Jul
22

අන්තර්ජාලය හරහා සල්ලාලයන් පිනවන්න, මිලට ගිය දැරිවිය ගැන එළියට ආ අලුත්ම කතාව මෙන්න – Video

 
2288 Views
   
 

අන්තර්ජාලය හරහා අලෙවි කළ පහළොස් හැවිරිදි දැරිය මීට පෙර අවස්ථාවකදීද ලිං’ගික අප යෝජනයට ලක්ව ඇති බවට මීගහවත්ත පොලිසියේ පැමිණිල්ලක් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙරේදා (20දා) මාධ්‍ය සාකච්ඡාවක් හමුවේ අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහිව සිදුවන අප’චාර ප්‍ර’චණ්ඩත්වයන් හමුවේ දරුවන්ගේ ආරක්‍ෂාව හා නීතියේ රැකවරණය යටතේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එලෙස සඳහන් කළේය.

පහළොස් හැවිරිදි දැරිය 2013 වසරේ තම පියාගෙන් අත වරයට පත් වූ බවට මීගහවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ සම්බන්ධයෙන් මහර අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර එහිදී දැරියට වයස අවුරුදු අටක් පමණ වී තිබූ බවට අනාවරණය වී තිබිණි. ඇයගේ මව ඒ වන විට විසි දෙවැනි වියේ පසුවී තිබිණි.

පසුව මව විදෙස් ගතවීම හේතුවෙන් දැරියගේ භාරකාරිත්වය පරිවාස දෙපාර්තමේන්තුව විසින් මිත්තණියට පවරා තිබිණි. එහිදී දැරිය අධීක්‍ෂණය කිරීමට එම අධිකරණය විසින් පරිවාස දෙපාර්තමේන්තුවට භාර කර ඇති අතර ඔවුන් එය මඟහැර ඇති බව මහෙස්ත්‍රාත්වරිය අධිකරණයට හමුවේ මීට පෙර පවසා තිබිණි.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති සුජාතා අලහපෙරුම යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

මීගහවත්ත පොලිසිය එදා නිසියාකාරව විමර්ශන සිදුකළා නම් මෙතරම් ඛේදවාචකයක් සිදු නොවන්නට තිබුණා නේදැයි විමසා සිටියේය.

එයට පිළිතුරු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ එලෙස එම දැරිය සම්බන්ධයෙන් ලිං’ගික අප යෝජන පැමිණිල්ලක් මීගහවත්ත පොලිසියේ ඇති නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම පැමිණිල්ල අදාළ නොවන බවත් මෙම දැරිය මේ අවස්ථාවේදී ඇයගේ මව ඇතුළු භාරකරුවන් විසින්ම ලිං ගික අප යෝජනයට සම්බන්ධ කර ඇති බවත්ය.

එසේම දැරිය මීට පෙර පරිවාස දෙපාර්තමේන්තුවට භාර කර ඇති බැවින් ඔවුන් පසු විපරම් නොකළේ මන්ද කියා විමසා සිටින අවස්ථාවේදී සම්පූර්ණ ප්‍රශ්නය යොමු කිරීමට ප්‍රථම ඔවුහු අදාළ මාධ්‍ය සාකච්ඡාව අවසන් කිරීමට කටයුතු කළහ.

මව්බිම

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්