Jan
26

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ජනතා නායකයා

 
2058 Views
   
 

අපේ රට පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් ඇති වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය සමඟය. කියන දේ කරන, කරන දේ කියන නායකයකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමා ගැන අද දක්වාම ජනතාව තුළ ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි. ‘සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනය සමඟ එතුමා ගමින් ගමට ගොස් ජනතාවගේ ප්රශ්න වලට ඍජුවම පිළිතුරු සෙවූ අයුරු අමතක නොකළ යුතුය.

ඒ ප්රායෝගික වැඩපිළිවෙළින් ජනතාව ලද ජයග්රහණ අපමණය. ඇත්ත ඇති සැටියෙන් කථා කිරීමට මැළිකමක් දක්වන පිරිස් නොයෙක් අභූත චෝදනා නැඟුව ද එතුමා ඉතාම සක්රීය අයුරින් අපේ රට ගොඩනැඟීමට අද දක්වාම ක්රියාත්මක වී සිටින අයුරු ප්රශංසනීය වේ. අති දුෂ්කර වූ මහනුවර දිස්ත්රික්කයේ මීමුරේ වැනි ගමක සංවර්ධනයේ අරුණලු දුටුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බව අද බොහෝ දෙනකුට අමතක වී ඇත. නිසියාකාර පාරක් තොටක් නැතිව දුක් විඳි අසරණ ජනයා අද ඉතා ඉක්මනින් මහනුවර නගරයට ළඟා වීමට අවස්ථාව සලසා දුන්නේ සෞභාග්ය වැඩ සටහනෙන් බව පැහැදි ලිය.

සිංහරාජ වන පෙත ආසන්නයේ හිනිදුම් පත්තුවේ තිබූ මී මුරේ වැනිම තවත් දුෂ්කර ගම්මානයක් වූ ලංකාගම ජනතාවට ද සංවර්ධනයේ අරුණලු උදා කර දුන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්යයේ දැක්ම යටතේ බව අමතක නොකළ යුතුය. මාර්ග ඉදිකරමින් ඒ මාර්ග කාපට් කරමින් ලංකාගම ජනතාවට සහන රැසක් ලබා දීමට ක්රියා කළේය. ලංකාගම සිට දෙණියායට යෑමට බස් රථයක් පවා දීමට අමතක නොකළේය. තවද කිතුල් කර්මාන්තයෙන් ජීවත්වන ලංකාගම ජනතාවගේ කිතුල් පැණිවලට පමණක් නොව හකුරු කර්මාන්තයට ද එයින් අලුත් වෙළෙඳපොළක් නිර්මාණය වූ බවද මතක් කළ යුතුව ඇත.

හපුතලේ වැනි තවත් ඉතාම දුෂ්කර ගම්මානයක් නවීකරණය කොට දුප්පත් ජනතාවට නිවාස ලබා දෙමින් මාර්ග පිළිසකර කොට ජනතා අයිතියට පත් කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව සිහිපත් කළ යුතුව ඇත. හපුතලේ සිට මේ දුෂ්කර ගම්මානයට බස් රථ දෙකක් ලබා දෙමින් එම ගමේ ජීවත් වන දූදරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් නගරයේ පාසලට පැමිණීමට ඉඩකඩ සලසා දුන්නේය. මැදිරිගිරිය ප්රදේශයේ ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනට ගිය ජනාධිපතිතුමා මිනිසුන්ගේ පානීය ජල අවශ්යතාව විසඳීමට මහකනදරා වැව තුළින් ජල සම්පාදනය කොට මිනිසුන්ගේ පානීය ජල අවශ්යතාව සපුරා දීමට ක්රියා කළේ රටේ ජනතාවට ආදරය කරන ජනතා නායකයකු වශයෙනි. සමස්ත රටේම උතුරු – නැගෙනහිර පටන් ජනතා ප්රශ්නවලට විසඳුම් ලබා දුන් ‘ගම සමඟ පිළිසඳර වැඩ සටහන නතර වූයේ මුළු රටේම ජනතාව බියෙන් ත්රාසයෙන් මුසපත් කළ කොවිඩ් අභියෝගය මතිනි.

