Jul
2

මාස 3 ක් යන්නත් කලින් ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් මහරූෆ් ඉල්ලා අස්වෙයි.

 
647 Views
   
Farveez Maharoof  

අංක 2325/05 දරන ගැසට් නිවේදනය යටතේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පසුගිය මාර්තු 27 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව තාක්ෂණික කමිටුවක් නම් කරනු ලැබුවා.
සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් මෙම නව තාක්ෂණික කමිටුව සඳහා සනත් ජයසූරියට අමතර ෆර්වීස් මහරුෆ්, කපිල විජේගුණවර්ධන, චරිත් සේනානායක සහ අසන්ත ද මෙල් යන මහත්වරුන් නම් කර තිබුණි.

නමුත් මෙම පත්වීම් සිදුකර මාස තුනක් ගතවීමටත් ප්‍රථම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ජාත්‍යන්තර විස්තර විචාරකයෙක් වන ෆර්වීස් මහරුෆ් මහතා ඉල්ලා අස් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම ඉල්ලා අස්වීම ඔහුගේ පෞද්ගලික හේතූන් මත සිදුවූවක් බවයි වාර්තා වෙන්නෙ.

කෙසේ නමුත් මීට මාස 2කට පෙර එක්තරා අවස්ථාවකදී ෆර්වීස් මහරූෆ් මහතා, තාක්ෂණික කමිටුවේ සාමාජිකයන් , මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සමග යම් වචන හුවමාරුවක් ද සිදුවී තිබෙන බව ද ආරංචී මාර්ග සදහන් කරයි.

ඒ අවස්ථාවේදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වන අර්ජුන රණතුංග , ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ , තාක්ෂණික කමිටුවේ අනිකුත් සාමාජිකයන් වන සනත් ජයසූරිය සහ අසන්ත ද මෙල් , චරිත් සේනානායක යන මහත්වරු එහි සිටිබවයි ආරංචී මාර්ග පවසන්නෙ.

Farveez Maharoof
Farveez Maharoof
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්