Aug
8

තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය ඇයි?

 
979 Views
   
 

වේගවත් එන්නත්කරණය කරන රටවල් අතර ලංකාව ප්‍රමුඛස්ථානයේ සිටින බව කියන කාරණාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා උපුටා ගනිමින් පසුගියදා වාර්තා කළා. මේ වන විට රටේ ජනග්‍රහණයෙන් කෝටියකට එන්නත්කරණය කර අ ව ස න් බව පවසා සිටින්නේ ඉතාමත් සතුටිනි.

මෙයට අමතරව තුන්වන මාත්‍රාව පිළිබඳ ඉඟියක් ලෝකය පුරා කතා බහට ලක්වෙමින් පවතී. එනම් බූස්ටර් එන්නතක් පිළිබඳ පුවතයි. කොවිඩ් පාලනයට තුන්වැනි මාත්‍රාව ලබා දීමට සූදානම් වන්නැයි ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් ලැබී ඇත. ඒ අනුව අදාළ බළධාරීන් ඒ සඳහා සූදානම් වන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ජනාධිපතිතුමන් මෙලෙස ඍජු පියවරක් ගෙන ඇත්තේ ලෝකයේ පවා නිළ වශයෙන්ම තුන්වැනි මාත්‍රාවක් ගැන ස්ථිර තීරණයක් ගෙන නො මැ ති අවස්ථාවකදීය. නමුත් ජනාධිපතිතුමන් මෙසේ තීරණය කර ඇත්තේ ඉතා සූක්ෂම ලෙස සිතාබලා තම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි.

මන්ද, කොවිඩ් පළමු මාත්‍රාව සහ දෙවන මත්‍රාව, මිනිස් සිරුරට කෙතරම් කාලයකට අවශ්‍ය ප්‍රතිශක්තිකරණක් ඇතිවනවාද යන්න මේ වනවිටත් කිසිදු පර්‍යේෂණයකින් සනාථ වී නො මැ ති අතර, එබැවින් මෙලෙස තුන්වැනි මාත්‍රාවකට යෑමේ අවශ්‍යයතාවය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය කරුණු පහදා ඇත.

එය දැනගත් වහාම ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තම ජනතාවගේ ආ ර ක් ෂා ව වෙනුවෙන් තුන්වැනි මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් සූදානම් කිරීමට තීරණය කර ඇත. මෙලෙස අප රටේ නායකත්වය ජනතාව පිළිබඳව අති විශේෂ සැලකිල්ලක් දක්වන මොහොතක රටේ ජනතාව ලෙස අපටද ඉටු කිරීමට වගකීම් රැසක් ඇත.

වයසින් මුහුකුරා ගිය අය ළ ද රු ව න් සේ හැසිරීම හා ළදරුවන් වැඩිහිටියන් සේ හැසිරීම ක ණ ගා ටු දා ය ක යි. උත්ඝෝෂණ, ඉල්ලීම් පසෙකලා පළමුව තම රට ගැන සහ තමන්ගේ ජීවිතය ගැන සිතීම සිදුකළ යුතුය. රටත් ජාතියත් අඳුරේ දමා දිනාගන්නා ඉල්ලීම් වල වටිනාකමක් සහ සැබෑ ප්‍රථිඵලයක් මා නම් දකින්නේ නැ ත. රටට ආදරයක් නො මැ ති නම් ඔවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවී ඵලක්ද නැ ත.

මේ අනුව එන්නත්කරණ කටයුතු වේගයෙන් සිදුවන මේ මොහොතේ සියලු ජනතාව බුද්ධිමත් ලෙස කොවිඩ් අ ර් බු ද ය මධ්‍යයේ වුවද තම ජීවිතය රැ ක ගනිමින් තම කටයුතු වගකීමෙන් ඉටුකර ගත යුතුය. ජනාධිපතිතුමන් විසින් කොවිඩ් ම ර් ධ න ය උදෙසා කළ සහ ඉදිරියට කරගෙන යන සියලු කටයුතු ගඟට කැපූ ඉනි වන තැනට පත් නො ක ල යුතුය. වගකීමෙන් වැඩ කිරීමට වගවීම සිතට ගන්න. කොරෝනාව පරදමු. ශක්තිමත්ව මුහුණ දෙමු.
රෂිකා සඳමාලි හෙන්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්