Feb
7

ප්‍රවීණ ගායන ශිල්පිනී සමීතා මුදුන්කොටුව සිය ආදරණීය සැමියා චිරන්ත සමගින් සීතල නුවරඑළියේ ගිය සංචාරය

 
791 Views
   
 

ගායන ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ වගේම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමීතා මුදුන්කොටුව කියල කියන්නේ. එපමණක් නොවෙයි සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් ලෙසත් අපට ඇයව හදුන්වන්න පුලුවනි. සමීතා මහත්මිය පමණක් නොවෙයි ඇගේ පවුලේ සමාජිකයන් සියලුදෙනාත් සමාජ මාධ්‍ය තුළ ඉතාමත් ජනප්‍රියයි. කොහොමහරි ඉතින් අද අපි කතා කරන්න යන්නේ සිය පවුලේ සාමාජිකයන් සමගින් සතුටින් කාලය ගතකරන මේ ප්‍රවීණ ගායන ශිල්පිනිය සමිතාගේ අලුත් විස්තර පිළිබඳවයි

කොහොම නමුත් මීට දින කිහිපයකට කලින් සමිතා ඇගේ පවුලේ හැමෝමත් එක්ක විනෝද චාරිකාවක් ගිහිල්ලා තිබුනා. ඉතින් මේ විනෝද චාරිකාවට ඇගේ සැමියා චිරන්ත, දුව කාවින්ද්‍යා සහ පුතා ෂේන් එකතුවෙලා තිබුණා. මේ විදිහට පවුලේ හැමෝම එකතුවෙලා ගිහිල්ල තිබුනේ සීතල නුවරඑළියේ සුන්දරත්වය විදින්නයි

ඉතින් මේ විනෝද චාරිකාව අතර තුර ලබාගත් ලස්සන වීඩියෝවකුත් ඔවුන්ගේ Chirantha N Samitha යුටියුබ් කියන නාලිකාවට එකතු කරල තිබුණා. ඒ විදිහට වීඩියෝවක් එකතු කරපු සමීතානම් කියල තිබුනේ ගොඩක් කාර්‍යබහුල ජීවිතයක් ගත කරන නිසා මෙහෙම විනෝද ගමනක් ගිහින් හැමෝම එක්ක සතුටු වුනා කියලයි. ඒ විතරක් නොවෙයි මේ ගමනට එකතුවුණු සමීතාගේ දියණිය කාවින්ද්‍යාත් මේ විනෝද ගමන ගැන අදහස් දක්වලා තියෙනවා අපට දැකගන්නට ලැබුණා

ඉතින් ඇයනම් කියල තිබුනේ “හරිම ශෝක් ගමනක් නුවර එලිය කියන්න හරිම ආදරණිය මිනිස්සු ඉන්න පැත්තක්. අපිව දකින ගොඩක් මිනිස්සු ආදරෙන් වැලදගත්තා, ලගට ඇවිල්ලා කතාබහ කළා, ෆොටෝස් ගත්තා.” කියලයි. ඇත්තටම මේ විදිහට ගිය විනෝද චාරිකාවට එකතුවුණු චිරන්ත සමීතා වගේම කාවින්ද්‍යා, ෂේන් යන හතරදෙනාම ගොඩාක් සතුටු වෙලා වගේම විනෝද වෙලා තිබුණා

කොහොමහරි ඇයනම් කියන්නේ මීට කාලෙකට කලින් චිරන්ත සහ සමිතාගේ ආදර කතාව ගැන රටේම ලොකු කතාබහක් ඇතිවුනා විතරක් නොවෙයි හැමෝම වගේ තාමත් ඒක ගැන කතා කරනවා කියලයි. ඉතින් මේ වගේ ලස්සන ජිවිතයක් ගතරමින් ඉන්න සිටින සමිතාගේ සහ චිරන්තගේ ලස්සන කැදැල්ල තව තවත් සුන්දර වෙන්න කියල අපි හදවතින්ම ප්‍රර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්