Dec
4

අසල්වැසියාට ප්‍රමුඛතාවය දුන් මුදල් ඇමති බැසිල්ගේ සංචාරය

 
985 Views
   
 

මුදල් අමාත්යවරයාගේ දෙදින ඉන්දීය ප්රකට නිළ සංචාරය ඉතාමත් සාර්ථක වී ඇත. දෙපාර්ශවය අතර මිත්ර සම්බන්ධතා තවදුරටත් තහවුරු කර ගැනීමත් , ආර්ථික සහයෝගිතාවය වැඩිකර ගැනීම , හඳුනාගත් ක්ෂේත්ර වල දෙරටට බලපාන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම යන කරුණු මෙහිදී අවධානය යොමු වී ඇත. දෙරටෙහි අන්නෝන්ය උපායමාර්ගික අවශ්යයතාවයට අදාළ කරුණු පිළිබඳ මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වී ඇත. ඉන් පසු මුදල් අමාත්යවරයා ඛණිජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ ඉන්දීය අමාත්යවරයා හමු විය. එහිදී කොවිඩ් අභියෝගය හමුවේ ශ්රී ලංකාවේ ආර්ථික දැක්ම පිළිබඳ සිය ස්ථාවරභාවය ඉන්දීය නියෝජිතයන්ට පැහැදිලි කර ඇත.

වසර ගණනාවක් පුරා ක්ෂේත්ර ගණනාවකින් ශ්රී ලංකාවට ලබා දුන් දිගුකාලීන සහයෝගය පිළිබඳ අමාත්යවරයා ඔවුනට ස්තූතිය පළකර ඇත. ඉන්දීය නියෝජිතයන් කියා සිටියේ අසල්වැසියාට ප්රමුඛත්වය යන ප්රතිපත්තිය යටතේ නිබඳවම ශ්රී ලංකාවට සහය පලකරන බවයි. සාකච්ඡා වලදී කෙටි හා මධ්යකාලීන සහයෝගිතාවය පවත්වාගෙන යන ව්යුහ 4ක් පිළිබඳ දෙපාර්ශවයේම අවධානය යොමුව ඇත.

📌️ ආහාර

📌️ ඖෂධ

📌️ ඉන්ධන

📌️ සෞඛ්ය ආරක්ෂණය හා බලශක්ති හා ඉන්දීය ආයෝජන

යන කරුණු සම්භන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවී ඇත . දෙපාර්ශවයම සාර්ථක සාකච්ඡා වටයකින් අනතුරුව හොඳ අසල්වැසි මිත්ර සහයෝගිතාවයකින් අන්නෝන්ය බැඳීම් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වු මෙම සාකච්ඡා වටය ඉතාමත් සාර්ථක ආකාරයෙන් නිමාවට පත්ව ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්