Oct
26

“පාසල් පිරිසිදු කරන්න දේශපාලඥයන් යොදවන්න” විදුහල්පතිවරයෙකු කලාප අධ්‍යක්ෂකට ලිඛිතව දන්වයි

 
1536 Views
   
 

රත්නපුර – ඇහැළියගොඩ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු, දෙහිඕවිට කලාප අධ්‍යක්ෂවරයාට ලිපි‍යක් යොමු කොට තිබෙනවා.

ඒ හය ශ්‍රේණියේ සිට දහ තුන ශ්‍රේණිය දක්වා පාසල් විවෘත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසට දන්වමින්.

පාසල විවෘත කිරීම සඳහා කැලෑ එළිපෙහෙළි කර, පිරිසිදු කර දෙන ලෙසයි එම ලිපියෙන් විදුහල්පතිවරයා ඉල්ලා සිටින්නේ.

ඒ සඳහා, පසුගිය කාල වකවානුවේ පාසල් විවෘත කිරීම ගැන මහත් උනන්දුවකින් කතා කළ දේශපාලඥයින්, පොලිස් නිලධාරින්, ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලවල පිරිස් යොදවන ලෙසට විදුහල්පතිවරයා දන්වනවා.

ඉගැන්වීමේ කටයුතුවල හැර වෙනත් කිසිඳු බාහිර කාර්‍යයක නිරත නො වීමට ගුරුවරු තීරණය කර ඇති බැවින්, මෙම තීරණය ගත් බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්