කො වි ඩ් වෛරසය මෙරට තුළ දැඩි ලෙස උත්සන්න මට්ටමක ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුළ මෙන්ම බොහෝ තැන්වල කතාබහට ලක්වෙලා තියෙනවා. මේ පිළිබඳව මාධ්‍යවේදිනියක් සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබුණා.
ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා. දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි. මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව. වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්. ඔවුන් අ සා ධ්‍ය රෝගීන්. වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා. අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.
ඉතිරි සියලු ආ සා දි ත යි න් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල. තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව. මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි. අ ප හ සු වෙ න් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා. සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කො රෝ නා එක්ක සටන් කරනවා.
මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මි ය ගියා. ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා. කාර්ය මණ්ඩලය සීමිතයි. ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා. මගේ අම්මා මේ විදිහට කො රෝ නා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජී වි ත ය දීලා බලන් ඉන්නවා. මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ. මීට වඩා අ ස ර ණ කමකුත් නෑ.
හෙට මමත් ආ සා දි ත යෙ කු වෙයි. මට කියන්න තියෙන්නෙ එකම දෙයයි. කො රෝ නා සුළුවෙන් තකන්න එ පා. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. පවුලේ හැමෝම පරිස්සම් කරගන්න. ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා. පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න. තිලක්ෂණී මධුවන්ති