Jul
2

නවතා තිබූ අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු නැවත වෙළෙඳපොළට

 
3305 Views
   
 

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැ’ක කරුවෙකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස්ගේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත් හිටුවා තිබූ අතර සමාගමේ බලපත්‍රය යළි සක්‍රීය කර ම’ත්පැන් නිෂ්පාදනය ඊයේ (01දා) සිට නැවත ආරම්භ කිරීම සඳහා සු’රාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත.

රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය වසර 02ක් ඇතුළත ගෙවා අවසන් කිරීමේ එකඟතාව මත මෙම අවසරය ලබාදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පැවැසීය.

බදු පැහැර හැරීම ​හේතුවෙන් 2018 වර්ෂය ආරම්භයේදී මෙන්ඩිස් සමාගමේ ම’ත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත් හිටවනු ලැබූ අතර එම හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් විය. ‘‘අපි ඔවුන්ට නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවසර දුන්නා. ඒ අය හිඟ බදු මුදල් ගෙවීමට එකඟ වුණා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය සමගත් සාකච්ඡා කරලා මේ අවසරය ලබා දුන්නා. සමාගම ආරම්භයක් වශයෙන් රුපියල් මිලියන පනහක හිඟ බදු අපිට ගෙව්වා. සම්පූර්ණ හිඟ මුදල වසර දෙකක් ඇතුළත ගෙවන්න තමයි එකඟතාවට ඇවිත් තියෙන්නේ. තවත් සති තුනක් ඇතුළත තවත් රුපියල් මිලියන පනහක් ගෙවීමට නියමිතයි.’’ යැයි පැවසූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සමාගමේ හිඟ මුදල අය කර ගැනීමේ වෙනත් ක්‍රමයක් නොමැති බවත් මෙලෙස එකඟතාවකට පැමිණ නිෂ්පාදන අවසරය යළි ලබා දුන් බව වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සමාගම දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් 6,182,975,353ක මුදලක් (බිලියන 6ක් ) ක බදු මුදල් ගෙවා නොමැති බවටද පසුගිය කාලයේ අනාවරණයවූ අතර අදාළ මුදල් අයකර ගැනිම සදහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අංක 8 මහේස්ත්‍රාත් අ’ධිකරණයේ නඩු පවරා පවරා තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්