Jan
24

හිටපු සුපිරි පිතිකරුට දූෂණ චෝදනා

 
608 Views
   
Former super batsman accused of corruption  

හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් ටේලර් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පැනවීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ ඔහු ඔට්ටුකරුවෙක්ගෙන් ඩොලර් 15,000ක් ලබාගැනීම හේතුවෙනි.

ට්විටර් පණිවුඩයක් තබමින් ටේලර් පවසා ඇත්තේ 2019 වසරේදී ඉන්දීය ව්‍යාපාරිකයෙක් වරක් තමාව මුණගැසුණු බවත් එම හමුවේදී මත්ද්‍රව්‍ය භාවිත කළ බවත්ය.

එහි වීඩියෝ පෙන්වමින් තමාව අපහසුවට පත්කිරීමට එම ව්‍යාපාරිකයා කටයුතු කළ බවත් වරක් තමා සිටි හෝටල් කාමරයට පැමිණ ක්‍රිකට් තරග පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස බලකරමින් තර්ජනය කළ බවත්ය.

සිම්බාබ්වේ හි විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ව්‍යාපාරිකයා කළ ඉල්ලීමක් අනුව ටේලර් ඉන්දියාවට ගොස් තිබුණි.

පසුව ඔහු තමාට ඩොලර් 15,000ක් දුන් බවත් ටේලර් පවසයි.

තමා එම මුදල රැගෙන තම පවුල සමග ඉන්දියාවෙන් පැන ආ බව ඔහු සිය පණිවුඩයේ තවදුරටත් සටහන් කරයි.

නමුත් එම හමුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර ඇත්තේ මාස 4කට පසුව නිසා ටේලර් ට එරෙහිව විනය පියවර ගැනීමට ICC ය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්