Nov
2

“හඳහනේ තිබුණා කවද හරි රටේම ජනප්‍රිය චරිතයක් වෙනවා කියලා”

 
1313 Views
   
 

කාවින්ද්යා දුල්ශානි කියන්නේ පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙන තරුණ නිලියක්. සතියේ දින පහේම විකාශය වන අහස් මාලිගා ටෙලිනාට්ය තුල ප්රධාන චරිතයක් ඔස්සේ ඇයව දකින්නත් ලැබෙනවා. මේ වනවිට නව නිර්මාණ සහ ඇයගේ පෞද්ගලික ජිවිතයේ වැඩ කටයුතුත් සමඟ ටිකක් කාර්යභහුල වෙලා සිටිනවා කියලයි දැනගන්න ලැබෙන්නේ.

අහම්බෙන් ලැබුණු අවස්තාවක් නිසා නිලියක් බවට පත්වූ කාවින්ද්යා අද රටේම ආදරේ දිනාගත් චරිතයක් බවට පත් වෙලා සිටිනවා. කාවින්ද්යා ගැන වැඩියෙන්ම දන්නේ ඇයගේ මවයි. ඉතින් ඇයගේ මව වන ඉන්දිකා කුමාරි මහත්මිය මාධ්ය කතාබහකට එකතු වෙමින් තොරතුරු කියලා තිබුනා.

දූලා හතර දෙනෙක් ඉන්න පවුලේ වැඩිමල් කෙනා තමයි කාවින්ද්යා. අනිත් තුන්දෙනාටම වඩා මෙයා පුංචි කාලේ ඉඳලාම හැමදේකටම දක්ෂයි. නර්තනය වගේම ක්රීඩා වලටත් සහභාගී වෙලා තියනවා. හරිම දඟකාර චරිතයක්, පාසල් යන කාලයේදීත් ගොඩක් දඟකරන චරිතයක්. කාලයත් එක්ක ඒ දේවල් අඩු වුනත් නංගිලා එක්ක ඉඳලා හිටලා රන්ඩු වෙනවා. නමුත් දැන් එයා වගකීම් දරන කෙනෙක් විදියට වැඩ කරන්නේ. පවුලේ හැමකෙනෙක් ගැනම ගොඩක් හිතනවා. අපි ඒකාලේ හඳහන් බලනවා. මෙයාගේ හඳහන බලලා කිව්වා කවදා හරි ප්රසිද්ද චරිතයක් වෙනවා කියලා. ක්රීඩා පැත්තෙන් කරාටේ වගේම නෙට්බෝල් එහෙමත් කරලා තියනවා.”

නමුත් රඟපෑම පැත්තෙන් ඉදිරියට යාවි කියලා කවුරුත් හිතුවේ නැහැ. දුව කලාවට එනවාට මගෙනම් ලොකු කැමැත්තක් තිබුනේ නැහැ. තාත්තා තමයි හැමදේටම පස්සෙන් හිටියේ. දවසක් ප්රවීන රංගන ශිල්පිනි නෙතලි නානායක්කාර මහත්මිය හමුවෙලා කිව්වා දුව රංගනයට ගොඩක් දක්ෂ කෙනෙක් එයා ඉදිරියට යවන්න කියලා. ක්ෂේත්රයේ හොඳ නරක ගැන කියලා දුන්නා. මුල් කාලේදී නම් මම දුවත් එක්ක යන හැමතනකටම ගියා. දැන් එයා මේ ක්ෂේත්රය ගැන දන්නවා. තමන් ගැන බලාගන්නවා. නමුත් මම දුවට නිතරම කියන්නේ මොන තරම් කාර්යභහුල වුනත් පවුලේ සමගිය ආරක්ෂා කරගන්න කියලා. විවාහා වෙලා දරුවෝ ලැබුන කාලෙක වගකීම් වැඩියි. එතකොට කලාවෙන් ඈත් වෙන්න වුනොත් පවුල වෙනුවෙන් ඒ දේවල් කරන්න වෙනවා. මම හිතනවා වගකීම් එක්ක එයා හැමදේම කළමනාකරණය කරගනීවි කියලා. “

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්