Nov
13

“මේ රටේ රාජ්‍ය සේවය රටට බරක්” – මුදල් ඇමති බැසිල් රාජපක්ෂ

 
1327 Views
   
 

මෙරට රාජ්‍ය සේවය “රටට බරක්” බවට පත්ව ඇති බැවින් තවත් වසරක් යන තෙක් කිසිදු ආකාරයක සහන ලබා දීම සඳහා මහජන මුදල් වැඩි කිරීමට හැකියාවක් නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සහන ලබා නොදීමට හේතුව එය බව ත් තවදුරටත් ”රාජ්‍ය සේවකයින්ට ලොසින්ජර ලබා දීමට” අවශ්‍ය නොවන බව ත් ඔහු සඳහන් කළේ ය.

මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයින් සම්බන්ධයෙන් මෙවර අයවැයේදී කිසිදු සහනයක් නොලැබීමට හේතුව කුමක් දැයි අද (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේදී ය.

ඊට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය සේවකන් සංඛ්‍යාව පුළුල් කිරීමට හැකියාවක් නොමැති නමුත් ඔවුන් විශ්‍රාම යන සංඛ්‍යාව අනුව වාර්ෂිකව බඳවා ගන්නා සේවක සංඛයාව වැඩි කිරීමට සහ තරුණ සේවකයින් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බව ය.

”රජයේ සේවකයින් සහ විශ්‍රාමිකයින් පිළිබඳව අපි ඉතා ම දැඩිව කල්පනා කළා. අපි පළවෙනියෙන් ම පිළිගන්න ඕනේ රටකට උසුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. මම හිතන්නේ තවදුරටත් අපි ලොසින්ජර දෙන්න අවශ්‍ය නෑ. අපි අවංකව ම පිළිගන්න ඕනේ මේ රටේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. යම් කිසි ආකාරයක රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙනවා කියන්නේ ජනතාවගෙන් ඒ සඳහා මුදල් යොදවන්න ඕනේ. රජයකට මුදල් ලබා ගන්න ක්‍රමය තමයි ජනතාවගෙන් ඒක ලබා ගන්නා තවත් පිරිසකට දෙන්න. මම පැහැදිලිව කියන්න ඕනේ මොන ම ආකාරයකින්වත් තව වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැඩි කරන්න හැකියාවක් නෑ. රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව පුළුල් කරන්න අපට පුළුවන් කමක් නෑ. නමුත් විශ්‍රාම යන සංඛ්‍යාව අනුව වාර්ෂිකව සේවක සංඛ්‍යාව වැඩි කරගැනීමට තරුණ පිරිස ඇතුළු කර ගැනීමට කටයුතු කරනවා.”

කෙසේ වෙතත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසන පරිදි ”රටට ඉසිලීමට බැරි තරම්” රාජ්‍ය සේවකයින් බඳවා ගැනීම වැඩි කරන ලද්දේ ඔහුගේ ම සොහොයුරෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ය. එවකට ලක්ෂ 7ක් ව පැවති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 14ක් දක්වා දෙගුණයකින් වැඩි කළේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේදී ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්