Feb
2

රට යායුතු මග..!

 
1779 Views
   
 

ජනපති ගෝඨාභය දේශීය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමෙන් උත්සාහ කරන්නේ විදෙස් රටවලින් යැපීම අවම කිරීමටයි. අතිශය දුර්වල කළමනාකරනයක් පැවතුනු යහපාලනයෙන් ඇද වැටුනු ශ්රී ලංකීය ආර්ථිකය නගා සිටුවීමට දරන අප්රතිහත ධෛර්යයත් ඉමහත්.

හයවන මාසයටත් අපේ රටෙි අපනයන ආදායම කෝටි 24,000 ක් තරමි ඉතා විශාල වශයෙන් ඉහලට ගෙන ඒමට වසංගතයක් තිබියදීත් හැකිවීම වැදගත්.. මෙහිදී අපට මතක්වන්නේ සිරිමාවෝ මැතිණියයි. සුද්දන් රට බාරදී ඉතිරිකල විදෙස් විනිමය සංචිතය 1956 වීමටත් කලින් වැය කර අවසන් කිරීමට එවකට සිටි පාලකයන් කටයුතු කලා මිස දේශීය ආර්ථිකයක් ගොඩ නැගීමට කිසිම උත්සාහයක් නොදැරීම මහත් අවාසනාවකි.

බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව කරලියට ආ මැතිණියට කිසිදු උපාධියක් නොතිබිනි. එහෙත් ඇය ලොව ප්රථම අග්රාමාත්ය වරිය බවට පත්වුනා පමනක් නොව. නොබැදි ජාතීන්ගේ නායිකාවක වශයෙන් ලොව ප්රබලම නායිකාවක් ලෙස විශිෂ්ඨත්වයකට පත්විය.

කිසිදු ප්රබල හේතුවක් නොමැතිව වුවත් රටෙි කැරැල්ලක් ඇතිකල ජනතා විමුක්ති පෙරමුන එතුමියගේ දේශීය ආර්ථිකය නගා සිටුවීමට ඉමහත් කරදර බාධක ඇති කලේය. අදද ඔවුන් කරන්නේ කඩා කප්පල් කිරීම පමනී. 1962 රාජ්ය විරෝධී කුමන්ත්රණයද මැඩලු ඇය. අතිශය අමානුෂික 71 කැරැල්ලද මැඩ පැවැත්විය.

එවකට නිදහස් අධ්යාපනයෙන් බිහිවූ සිංහල බෞද්ධ තරැණයන් බිලිගැනීමට චෙි ගුවෙිරා නමින් ප්රචලිතවූ එම සංවිධානය සමත්විය . කුල පීඩනය එයට බෙහෙවින් හේතුවූ බව සදහන්ය..එදා වගේම මෑතයුගයේදීද ජවිපේ වර්ජන විරෝධතා මතුකරමින් කඩාකප්පල් කරන්නේ රටෙි අනාගතයයි. එදා ඉමහත්සේ රාජ්ය දේපල විනාශ කල ඔවුන් බැංකු මංකොල්ල කෑ අතරම සාමාන්ය ජනතාවට ඉමහත් කරදර තාඩන පීඩන ඇති කලහ. බුදු දහමට කවදත් විරැද්ධවූ ඔවුන් සිංහල බෞද්ධයන් පමනක් ලක්ෂ ගනනින් පරලොව යැවූහ…

තවදුරටත් අතීතාවර්ජනයකට ගියහොත් අපට මැතිණියගේ වැඩ පිලිවෙල වත්මන් වැඩ පිලිවෙලට යමි සමානතාවක් දැකිය හැකිවෙි. මෙිහැර රටක් වශයෙන් ගොඩ ඒමට වෙනත් මගක් නොමැත. එදා ඩොලරයට අවමවූ අගයක් රැපියල් ගෙවූ යුගයකි..අප විදෙස්රටවලට සතයක්වත් ණය තිබුනේද නැත.ඇය සටනට බැස්සේ දේශීය ආර්ථිකය සවිමත් කර ස්වයංපෝෂිත දැයක් ගොඩනැගීමටයි.ඇයට හොද සැලැස්මක් තිබුනි…

1) විදේශිකයන් සතුව තිබූ වතු ජනසතු කිරීම.

