Mar
16

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා යුග දිවියට

 
1566 Views
   
 

ජස්ප්‍රිට් බුම්රා කියලා කියන්නේ, ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්, ඒ වගේම තරඟ දිනවන්නෙක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.

ඒ් වගේම ඔහු අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරනවා.

මෙම ක්‍රීඩකයාගේ විවාහය අදට යෙදි තිබුණා. ඒ ගැන සඳහන් කරමින් ඔහු ට්විටර් සටහනක් ද තැබීමටයි කටයුතු කර තිබුණේ.

“ආදරයට ඔබට නිවැරදි මාර්ගය පෙන්වනු ඇත.

අපගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය අදයි, අපගේ විවාහ සම්බන්ධයෙන් වන පුවත ඔබ වෙත දැනුම්දීමට හැකි වීම ගැන සතුටු වෙමු…” යනුවෙන් ද එම ට්විටර් සටහනේ දක්වා තිබුණා.

මෙලෙස බුම්රා හා විවාහ වූයේ, ක්‍රීඩා මාධ්‍යවේදීනියක වන Sanjana Ganesan සමඟයි.

විවාහ උත්සවය ගෝවා හිදී පැවැත්වූ අතර, ඊට ආරාධිත අමුත්තන් 20 දෙනෙකු පමණක් සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්