Jul
13

පෙම්වතුන් ලෙස සිටියදී ගත් අ’සැබි ඡායාරූප විවාහ වූ පසු සමාජ මාධ්‍යවලට මුදාහැරිලා?

 
1901 Views
   
 

නි’රුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා මුදාහැරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සතියක කාලය තුළ පුද්ගලයින් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පොලිස් පරිගණක අ’පරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ පැමිණිලිවලට අදාළව සිදු කෙරුණු විමර්ශනවලදී එම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඒ අනුව, පිටකෝට්ටේ සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචි 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ද, මහනුවර පූජාපිටිය ප්‍රදේශයේදී 23 හැවිරිදි පුද්ගලයෙකු ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව පිළියන්දල නාම්පමුණුව ප්‍රදේශයේදී ද 39 හැවිරිදි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙක් ද අත් අඩංගුවට ගෙන ඇත. මෙම 31 හැවිරිදි පුද්ගලයා විසින් තවත් අයෙකුගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වී ඔහුගේ මුරපදය වෙනස් කර අ’සභ්‍ය ඡායාරූප ඇතුළත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත අත් අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.

විවාහවීමට පෙර පෙම්වතුන් ලෙස සිටියදී ලබාගන්නා ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙනත් කෙනෙකු සමග විවාහ වන අවස්ථාවේදී විවිධ ආකාරයට සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම ප්‍රවණතාවයක් මේ වනවිට දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තවදුරටත් විමර්ශන කරන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්