රටේ ජනතාවට වග කියන ආදරණීය නායකයකු වශයෙන් රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීමට දිවා රෑ නොබලා ක්රියා කළ ආකාරය අවස්ථාවාදී කුහක දේශපාලනඥයන් අගය නොකරන්නේ ඒ කුහක අවස්ථාවාදී වෛරී දේශපාලනය නිසාය. අපේ රටේ ජනතාව මුදා ගැනීමට එන්නත් කරණය ඇති කොට ඉතා ඉක්මනින් මරණයෙන් මුළු රටේම ජනයා මුදා ගැනීමට ක්රියා කළේය. එහිදී අපේ රටේ ආරක්ෂක හමුදාව ද ඉතා ප්රශංසනීය සේවයක් ඉටු කළ බව ද අමතක නොකළ යුතුය. ආණ්ඩුවත් රටත් ජනතාවත් කොවිඩ් සමඟ ජීවිතය ඉල්ලා අඬා වැටෙද්දී ඒ ජීවිත සුවපත් කරන මොහොතේ ඉතාම අවස්ථාවාදී අයුරින් පටන් ගත් ගුරු වැටුප් අරගලයට ද විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ වැටුප් වැඩි කළේ ද වර්තමාන රජය ජනතාවාදී රජයක් වූ හෙයිනි.

අපේ රටේ වකුගඩු රෝගයෙන් පිළිකා රෝගයෙන් පීඩා විඳින සුවහසක් ජනතාවගේ ආදරණීය ජනතානායකයකු වශයෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාබනික පොහොර භාවිතයට තීරණය කළේ රටට ආදරය කරන මනුෂ්යත්වයෙන් පිරිපුන් නායකයකු වූ නිසාය. එහෙත් අවස්ථාවාදී කුරිරු දේශපාලනය බහුජාතික පොහොර සමාගම්කරුවන්ගේ අතකොළුවක් බවට පත් වී ගොවිතැන් කරන ගොවි ජනතාව නොමඟ යැවීමට ක්රියා කළේ බොරදියේ මාළු බාන අවස්ථාවාදී දේශපාලනයේ යෙදෙන විපක්ෂය යැයි කියා ගන්නා පිරිසකි.

රජයේ සේවකයාගේ වැටුප රුපියල් පන්දාහකින් වැඩි කර ඇති සමයක කිසිදු දැනුම්දීමක් නොකොට පසුගිය දිනෙක දුම්රිය වැඩවර්ජනයක් සිදු කළේ මේ රටේ දුම්රියේ ගමන් කරන සාමාන්ය ජනතාව පිළිබඳ අබ මල් රේණුවක තරම් ආදරයක් නැති අවස්ථාවාදී කුහක දේශපාලනයේ යෙදෙන වෘත්තිය සමිති කරුවන් බව ද මතක් කළ යුතුය. තවද ඒ දුම්රිය වැඩ වර්ජනය දිනයේ දී අපේ රටට පැමිණි සිටි සංචාරකයන් ද සිය ගමන් වාරය යෑමට දුම්රිය ස්ථානයට පැමිණ ආපසු හිස් අතින් යන අයුරු දුටු විට අපේ රටට ආදරය කරන බොහෝ දෙනාගේ හෘද සාක්ෂියට රිදුම් දුන් බව අමතක නොකළ යුතුය. සංචාරක ව්යාපාරය නැවත පණ ලබමින් සිටින මෙවන් මොහොතක මෙවැනි බාල දේශපාලනයේ යෙදෙන මිනිසුන් පරාජය කළ යුතු බව බහුතර ජනතාව මෙවැනි මොහොතක තේරුම් ගත යුතුව ඇත

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්