කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතට යාබදව පිහිටි අක්කර 2 යි රූඞ් 1 යි පර්චස් 21.4 ක් වූ විශාල ඉඩම, සී/ස ලේක් ලෙෂර් හොල්ඩිං සමාගමට (සහ රෑන්ක් කාර් පාර්ක් සමාගමට) අවුරුදු 50 කට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් බදු දීමේ ගනුදෙනුව හරහා කළ දූෂණයයි.

ඒ කතාව මෙහෙමය, 2007 වසරේදී රුපියල් මිලියන 2,785 කට මේ බදු මුදල තක්සේරු කර තිබිණි. එහෙත් අදාල සමාගම 2013 සැප්තැම්බර් 25 වෙන දින දක්වාම අදාල බදු මුදලෙන් ගෙවා තිබුණේ රුපියල් මිලියන 557 ක පමණි. එනම් අදාල සම්පූර්ණ මුදලෙන් සියයට 20 ක් පමණි. අදාල ඉඩමේ බදු අයිතිය සමාගම වෙත පැවැරීමට නම් ඉතිරි මුදලත් හා බදු ආදියත් සමඟ තවත් රු මිලියන 2220 කට වැඩි මුදල් නාගරික සංවර්ධන අධිකාරියට ලැබිය යුතු විය. එහෙත් යහපාලන ආණ්ඩුව පත් වෙන තෙක් ද ඒ මුදල් ගෙවීම හෝ ඒ සම්බන්ධයෙන් කළ සිහි කැඳවීම් වලට හෝ අදාල සමාගම කිසිදු ප්‍රතිචාරයක් ලබා දී තිබුණේ නැ ත. ගනු දෙනුවේ මුල් අදියර එසේය.

යහපාලන සෙල්ලම පටන් ගත් හැටි, අදාල සමාගම හා නාගරික සංවර්ධන අධිකාරිය අතර මෙම ඉඩම බදු දීම සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුම ප්‍රකාරව කටයුතු නො කිරීම මත නාගරික සංවර්ධන අධිකාරිය නෛතික පියවරයන් ගත යුතුව තිබිණි. ඒ අනුව. 2013 න් පසුව මේ ඉඩම වෙනුවෙන් නියමිත ගෙවීම නො කළ බැවින් මෙම ඉඩම යළි අධිකාරිය වෙත පවරා ගැනිමට නීතිමය පදනමක් තිබිණි. නමුත් 2016 දක්වා ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන තිබුණේ නැ ත. ඒ සම්බන්ධයෙන් අධිකරියේ නීති අංශය මඟින් අධිකාරියෙහි සභාපතිවරයාව දැනුම්වත් කිරීමද සිදු කර තිබිණි.

ඒ අනුව එම සමාගම විසින් පෙර ගෙවූ රු මිලියන 557 ක අත්තිකාරම් මුදල රාජසන්තක කර ඉඩම පවරා ගැනීමේ හැකියාවද තිබිණි. මේ අතර කාලය තුළ නො ගෙවූ හිඟ මුදල් වෙනුවෙන් සියයට 12ක් වාර්ෂික පොලී අනුපාතයට මුදල් එකතු වීමද විය යුතුය. එම මුදල්ද සමඟ හිඟ මුදල් ගෙවන ලෙස කළ දැන්වීමට කිසිදු ප්‍රතිචාරයක් සමාගමෙන් ලැබී නො තිබීම මත මෙම ඉඩම පහසුවෙන් රජයට කිසිදු අලාබයක් නො වන ලෙස යළි පවරා ගැනීමේ හැකියාව තිබිණි.

ගහපු හතරවරං ගැටේ, යහපාලන ආණ්ඩුව පත් වූයේ පෙර ආණ්ඩුවෙ කප්පරක් වැරදි කියාගෙනය. ඒ වැරදි නිවැරදි කරනු ඇතැයි රට වැසියෝද මහත් බලාපොරොත්තු සහගතව සිටියහ. එහෙත් සිදු වූයේ අනෙකකි. මේ බදු ඉඩම වෙනුවෙන් අදාල මුදල් නො ලැබීම මත එම ඉඩම යළි පවරා ගන්නා ලෙස එවකට විෂයභාර අමාත්‍යවරයා වූ මහා නගර හා බස්නාහිර පාළාත් අමාත්‍ය චම්පික රණවක නාගරික සංවර්ධන අධිකාරියට නියෝගයක් ද කර තිබිණි. එය නිවැරදිය. එය විය යුතුව තිබූ දෙයයි. එහෙත් ඒ රට වැසියාත් ආණ්ඩුවත් රැවැටූ ප්‍රයෝගයක් පමණක් බව හෙළි වූයේ පසුවය.

