Jun
8

අධික වර්ෂාව හේතුවෙන් ගිලා බැසිමට ලක් වූ කොත්මලේ ජලාශය අසල මාර්ගය ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරේ (Photos/Videos)

 
1702 Views
   
 

අධික වර්ෂාව හේතුවෙන් ගිලා බැසීමට ලක් වු කොත්මලේ ජලාශය අසල නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇති බව නුවරඑලිය ආපදා කළමණාකරණ එක්කයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා ප්‍රකාශ කළා.

ඉකුත් මස (26) දින කොත්මලේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශ වේල්ල හරහා හරංගල නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන මාර්ගය හරහා ඉදි කර තිබු බොක්කුවක් ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට තිබෙනවා. ජලාශ වේල්ලේ සිට මිටර් 100 ක් පමණ එපිටින් ප්‍රධාන මාර්ගයේ අඩි 6 ක පමණ කොටසක් මෙසේ ගිලා බැසිමට ලක් ව තිබුණා. ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම නිසා ජලාශ වේල්ලට කිසිදු බලපැමක් එල්ල වි නොමැති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ. මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සඳහා මාර්ගය විවෘත කරන බවයි එම ජලාශ භාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

1

 

2

 

3

 

4

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්