Feb
8

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමට ඇප් එකක්

 
652 Views
   
An app to send remittances to Sri Lankans abroad  

විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදවුම හෙවත් LANKA REMIT යෙදවුම හඳුන්වාදීම අද (08) සිදුවිය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට මුදල් එවීමේ ක්‍රියාවලිය පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා මෙමගින් ඉඩ සැලසෙයි.

LANKA REMIT ජාතික ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදීම නිල වශයෙන් සිදු කෙරුණේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදීය.

ඒ ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම LANKA REMIT ජංගම යෙදවුම හරහා ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකු ගිණුමකට ක්ෂණිකව මුදල් හුවමාරු කිරීමට අමතරව සෘජු බිල්පත් ගෙවීම් වැනි සේවාවන් ලබාගත හැකි වෙයි.

විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩිකිරීම සඳහා මෙන්ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් මෙය හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ,

“අපි ව්‍යාපෘති රැසක් ආරම්භ කරලා තිබෙනවා. ඇතැම් අය හිතනවා ඩොලර් හිඟයක් ඇතිවෙලා තියෙන්නේ අප සතුව ඩොලර් නැති නිසා කියලා. ඒත් අපිට ඩොලර් තිබුණේ නැත්නම්, අපි කොහොමද ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 22ක පමණ භාණ්ඩ ආනයනය කළේ ? ඒ කියන්නේ අපි සතුව ඩොලර් තියෙනවා. ඒ වගේම ඩොලර් සඳහා දැවැන්ත ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම අපි විදෙස් විනිමය සොයන්නත් ඕනේ. ඊට සහායක් වෙන්න. හරි විදිහට භාවිත නොවන ඩොලර් තියෙනවා නම්, අපේ රාජකාරිය හා වගකීම තමයි ඒවා එසේවීම අවම කිරීම හෝ ඉහළ විනිවිදභාවයකින් යුතු විකල්ප ක්‍රමවේද හඳුන්වාදීම.” 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා,

“ගුවන් ගමන් බලපත්‍ර අලුත් කිරීමේදීත් මේ ඇප් එක හරහා ගෙවීම් කරන්න පුළුවන් ආකාරයට වැඩිදියුණු කරන්න පුළුවන් නම් ඒක විශාල පහසුවක් වෙයි.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්