2016 මැයි 26 වන දින මහා නගර හා බස්නාහිර පළාත් අමාත්‍යංශය, රජයේ ඉඩම් සන්තක කර ගැනීමේ නීතිමය ප්‍රතිපාදන අනුව ඉඩම පවරා ගන්නා ලෙස නියෝග කෙරුණද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ ජගත් මුණසිංහ ඒ නියෝග කුණු කූඩයට දැමුවේය. ඇමැතිවරයාගේ නියෝගයක් එහෙම කුණු කූඩයට දාන්න තරම් හැකියාවක් අධිකාරියේ සභාපතිට තිබීම පුදුම සහගතය.

අධිකාරිය අමාත්‍යංශයට වඩා බලවත් වීම, අමාත්‍යංශයේ නියෝගය අනුව අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2017 පෙබරවාරි 07 වෙනිදා ගත් තීරණය වූයේ අදාල සමාගම සමඟ සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹෙන ලෙසත් ඒ වෙනුවෙන් නීති උපදෙස් ලබා ගන්නා ලෙසත්ය. එහෙත් අධිකාරියේ සභාපතිවරයා ඇතුලු ඉහළ නිලධාරීන් ඒ අනුව කටයුතු කළේ නැ ත. අත්තිකාරම් මුදල් රාජසන්තක කළේ නැ ත. ඉඩම පවරා ගත්තේද නැ ත. එහෙම නො වුණාට මේ තක්කඩි නිලධාරීන් සමාගම සමඟ සාකච්ඡා කර වෙන එකඟතාවයකට නම් පැමිණ තිබිණි. ඒ දූෂිත ගනු දෙනුවක් ගැන වූ එකඟතාවයකි.

අරුම පුදුම ගනු දෙනුව, සමාගම ගිවිසුම කඩකර වරදක් කර තිබියදීත්, රටේ නීතිය අනුව අත්තිකාරම් මුදල් රාජසන්තක කිරීම කළ යුතුව තිබියදීත්, අධිකාරිය සිදු කළේ සමාගම පෙර ගෙවා තිබූ රු. මිලියන 557 ට සියයට 12 ක පොලී මුදලක් ගනනය කර එම මුදල අදාල සමාගමට ආපසු ගෙවීමය. එය මුදලින් රුපියල 330,249,000.00 ක් හෙවත් රු මිලියන 330 කි. මෙවැනි අරුම පුදුම ගනු දෙනු මේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉතිහාසයේ තබා ලෝකයේ කොහෙවත් සිදු නො වූ අමුතු ගනු දෙනුවකි.

එපමණක් නො වේ. ඒ වන විට රජයේ තක්සේරුව අනුව ඉඩමේ බදු වටිනාකම රු මිලියන 3620 දක්වා ඉහළ ගොස් තිබිණි. ඒ අනුව පෙර ගෙවා තිබූ මුදල වන මිලියන 557 ත් ඒ වෙනුවෙන් අධිකාරිය ලබා දුන් අපූර්ව පොලිය වන මිලියන 330 ත් එකතු කර එනම් මිලියන 887.249 ක මුදල් , නව තක්සේරු මුදලෙන් අඩුකර ඉතිරි මුදලට ඉඩම සමාගම වෙත පැවැරීමට මේ අධිකාරියේ ලොක්කෝ, සමාගම හා එකඟ වී තිබිණි. එවිට රු මිලියන 2732.751 සහ බදු මුදල් ආදිය එකතු කළ වටිනාකමට ගනු දෙනුව තීන්දු විය.

