Nov
8

මාලිගාවත්තේ ෆාතිමා සපුගස්කන්දේ කුණුගොඩට ගිය ගමනේ සුල මුල හෙළි වූ හැටි

 
4222 Views
   
 

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ කසළ ගොඩක ගමන් මල්ලක තිබී හමුවූ කාන්තාව ම රා ද මා ඇත්තේ ඇගේ කනකර ගලවා ගැනීමේ අරමුණෙන් බවත්, ඒ සම්බන්ධයෙන් අඹු සැමි යුවලක් අත් අඩංගුවට ගෙන ඇති බවත් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ප්රකාශ කරනවා.

ඇය ඝා’ ත න ය ට ලක් වී ඇත්තේ යකඩ පොල්ලකින් හිසට පහර දීමෙන් බවත් එම පහර දීම කළ අත් අඩංගුවට ගත් කාන්තාවගේ සොහොයුරා වන නෞෂාඩ් නමැත්තා මේ වන විට අතුරුදන්ව ඇති බවත් කොට්ඨාශය සඳහන් කරයි. සැකකාර අඹුසැමි යුවළ රුපියල් ලක්ෂයක කුලී පදනම මත මිනුවන්ගොඩ ප්රදේශයේ මුස්ලිම් ගම්මානයක නිවසක් කුලියට ගෙන රැඳී සිටියදී පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම කාන්තාව මරා දමා ඇත්තේ රොෂානා නමැති අත් අඩංගුවට ගත් කාන්තාව හා නෞෂාඩ් නමැති ඇයගේ සොහොයුරා එක්ව බව කැලණිය කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කරයි. ඉකුත් 4 වැනිදා සවස සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ මාර්ගයේ ලඳු කැලෑවක කසළ ගොඩක් ආසන්නයේ ගමන් මල්ලක තිබී මෙම කාන්තා මළ සිරුර සපුගස්කන්ද පොලිසියෙන් සොයාගෙන තිබුණි.

ඒ කිසියම් පුද්ගලයකු 119 හදිසි ඇමතුම් අංශයට ලබා දුන් තොරතුරක් මතයි. මහා මාර්ගයේ ගමන් ගත් එම පුද්ගලයාට තැටි ලෙස දැනුණු දුර්ගන්ධයක් හේතුවෙන් ඒ අවට පිරික්සද්දී මාර්ගය කසළ ගොඩක ඇති ගමන් මල්ලකින් එම දුගඳ හමුවන බවට සැක කළ ඔහු මේ බව 119 හදිසි ඇමතුම් අංශයට දන්වා තිබුණි. මේ සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ එම ගමන් මල්ල පිරික්සද්දී එහි මළ සිරුරක් ඇති බවත් වැඩිදුරටත් නිරීක්ෂණය කරද්දී එය කාන්තා ම ළ සිරුරක් බවත් අනාවරණය කර ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමෙන් පසු මහර වැඩබලන මහේස්ත්රාත් රමණී සිරිවර්ධන මහත්මිය සපුගස්කන්ද පොලිස් වසමේ පිහිටි මළසිරුර සහිත බෑගය අසලට පැමිණ මූලික මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වන ලදී. ඒ වනතුරුත් ගමන් මල්ලේ බහාලූ කාන්තාව කවුදැයි හඳුනා ගෙන නොතිබුණු අතර ඇගේ සිරුර පශ්චාත් ම ර ණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ මෘ ත ශරීරාගාරයේ තැන්පත් කිරීමට ද පියවර ගන්නා ලදී.

ඉන් අනතුරුව කැලණිය කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී  රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත සපුගස්කන්ද පොලිසිය විසින් විමර්ශන ආරම්භ කළ අතර ඒ සඳහා පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ද එක්කර ගෙන තිබුණි.

ඉන්පසුව ජ්යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත වසමේ අතුරුදන් වූ කාන්තාවන් සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබිණි.

ඒ අනුව කාන්තාවන් දෙදෙනෙකු මෑතකදී අතුරුදහන් වී ඇති බවත් ඔවුන් දෙදෙනාම මුස්ලිම් කාන්තාවන් බවත් එම පොලිස් කණ්ඩායම අනාවරණය කරගෙන තිබිණි. ගමන්මල්ලේ බහාලූ කාන්තාවගේ සිරුර ඉදිමී නරක් වෙමින් තිබූ අතර ඒ අනුව ඇය මියගොස් ඇත්තේ දින කිහිපයකට පෙරදී බවත් පොලිසිය ඇයගේ සිරුරේ තිබූ රෙද්දකට අනුව ඇය මුස්ලිම් කාන්තාවක් වන්නට ඇතැයිද සැක කර තිබුණි.

