May
22

විරුවන් ත්‍රස්තයන් කළ චැනල් 04 මගඩිය සහ සැබෑ ත්‍රස්තයෝ

 
557 Views
   
 

වර්තමානයේ වෙල්ලමුල්ලිවයිකාල්හි හමුදාව අතින් ඝාතනය වූවන් සමරමින් , කොටි කාන්තා බලකායේ ඉසිප්‍රියාලාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින්, ආරක්ෂක හමුදාවන් යුධ අපරාධකරුවන් කිරීමට චැනල් 04 නාලිකාවේ කැල්ම් මැක්‍රේ ඇතුළු කණ්ඩායම , එල් ටී ටී ඊ ඩයස්පෝරාවේ මුදලින් සාවද්‍ය තොරතුරු තමන්ට අවශ්‍ය පරිදි ඇතුලත් කරමින් නිපදවූ No Fire Zone නරඹමින්, ” එකම රටේ දෙපිරිසක් අතර ඇති වූ කැරැල්ලක් නිසා හමුදාව අතින් ඝාතනය වූ අපේම පිරිසක් ” ලෙස වර්තමානයේ ඇතමුන් සුරතල් කරන ත්‍රස්තවාදීන් එදා අප ආරක්ෂක අංශවල වීරෝධාර රණවිරුවනට වද දුන්නේ එසේය.

ඔබ හොඳින් අදාල ඡායාරූපය දෙස බැලුවොත් ඒ සිර කූඩුව එහි දමන සිර කරුගේ සිරුරේ ප්‍රමාණයට හරියටම තනා ඇති බව ඔබට මනාව දිස්වනු ඇත.
ඒ අනුව එහි දැමූ සිරකරු කිසිදු පැත්තකට හැරෙනු නොහැකිව, උක්කුටිකව හෝ වාඩිවෙනු නොහැකිව , එක දිගට දින ගණන් හිටගෙන විඳි දුක ඔබට සිතා ගන්නට වත් හැකි වේද ?

වාඩි වෙනු තබා එකම ඉරියව්වෙන් සිටගෙන සිට, දෙපා හිරි වැටුන පසු සුළු ඉස්පාසුවක් ලබා ගැනීමට හේත්තුවීමටවත් නොහැකි ලෙස සිර කුටියේ කම්බි කූරු වලට කටු කම්බි දැවටීම මත, මෙහි දැමූ සෙබළුන් එදා විඳි දුක ඔබට සිතිය හැකිද ?

කුසගින්නට අහරක් නොමැතිව , පිපාසයට බොන්ඩ එකදු වතුර උගුරක් නොමැතිව , එදා ත්‍රස්තවාදීනට අසුවුන අපේ සෙබළුන් මේවායේ විඳි දුක ඔබට සිතා ගත හැකිද ?

වර්තමානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ට මෙන්ම , අප රටේ විවිධ විදේශීය රාජ්‍ය නොවන සංවිධානයන්හි ආධාර මුදලින් යැපෙන බොහෝ අයට පෙනෙන්නේ ත්‍රස්තවාදීන් ගේ මානව හිමිකම් පිළිබඳව පමණි.

නමුත් මරණය පෙනි පෙනී හෝ මෙවැනි සිර කුටීන්හි දුක් විඳීමට සිදුවන බව දැන දැනම රට වෙනුවෙන් හා සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වැදි සෙබළුන් පිළිබඳව වර්තමානයේ කිසිවෙක් සිහිපත් නොකරති.

ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාර හමුවේ එකා පිට එකා මැරී වැටෙද්දී , ජොනී බට්ටන්ට අසුව පාද කොටස් කැඩී විසිවෙද්දී, තමන් සමග එක කඳවුරේ , එකට සිටි සහෝදර රණවිරුවන් සීල් තැබූ පෙට්ටිවලින් කිසිදා ආපසු කඳවුරට නොඑන්නට ආපසු සිය ගම්බිම් බලා යද්දී , යම් හෙයකින් ත්‍රස්තවාදීන් හට අසුවුවහොත් මෙවන් සිර කුටීන්හි දුක් විඳීමට සිදුවන බව පිළිබඳව දැනදැනම ඔවුහු එදා යුධ වැදුනේ සැබවින්ම රටට ජාතියට ඇති ආදරය නිසා නොවේද ?

මේ කුමක්දැයි ඔබට එක්වරම සිතා ගත හැකිද ?
“මේක “සෙල්” එකකි. එනම් සිර කූඩුවකි. කොටි ත්‍රස්තවාදීන් සමග පහුගිය යුද්ධය පැවති සමයේ අප ආරක්ෂක හමුදාවන්හි සොල්දාදුවන් අල්ලා ගත් පසු, ඔවුන් සිර කර තැබීමට එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් සාදා තිබූ හිර කූඩුවකි .

අප පසුගියදා හූ කීවේ, නිළ ඇඳුමින් ඇද පහර දීමට තැත් කලේ, ගෙවල් වලට පහර දීමට , පවුල්වල අය සමාජයේ කොන් කිරීමට , සමාජ ජාලා මාධ්‍ය මගින් සැලසුම් කලේ,අපමණ කැපකිරීම් කරමින් , අප වෙනුවෙන් අප නොවිඳි, මෙවන් දුකක් විඳි, වීරෝධාර රණවිරුවන්ට නොවේද ?

ගිලිහී ගිය මනුස්සකම රැකගමු…!

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්