වැරදිකරුට දොල පිදේනි දීම, බදු මුදල් ගෙවීම පැහැර හැරීම අදාල සමාගමේ වරදකි. නමුත් ඒ වරද අධිකාරියට පවරාගෙන සමාගමට පොලී මුදලකුත් ගෙවීම සිදු කර තිබේ. අධිකාරිය යනු ඉතිරිකිරීම් ගිණුම් පවත්වාගෙන යන බැංකුවක් නො වේ. සාමාන්‍යයෙන් තැන්පත් මුදලක් වෙනුවෙන් එතරම් පොලියක් බැංකුවක්වත් ගෙවන්නේ නැ ත. මේ පොලී මුදල ගෙවීම හා යළි ඉඩම එම සමාගමට පැවැරීම පිටුපස ඇති සඟවපු කතාව නම් මේ චම්පිකගේ ගෝල බාලයන් හරහා මිලියන ගනනක සංතෝසම් මුදලක් අත්පත් කර ගැනීමේ ඇත්ත කතාවයි. එමෙන්ම දැන දැනම රජයට කළ මිලියන සියගනනක පාඩුව බරපතල වැරැද්දකි. අනෙක් කාරණය නම් මෙම ඉඩම නියමිත ගිවිසුම් පරිදි පැවැරීම සිදු නො වී තිබුණත් එම ඉඩමෙහි ව්‍යාපාර කටයුතු කිරීම සමාගම විසින් සිදු කර තිබීමය. රථ ගාලක් ලෙස එම ඉඩමෙන් වසර ගනනාවක් ආදායම් උපදවා තිබිණි. ඒ කරුණ ගැන පවා අධිකාරිය නො සලකා හැර තිබිණි. අධිකාරිය දුෂණයට ඉඩක් නො තබා නිවැරදි ලෙස කටයුතු කළා නම් විය යුතුව තිබුණේ සමාගම ඉඩම බුක්ති විඳීම සහ ආදායමක් ලබා ගැනීමට අනුපාතිකව පෙර ගෙවා තිබූ අත්තිකාරම් මුදලට ඒ කොටසක් හිලව් කිරීමය. එහෙත් අධිකාරිය කළේ සියයට 12 ක අධික පොලියක් සමාගමට ගෙවීමය.

විගණකාධිපති හොර ගනුදෙනුව හෙළිකර ගැනීම, මේ ගනු දෙනුව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව 2017 මාර්තු 16 වෙනි දින නිකුත් කළ විගණන විමසුමෙහි ඉතා පැහැදිලිව දක්වා ඇති පරිදි මේ අයතා ගනු දෙනුවකි. හිතාමතා කළ වැරදි ගනු දෙනුවකි. මෙම විගණන විමසුමට අනුව 2017 දී රු මිලියන් 330 ක පොලී මුදල් ගෙවීමේ එකඟතාවය ඇතුලුව සමාගම හා පැමිණි එකඟතා ගිවිසුම සියල්ල රහසිගත ගනු දෙනු ස්වරූපයෙන් සිදුව තිබේ. කොටින්ම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පවා මේ ගනු දෙනු සඟවා ඇත. විෂයභාර අමාත්‍යංශයේ ලේකම්රයාගෙනුත් සඟවා ඇත.

සභාපතිගේ පෞද්ගලික තීන්දු, මේ තීන්දු තීරණ අධිකාරියේ සභාපතිවරයාගේ සහ ඔහුට හිතවත් ඉහළ නිළධාරීන්ගේ හිතුමතේට පෞද්ගලික තීරණ ලෙස ගැනීම නීති විරෝධී වේ. විගණන විමසුම අනුව රු මිලියන් 330 ක් අලාබයක් මේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනා සිදු කර තිබේ. එහෙත් යහපාලන යුගයේ චම්පිකලාගේ දේශපාලන මැදිහත් වීම මත මේ නිළධාරීන්ට එරෙහිව කිසිවක් සිදු කෙරුණෙ නැ ත. ඇමැතිවරයා මහා දූෂණ විරෝධියකු ලෙස පෙනී සිටියත් තමන්ගේ විශ්ව විද්‍යාල සමකාලීන මිතුරු සගයන් වූ මේ නිලධාරීන්ට එරෙහිව කිසිවක් කළේ නැ ත.