ඇගේ සිරුර සින්තටික් පැදුරකින් ඔතා තිබූ අතර ඇගේ අත් පා බැඳ දමා තිබුණි. සිරුරේ යට ඇඳුම් පවා නොතිබුණි. කෙසේ වෙතත් අතුරුදන්ව සිටි කාන්තාවන් දෙදෙනා ගැන විමර්ශන කරද්දී එක කාන්තාවක් බියගම ප්රදේශයේ බවත් අනෙක් කාන්තාව අතුරුදන් වී ඇත්තේ මාළිගාවත්ත ප්රදේශයෙන් බවත් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බියගම ප්රදේශයේ අතුරුදහන් වී ඇති කාන්තාව ගේ පාර්ශවය වෙත ගොස් මේ බව දැනුම් දී රාගම රෝහලේ මෘ ත ශරීරාගාරයේ තැන්පත් කර ඇති කාන්තා සිරුර අතුරුදහන් වූ කාන්තාවගේ ද යන්න හඳුනා ගන්නා ලෙස පවසා ඇති අතර පසු අතුරුදන් වූ කාන්තාවගේ ඥාතීන් එම සිරුර නිරීක්ෂණය කරද්දී එය අතුරුදන් වූ කාන්තාවගේ නොවන බව අනාවරණය කරගෙන ඇත.

තවදුරටත් පොලිසිය විමර්ශන කරද්දි අතුරුදහන් වී ඇති කාන්තාව සොයා ගැනීමට හැකි වූ අතර ඇය තවත් තරුණයකු සමග බියගම ප්රදේශයක හෝටලයක නතරව සිටියදී සොයාගෙන තිබුණි. පසුව නිලධාරීන්ගේ අවධානය මාලිගාවත්ත ප්රදේශයෙන් අතුරුදන් වූ කාන්තාව වෙත යොමු වුනු අතර මේ බව එම කාන්තාවගේ සැමියාට දැන්වීමෙන් අනතුරුව රාගම රෝහලේ මෘත ශරීරාගාරයට ගිය ඔහු එහි තැන්පත් කර තිබු කාන්තා සිරුර තම බිරිඳගේ බව හඳුනාගෙන තිබේ.

ඒ ඇයගේ නහයේ තිබූ මුද්දකින් බවද ඔහු පවසා තිබුණි. පසු ඇයගේ දරු දෙදෙනාද එම සිරුර තම මවගේ බව හඳුනාගැනීමෙන් පසු පොලිසිය ඇගේ සැමියාගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කිරීමෙන් අනතුරුව ඔහු පොලිසියට පවසා තිබුණේ තම බිරිඳ ඉකුත් 28 වැනිදා ඇගේ මිතුරියක් වූ මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචි රොෂානා නමැති කාන්තාව හමු වීමේ අදහසින් නිවසින් පිටව ගිය බවයි. පසුව නිලධාරීන් කළ වැඩිදුර විමර්ශනයක දී හෙළි වී ඇත්තේ ම රා දැ මු ණු කාන්තාව සූදුවට බරවූ කාන්තාවක් වන බවයි.

එමෙන්ම ඇය රන් අභරණ මුදල් ගෙවා බේරා ගැනීමේ යෙදුණු තැනැත්තියක බවද පොලීසියට දැනගන්නට ලැබී ඇත. ඇය කණකර ආභරණ පැළඳ සිටිය ද ඇගේ සිරුරේ කිසිදු රන් ආභරණයක් නැතිවීම නිසා ඇය ඝාතනයට ලක්වී ඇත්තේ එම කණකර ආභරණ පැ හැ ර ගන්නට දැයි පොලිසිය ඒ මොහොතේ සැක කර තිබුණි.

ඇගේ සැමියාගේ ප්රකාශයට අනුව ඇය අතුරුදහන් වීමට පෙර රොෂානා නමැති කාන්තාවගේ මිතුරියකට අයත් රන් මුදුවක් බේරා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් රැගෙන ගොස් ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. පසුව පොලිස් කණ්ඩායමක් රොෂානා පදිංචිව සිටි මට්ටක්කුලිය ප්රදේශයේ ඇයගේ නිවසට ගොස් ඇති අතර ඒ වන විටත් ඇගේ නිවස වසා දමා දොරගුලු දමා තිබී ඇත.

පසුව ඒ අවට පිරිස din කළ විමසීමේදී ඇය හා ඇගේ සැමියා නිවසින් තිබූ බඩු බාහිර ආදිය ලොරියකින් පටවා ඊට පෙර දින පිටව ගිය බව පොලීසියට දැනගන්නට ලැබී ඇත. පසුව ඒ අවට සී.සී.ටී.වී කැමරා පිරික්සීමේදී රොෂානා නමැති කාන්තාව හා ඇගේ සැමියා ලොරියකට බඩු මුට්ටු පටවා ගෙන පිටව යන ආකාරය සටහන් වී තිබූ අතර වැඩිදුර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බඩු පටවාගෙන ගිය ලොරියේ අංකය පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඒ අනුව කළ ඉදිරි විමර්ශනයේදී පොලීසිය අදාළ ලොරිය හා එහි රියදුරා සොයා ගෙන ප්රශ්න කිරීමේදී ලොරි රියැදුරා පොලිසියට පවසා ඇත්තේ තමා හයර් එකට එම ගමන ගිය බවත් ලොරියේ පැමිණි අඹුසැමි යුවළ මිනුවන්ගොඩ ප්රදේශයේ නව නිවසකට පදිංචියට ගිය බවත්ය.

