Feb
20

සිය විවාහයට සමුදී දියණියත් සමගින් දිවි ගෙවන ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි කියන කතාව

 
2603 Views
   
 

ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලාංකිකයන් හැමෝම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. කලකට ඉහතදී රංගන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය මෙරට ජනයා අතර සීඝ්‍ර ජනප්‍රියත්වයක් ලබා ගන්නවා. කෙසේවෙතත් මේ දක්ෂ රංගන ශිල්පිනිය පිළිබඳ පසුගිය කාලයේ විශාල කතාබහක් ඇතිව තිබුණා. ඊට හේතුව වෙන්නේ ඇය මෑතකදී සමාජ මාධ්‍යට එක්කළ ඇගේ අලුත්ම සරාගී ඡායාරූප පෙළක්. ඉතින් උපේක්ෂා පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන අදහස් දක්වලා තිබුණා

කොහොමහරි ඉතින් ඇය කියන හැටියට රැෆෙල්ලා ප්‍රනාන්දුගේ Celebrity Calendar සඳහා තමයි ඔවුන් මේ ෆොටෝ ශූට් එක කරලා තිබෙන්නේ. ඉතින් මේ විදිහට කරපු ෆොටෝ ශූට් එක මේ තරමට ජනප්‍රිය වෙයි කියල ඇයවත් හිතුවේ නැහැලු. ඇත්තටම ඊට ඇය බලාපොරොත්තු නොවුන ආකාරයේ ප්‍රතිචාරයක් ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඒ ජායාරූපවල වැරැද්දක් තියෙනවා කියලාවත් ඒකෙන් කාටවත් බලපෑමක් වෙයි කියලාවත් තමන් හිතුවේ නැහැ කියලයි ඇය කියන්නේ

ඒ වගේම අවුරුදු දහයක් තිස්සේම මේ වැඩේට සම්බන්ධ වෙන්න හිතාගෙන හිටියත් විවිධ හේතු නිසා තමන්ට ඊට සහභාගිවීමට නොහැකිවුණා කියලයි උපේක්ෂා කියන්නේ. ඉතින් ඒ නිසා මේ වතාවේ උනන්දුවෙන් සහ කැමැත්තෙන් මම ඊට සම්බන්ධ වුණා කියල කියන ඇය කියන්නේ සංස්කෘතිය වගේ කාරණා අරගෙන කිහිප දෙනෙක් විතරක් මේ ෆොටෝ ටික ප්‍රශ්නයක් කර ගත්තා කියලයි. නමුත් ඒ වගේ ජායාරූපයකින් සංස්කෘතියට හානියක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ කියන ඇය කියන්නේ පිටරටවල කරන වැඩවල මේ වගේ ප්‍රමිතියක් දකිනවා වුනත් ලංකාවේ මේ වගේ දෙයක් කරන්නේ කලාතුරකින් කියලයි

කොහොම නමුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් විදියට ඔවුන්ට ඒ වගේ අවස්ථාවන් හිමිවිය යුතුයි කියල මම විශ්වාස කරනවා කියල කියන ඇය කියන්නේ මේක පින්තූර ගැනිල්ලක් විතරක්ම නෙවෙයි. පින්තූර ගන්න කලින් සූදානමේ ඉඳලා පින්තූරෙ ගත්තට පස්සේත් මේ යටතේ වැඩ කටයුතු රැසක් සිද්ධ වෙනවා කියලයි. ඉතින් රැෆෙල්ලා කැපවීමෙන් උනන්දුවෙන් මේ වැඩේ ලස්සනට කලා කියලයි ඇය කියන්නේ

කෙසේවෙතත් මවක් වුණා කියලා රඟපෑම්වලට ලැබෙන ආරාධනා අඩුවෙන්නේ නැහැ කියන ඇය කියන්නේ දරුවන් එක්ක කාර්යබහුල වෙද්දී රඟපෑම සඳහා සහභාගි වන එකට යම්කිසි සීමාවන් දාගන්න සිද්ධ වෙනවා කියලයි. ඒ විතරක් නොවෙයි ඇය කියන්නේ තමන්ට ලැබෙන චරිත තෝරා බේරාගෙන තමන් රංගනයේ නිරත වෙනවා කියලයි. ඒ වගේම මේ දවස්වල උදයකාන්ත වර්ණසූරිය අයියගේ අලුත්ම ෆිල්ම් එකට සූදානම් වෙනවා කියන ඇය කියන්නේ ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා කියලයි

කොහොමහරි ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් කියා සිටියේ ඇය තවමත් වෘත්තීමය වශයෙන් රංගනයේ නිරත වෙනවා කියලයි. ඒ වගේම මොන දේ වුණත් නැවත දේශපාලනයට එන්නෙ නෑ කියලා තීරණය කරලා ඉවරයි කියලයි ඇය කියන්නේ. ඒ විතරක් නොවෙයි ඇය මේවෙද්දී ඇගේ ස්වාමිපුරුෂයාගෙන් වෙන්වෙලා දියණියත් එක්ක නිදහසේ සතුටින් ජීවත් වෙනවා කියලයි කියන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්