Jul
25

වරකාපොළ ගල් කොරියක් නිසා ජනතාව අර්බුදයක

 
952 Views
   
 

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල – ඈගල්ල ග්‍රාම නිලධාරී වසමේ වසර ගණනාවක සිට පවත්වාගෙන යන ගල් කොරියක් හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශය තුළ පාරිසරික හා සමාජයීය ගැටළු රැසක් මතුව ඇති බවට වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරනවා.

මෙම ගල්කොරිය පවත්වාගෙන යන්නේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත බෙලිගල ඓතිහාසික ගල්ලෙන් විහාරස්ථානයට සහ රජය සතු වනාන්තරයට මායිම්ව පවතින පෞද්ගලික යැයි පැවසෙන ඉඩමකයි.

කෙසේ වෙතත් එම ඉඩමේ මායිම්ද ඉක්මවා යමින් රජය සතු වනාන්තරයද ආක්‍රමණය කරමින් මෙම ගල් කොරිය පවත්වාගෙන යන බවට වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කළද ඔවුන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි වේරගල ඓතිහාසික ගල්ලෙන් විහාරස්ථානයේ වැඩවසන පූජ්‍ය කහඳවැලිපොත ධම්ම සුජාත හිමියන් ප්‍රකාශ කළේ.

එමෙන්ම අදාළ ගල් කොරිය මධ්‍යම පරිසර අධිකාරිය සහ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති කොන්දේසි පවා උල්ලංඝනය කරමින් ගල්කැඩීම සිදුකරන බවද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්