පසුව ලොරි රියදුරාත් සමග මිනුවන්ගොඩ ප්රදේශයට ගිය නිලධාරීන්ට රුපියල් ලක්ෂයක කුලී පදනම මත නව නිවසක රැඳී සිටි සැකකාර රොෂානා හා ඇගේ සැමියා අල්ලා ගැනීමට හැකිවී තිබේ. සැකකාරියගෙන් වැඩි දුරට ප්රශ්න කිරීමේදී ගමන් මල්ලේ තිබූ කාන්තාවගේ සිරුරේ සුලමුල හෙළි කර ගැනීමට පොලීසියට හැකියාව ලැබී ඇත. මරා දමා ඇති කාන්තාව මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඩ් සාෆි ෆාතිමා මුන්ටාස් නැමැති 42 දෙදරු මවකි.

රොෂානා ගෙන් වැඩිදුර ප්රශ්න කිරීමේදී එම කාන්තාව හා ඇය අතර මිතුරු දමක් ඇතිව තිබූ බවත් රන් මුදුව බේරා ගැනීමෙන් අනතුරුව ඇය උපක්රමශීලීව රොෂානා විසින් ඇය පදිංචි මට්ටක්කුලිය ගෙදරට ගෙන ඇති බවත් විමර්ශනයේ දී හෙළිවිය. පසුව ඇගේ නිවසේ දී රොෂානා ඉදිරිපිට ඇගේ සොහොයුරා වූ නෞෂාඩ් නැමැත්තා මෙම ෆාතිමා නමැති කාන්තාවගේ හිසට යකඩ පොල්ලකින් පහරදී ඝා’ ත න ය කර ඇති බවත් අනාවරණය කර ගන්නා ලදී.

එම ඝා’ ත න ය කළ රොෂානා ගේ සොහොයුරා අධික ලෙස මත්පැන් පානයට පුරුදුවී ඇති බවත් පාතිමා ඝා’ ත න ය කිරීමෙන් අනතුරුව ඇගේ කණකර ගලවාගෙන නිවසේ තිබූ ගමන් මල්ලට අත පය ගැට ගැසූ ෆාතිමාගේ සිරුර දමා ඇති බවත් ආනාවරණය වී තිබේ. ඉන් අනතුරුව ගලවාගත් රන් බඩු විකිණීම සඳහා නෞෂාඩ් පිටව ගොස් ඇති අතර රාත්රී කාලයේ දී රොෂානාගේ සැමියා නිවසට පැමිණ ගමන්මල්ල ගැන විමසීමේදී රොෂානා සිදු වූ සියල්ල ඔහුට පවසා ඇත. පසුව ඔවුන් ඊට පසුදා නිවසේ තිබූ ශීතකරණයක් අලුත්වැඩියා කරන මුවාවෙන් ලොරියක් කැඳවා එම ශීතකරණය සමඟ ෆාතිමාගේ සිරුර බහාලූ ගමන් මල්ලද දමා ගෙන වැල්ලම්පිටියට ගොස් ඇත.

එහිදී ශීතකරණය අලුත්වැඩියා කරන ස්ථානයට ලබාදී ගමන්මල්ල ලොරියෙන් ඉවතට ගෙන සිටියදී ත්රීවිලරයකින් පැමිණි නෞෂාඩ් එම ගමන් මල්ලද ත්රිරෝද රථයේ පටවාගෙන ගොස් සපුගස්කන්ද ප්රදේශයේ කසළ ගොඩට දමා ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඉකුත් මස 29 වැනිදා උදෑසන කාලයේ දී එලෙස දින කිහිපයක්ම කසල ගොඩ අසල වර්ෂාවට හසුවෙමින් තිබු කාන්තා ම ළ සිරුර සහිත ගමන් මල්ල, 04 වැනිදා සපුගස්කන්ද පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

මේ අතර එම කාන්තා මළ සිරුර හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පැතීමත් සමග රොෂානා ඇතුළු පාර්ශ්වය කලබලයට පත්ව ඇත. ම රා දැමුණු කාන්තාව සතු රන් ආභරණ රැගෙන පාතිමා ඝා’ ත න යේ ප්රධාන සැකකරු නොෂාඩ් නමැත්තා මේ වන විට පලා ගොස් ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ සිදුකරනු ලබයි. සැකකාර අඹුසැමි යුවළ මිනුවන්ගොඩ ප්රදේශයට රැගෙන ගිය ලොරිය හා මියගිය කාන්තාවගේ සිරුර රැගෙන ගිය ලොරිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ෆාතිමාගේ මළ සිරුර දමා ගෙන ගිය ත්රිරෝද රිය සොයා පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත කැලණිය කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිය රොෂාන් ඩයස් මහතාගේ උපදෙසින් අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්