Feb
26

නිරූපණ ක්ෂේත්‍රය තුළ අද නවකයින් අතරේ ලොකු තරගකාරිත්වයක් තියෙනවා

 
534 Views
   
There-is-a-lot-of-competition-among-newcomers-today-in-the-field-of-modeling  

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වන ගිම්හාන් හෙට්ටිආරච්චි සමගින් මෙවර සාරවිට තරු කතා බහා අරඹන්නට අප මෙළෙස සූදානම් වුණා. ඡායාරූපගත කිරිම් බොහෝමයකට දැනට දායක වී ඇති ගිම්හාන් ඉදිරියේදී රංගන කටයුතුවලද නිරත වීමට බලාපෙරොත්තුවෙන් සිටියි.

ඔබ නිරූපණ ශිල්පියෙක්?

ඔව්, දැනට මම නිරූපණ ශිල්පියකු විදිහට වැඩ කරනවා ඉතා ආසාවෙන්.

කොහොමද ක්ෂේත්‍රයට ඔබගේ සම්බන්ධ වීම සිදුවුණේ?

මම ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ ශෙනාල් ද සිල්වා අයියාගේ අත දිම හරහා කිව්වොත් හරි. ඒ අයියා මට අහම්බෙන් වගේ කතා කරා පොටෝ ශූට් එකකට පෙනි ඉන්න. ඒ පොසොන් පෝය දවසට නිකුත් කරන්න නියමිතව තිබුණ පොටෝ ෂුට් එකකට. ඉතින්, ශෙනාල් අයියා එදා ඒ තෝරා ගැනීම නිසා තමයි මට මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ.

අද වෙන කොට නිරූපණයට නවකයෝ බෙහෝ දෙනෙකු සම්බන්ධ වෙනවා?

ඇත්තෙන්ම ඔව්, මේ වෙනකොට නවකයින් බොහෝ දෙනෙක් මේ ක්ෂේත්‍රයට පැමිණ සිටිනවා. ඒ වගේම ලොකු තරගකාරීත්වයකුත් ඒ එන නවකයෝ අතරේ තියෙනවා. මම දකින්නේ තමන්ගේ කැපවීම තියෙන්න ඕනා මේ හැම දේකටම. ඒ කරන කැපවීම මත තමයි තමන්ට තමන්ගේ ගමන සාර්ථකව යන්න පුළුවන් වෙන්නේ.

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඔව් ඒ පිළිබද හොඳ පැහැදීමක් මට තියෙනවා.

අද ඡායාරූපයකට දෙකකට පෙනි ඉඳලා සමහරුන් නිරූපණ ශිල්පියෝ, ශිල්පිණියෝ වෙනවා?

ඒක ඇත්තටම මෙහෙමයි, තමන් ඒ කරන දේ නිවැරැදි අවබෝධයකින් සහා උවමනාවකින් කරනවා නම් ඒක ඒ ඒ කෙනා මත වෙනස් වෙනවා.

නිරූපණය කියන්නේ ඔබේ වෘත්තියද?

නැහැ වෘත්තිය වශයෙන් මම සිවිල් ඉන්ජිනේරුවකු විදිහට තමයි වැඩ කරන්නේ. නිරූපණ ශිල්පය කියන්නේ මම මගේ විනෝදාංශයක් විදිහට ඉතාමත් ආසාවෙන් කරන ක්ෂේත්‍රයක්.

ඉදිරිය කොහොමද?

මගේ තිබුණ ලොකුම ආසවක් මේ ක්ෂේත්‍රයට පිවිසෙන එක. ඒ නිසා මට පුළුවන් උපරිම දුරක් මේ ක්ෂේත්‍රය තුළින් මම යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ප්‍රධාන වෘත්තියට හානියක් නොවන විදිහට මේ ක්ෂේත්‍රය තුළ හැකිතාක් කාලයක් වැඩ කරන්න මම සැළසුම් කරමින් ඉන්නවා.

උදව් කරපු අය ගැනත් මතක් කරමුද?

මගේ දෙමව්පියන්, එයාලා මට ලොකු සහයෝගයක් දෙනවා, අයෙමත් මම විශේෂයෙන් මතක් කරන්නම ඕන කෙනා තමයි ශෙනාල් අයියා. මට තාමත් ලොකු සහයෝගයක් දෙනවා. තවත් විශේෂ වුණ කෙනෙක් ඉන්නවා. ඒ වගේම මාත් එක්ක පොඩි කාලේ ඉදන්ම එකට ඉන්න මගේ හොදම යාළුවෝ ටිකෙත් මේ අවස්ථාවේදි මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්