ඇමැති මේ දූෂිත ගනු දෙනුව ගැන නො දැන සිටියාද ?, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාම මේ සම්බන්ධයෙන් 2017 අප්‍රේල් මස 02 වෙනිදා රාවය පුවත් පතට සිදුකරන ලද ප්‍රකාශ අනුව, මේ ගනු දෙනු කිසිවක් ඇමැතිවරයා නො දැන සිදු කිරීමට හැකියාවක් නො මැති බව පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. මේ දූෂිත ගනු දෙනුව ඇමැතිවරයා නො දැන සිටි දෙයක් නො වේ. 2017 මාර්තු මස 27 වන දින මහා නගර හා බස්නාහිර පළාත් අමාත්‍යංශය විසින්ම සිදු කළ අභ්‍යන්තර විමර්ශනය මඟින් මේ ගැන ඇමැතිවරයා දැනුම්වත් කර තිබේ. නැවත 2018 පෙබරවාරී 05 වන දින එම අමාත්‍යංශ ලේකම් ඉංජිනේරූ නිහාල් රූපසිංහ මහතාද මේ දූෂිත ගනුදෙනුව ගැන, සාක්ෂි සහිතව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතවම දන්වා සිටියේ මෙය අතිශය දුෂිත ගනු දෙනුවක් බවය. එසේම සමාගමට ගෙවන ලද රු මිලියන 330 වහාම ආපසු අය කර ගත යුතු බවත් ඔහු දන්වා ඇතත් එකදු සතයක් හෝ අය කර ගත්තේ නැ ත.

වරද නිවැරදි කරන්න බැරි ඇයි? මේවා මෙහෙම වූයේ මේ රුපියල් මිලියන් 330 ක් සමාගමට ලාබයක් අත් පත් කර දීම වෙනුවෙන් මේ නිලධාරීන්ට සංතෝසම් වශයෙන් මිලියන් ගනනින් ලැබීම මත බව පැහැදිලිය. ඒ ගැන සිංගප්පූරුවේ වූ ගනුදෙනු ගැනද ඇතැම් තොරතුරු හෙළිව තිබේ. එහෙම නො වී මෙහෙම වැඩ වෙන්න වෙනත් විදිහක් නැ ත. මේ ඒවාට කප් ගහපු කට්ටියය. ඇමැතිවරයා මුල් අවස්ථාවේදී ඉඩම ආපසු පවරා ගන්න ලෙස දුන් නියෝගය නො සලකා සභාපතිවරයා කටයුතු කිරීම සහ මේ දූෂිත ගනු දෙනුවේ වරදකරුවන් අතටම අසුවී තිබියදී ඇමැතිවරයා ඔවුන්ට එරෙහිව කටයුතු නො කිරීම අතර ඇති සම්බන්ධතාවය මේ හොර කමේ අල ගිය මුල ගිය තැන් ගැන වටහා ගැනීම පහසු කරයි. ඒ කාලේ පැනමා පේපර්ස් වැනි කළු සල්ලි තැන්පත් කරන්න පහසුකම් තිබුණු විදේශගත ගිණුම් හිමි පුද්ගලයන්ද ගජ මිතුරන් වී රාජ්‍ය ආයතන වල ඉහළ නිලතල වලට පත් කර තිබුණු බවත් රහසක් නො වේ.

කොහොම හරි චම්පිකලාගේ යහපාලනයේ දූෂිත නාස්තිකාර කප්පරක් කතා අතර තවත් එක් කතාවක් එහෙම සිදුවිය. රජයට මිලියන 330ක් පාඩු කළ මේ වරද කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වියයුතුය. මීට අමතරව වෝටර්ස් එජ් ආයතනයේ නාමයෙන් කළ මිලියන සිය ගනනක අක්‍රමිකතා කිහිපයක් ගැනද ඇවන්ට් ගාර්ඩ් සේවක සංගමය බාර දුන් පැමිණිල්ලේ අඩංගුව තිබේ. ඇවන්ට්ගාර්ඩ් සේවය අහිමි වූවන්ගේ සේවක සංගමය පවසන්නේ, විදේශ විනිමය ඩොලර් බිලියන් ගනනින් මෙරටට ගෙන එමින් නීත්‍යානුකූල ව්‍යපාරයක් කළ ඇවන්ට්ගාර්ඩ් සමාගම විනාශ කර රණවිරු පවුල් 5200 ක් පමණ මහ මඟට ඇද දමා, අභූත අපරාධ චෝදනා එල්ල කරන මේ සුදු පිරුවටකාරයන්ගේ ඇත්ත හෙළිදරව් කිරීම කළ යුතු බවය.

මෙන්න බලන්න තවත් ගොසිප්