Feb
5

රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් කෝටි 75ක් වෙන් කරයි

 
2034 Views
   
 

ඉතිහාසයේ ප්රථම වතාවට රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් කෝටි 75 ක මුදලක් රජය වෙන්කර ඇතැයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

රණවිරු වැටුප් ප්රශ්නය විසදීම ඇතුළු සුභසාධන ක්රියාමාර්ග රැසක් ද රජය ගෙන ඇත. රණවිරුවන් දිරිගැන්වීම සහ පෙළඹවීම මඟින් ව්යවසායකත්වය වර්ධනය කර ගැනීමට සහ ඉන් ඵලදායි හා යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාවන බව ආරක්ෂක ලේකම් වරයා කියා සිටියේ රණක්ෂිතයට පත් රණවිරුවන් පිරිසකට ආරෝපිත යතුරු පැදි 50ක් පිරිනැමීමේ උත්සවයකදීය.

ඊට වැය කෙරුණු මුදල රුපියල් කෝටියකි.(10,000,000)

74 වෙනි නිදහස් සමරු උලෙළේ ආබාධිත රණවිරුවන් පිරිසකට ඒවා ප්රදානය කෙරිණි.

මේ අතර ගුවන් හමුදාවේ සහ යුධ හමුදාවේ 11,000 කට උසස් වීම්ද පිරිනැමිණ.

74 වන නිදහස් දිනය වෙනුවෙන් එම උසස් වීම් පිරිනමා ඇත්තේ සන්නද්ධ හමුදා සේනාධි නායක ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසිනි.

ඒ අනුව,

⭕ යුධහමුදාවේ නිළධාරීන් 480

⭕ සෙසු නිළයන් 8034

⭕ ගුවන් හමුදාවේ නිළධාරීන් 175

⭕ සෙසු නිළයන් 2338 දෙනෙකු සඳහා උසස් වීම් පිරිනමා ඇත.

වීරෝධාර රණ විරුවනි, හිරු නැගෙද්දීද..

හිරු බසිද්දීද…

නින්දට යන්නේද..

අවදි වන්නේද..

නුඹ ඉපදුනේද..

මියැදෙන්නේද..

මාගේ උතුම් මාතෘභූමිය වෙනුවෙන්මය..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්