Sep
17

ගෙදරටම වෙලා ඉන්න පාසල් ළමයින්ට ගෙදර ඉඳන්ම NVQ සහතික ගන්න අලුත් ක්‍රමයක්

 
622 Views
   
 

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දුරස්ථ අධ්‍යාපනය මගින් වෘත්තීය දැනුම බෙදාහරිමින්, හැකියාවෙන් උගත් දරුපරපුරක් මතු ලොවට දායාද කිරීමේ අදහසින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය නව වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාව වෘත්තීය තාක්ෂණික ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සිදු වෙනවා කියලා එම අමාත්‍යාංශය නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

පාඨමාලා අවසානයේ පවත්වන විභාගයකින් අනතුරුව දේශීය සහ විදේශීය වශයෙන් වෘත්තීය පිළිගැනීමක් ඇති NVQ මට්ටම දක්වා සිසුසිසුවියන් ගෙනයාම මෙම වැඩසටහන් මාලාවේ අරමුණවෙලා තියෙනවා. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය තාක්ෂණ ආයතන මගින් සිදුකෙරෙන විෂයමාලාවන් යටතේ මෙම පාඨමාලා පැවැත්වෙන අතර ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ විෂයන් සාර්ථකව අධ්‍යනය කර, මාර්ගගත ක්‍රමය යටතේ පවත්වන විභාගයෙන් (Online Exam) අනතුරුව මෙම සිසුසිසුවියන් NVQ මට්ටම දක්වා රැගෙනයාම සිදුවෙනවා.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රථම පියවර ලෙස එළඹෙන හෙට (18) අද දෙරණ 24 (Education) නාලිකාවෙන් උදෑසන 7.30ට ප්‍රථම වැඩසටහන ආරම්භ වෙනවා. ඊට පස්සෙ සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නුදුරේදීම අනෙකුත් රූපවාහිනි නාලිකා තුළින් ද විවිධ විෂය පාඨමාලා සිසුන් වෙත ගෙන එනවා කියලා තමයි එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්