2)ඉඩමි පනතක් ගෙන ඒම.

3) වගා සංග්රාමයක් දියත් කිරීම.

4) විදෙස්ණය නොගෙන මහවැලි යෝජනා ක්රමය ඇරඹීම.

5)අප රටට අවශ්ය සෑම දෙයක්ම දේශීයව නිෂ්පාදනය කිරීම.

6) නොබැදි විදෙස් ප්රතිපත්තියක් ඇතිකිරීම. 

එවකට මිනිසුන් කමිමැලි වුනේ නැහැ.. අනර්ඝ දේශීය නිෂ්පාදනත් බිහිවුනා.. කැළණි ටයර් ඉන්දියාවට අපනයන කලා. යුනික්, ඩෙල්ටා, මැස්ඩා ෆියටි වාහන, කැන්ඩොස් චොකලටි අපනයනය කලා.. තව ගොඩාක් අත්යාවශ්ය දෑ ටමරට තුල නිපදවූවා… කපු වගාව, තෝර පරිප්පු, මුං ඇට වගේම මිරිස්, ළුෑණු,අල වැනිදේ ස්වයංපෝෂිත මටිටමට ගෙන ආවා. යාපනයේ ගොවියාට විශාල ආදායමක් ලැබුනා.. දහසක්දේ දේශීයව නිපැදවුනා.. මෙ

තරමි විශිෂ්ඨ වැඩ පිලිවෙලක් ජේ. ආර්. විසින් සමිපූර්ණයෙන්ම සුන්නත් දූලි කලා. මැතිනියව දේශපාලනිකව ඝාතනය කලා.ඇයගේ ප්රජා අයිතිය පවා අහිමිකලා. රට විනාශව කිරීම ඇරඹුනේ එලෙසයි. විවෘත ආර්ථිකය හදුන්වාදීම තුලින්…දේශීය ආර්ථිකය නැත්තටම නැතිකලා. විදෙස් ණය මගින් රට පාලනය කිරීම ඇරඹුනා. විදෙස් ණය නොගෙන වසර දහයකින් නිමකිරීමට මැතිණිය සැලසුමි කල මහවැලි යෝජනා ක්රමය කඩිනමි කල ජේ. ආර්. විදෙස්ණය මත යැපුනා. උතුරේ ජනතාවට ලැබුනු ආදායම අහිමිවීම 30 වසරක අමානුෂික යුද්ධයකටද මග පෑදුවා. 

රට යලිත් අකර්මන්ය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ යලිත් කැරැල්ලක් ඇතිකලා.ජනතාවගේ දේපල කොල්ලකෑවා,රාජ්ය දේපල කොල්ලකෑවා, බැංකු කොල්ලකෑවා, භික්ෂූන් මරාදැමුවා, රත්රන් බඩු සෙරකමි කලා, ජනතාවට අසීමිත පීඩාවන් ඇතිකලා සිංහල බෞද්ධයන් පමනක් මරාදැමුවා… ජේ. ආර් වගේම ජවිපෙත් රටෙි වත්මන් තත්වය ඇතිවීමට ප්රබලතම හේතුවක් වුනා… 

එදා යකඩ ගැහැනියක් වූ මැතිණියට තවත් වසර දහයක් ලබා දීමට ජනතාව කෘතඥ පූර්වක වූවානමි 30 වසරක යුද්ධයවත් ජවිපේ දෙවන කාලකන්නි කැරැල්ලවත් ඇතිවන්නේ නැහැ. 

අද යලිත් ගෝඨාභය කරන්නේත් එම අසීරැ සංග්රාමයම නොවෙිද? ජවිපේ අපතයන් වර්ජන විරෝධතා කරන්නේත් එදා වගේම එය මැඩලීමට නොවෙිද? රට යලිත් කාලකන්නි කිරීමට නොවේද ?

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්