Nov
16

සජබ විරෝධතාව නවත්වන්න පොලීසි 31ක් කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

 
1572 Views
   
 

සමගි ජන බලවේගය අද පැවැත්වීමට සැලසුම් කර ඇති ’16 ජන බලය කොළඹට’ විරෝධතා රැළිය නවත්වන ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසි 46කින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අතුරින් එකක් ප්රතික්ෂේප වී ඇත. පෑලියගොඩ හා කොටහේනේ යන පොලීසි මගින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් අධිකරණය හමුවේ අද කැඳවීමට නියමිතව ඇත.

කිරුලපන, නාරාහේන්පිට, බම්බලපිටිය, වේල්ලවීදිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව, මාලිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, කුරුඳුවත්ත, දෙමටගොඩ, ග්රෑන්ඩ්පාස්, වෙරළබඩ, මට්ටක්කුලිය, කෙසෙල්වත්ත, මිරිහාන, මහරගම, බොරලැස්ගමුව, ගල්කිස්ස, මිනුවන්ගොඩ, කටුනායක, ගම්පහ, ගනේමුල්ල, යක්කල, බේම්මුල්ල, මල්වතුහිරිපිටිය, වැලිවේරිය සහ වීරඟුල යන පොලිස් ස්ථාන 31 මගින් ඉදිරිපත් කරන ලද පෙත්සම් මෙසේ ප්රතික්ෂේප වී තිබේ.

කඩවත, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, බියගම, මීගහවත්ත, එඩේරමුල්ල වත්තල, රාගම, කැලණිය ඇතුළු පොලිස් ස්ථාන 12ක් සහ මහර සහ වැලිසර මහේස්ත්රාත් අධිකරණය වෙත කරන ලද ඉල්ලීම් ද හොරණ පොලිසිය විසින් හොරණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම ද පිළිගෙන ඇති අධිකරණය එම උද්ඝෝෂණ සඳහා තහනම් නියෝග නිකුත් කර ඇත.

මේ අතර සමගි ජන බලවේගය පක්ෂය විසින් 16 ජන බලය කොළඹට නමින් අද දින පැවැත්වීමට නියමිත විරෝධතා රැළිය නවත්වන ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්න යයි පොලිසි දහ අටක් කළ ඉල්ලීම් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය ඊයේ ප්රතික්ෂේප කළේය.

පැවැත්වීමට නියමිතය ම උද්ඝෝෂණ සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ුත් කර තිබෙන උපමාන වලට අනුකූලව පවත්වන ලෙස සමගි ජන බලවේගය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමද කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික සී රාගල මහතා ඊයේ ප්රතික්ෂේප කළේය.

උද්ඝෝෂණ මගින් covid ව්යාප්ත වීමට අදාළ නිල සංඛ්යාලේඛන සෞඛ්ය අමාත්යාංශය සතුව නොතිබීම පිළිබඳ විමසා සිටි මහේස්ත්රාත්වරයා එම අවස්ථාවේ අධිකරණය තුළ සිටි අඩියක වත් පරතරයක් නැති පොලිස් නිලධාරීන් විශාල පිරිස් පිළිබඳව අවධානය යොමු කළ අතර උද්ඝෝෂණ පොකුරක් පිළිබඳව මෙතෙක් සඳහන් වී නොමැති බව දැනුම් දුන්නේය.

සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ වල මහජන රැස්වීම් වලට සහභාගී විය හැකි පුද්ගල සංඛ්යාව හෝ ප්රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති බවත් පොලිසි විසින් කරනු ලැබූ ඉල්ලීම් නිසියාකාරව කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් එම ඉල්ලීම් පිළිගත නොහැකි බවද ප්රකාශ කළ අධිකරණය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දාහතර වැනි ව්යවස්ථාව ප්රකාරව උද්ඝෝෂණය අයිතිය මහජනතාව සතුව ඇති බවත් න්ම එම උද්ඝෝෂණය කෙසෙල්වත්ත පොලිස් බල ප්රදේශය තුළ පැවැත්වෙන බවට නිශ්චිත ව කරුණු ඉදිරිපත් වී නොමැති බවත් යන කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්රාත්වරයා එම ඉල්ලීම ප්රතික්ෂේප කළේය.

කොරෝනා රෝගයට අදාළව සෞඛ්ය ජනරාල්වරයා ිසින් නිකුත් කරන ලද චක්රලේඛයට අනුව යමෙකු එය උල්ලංඝනය කරන්නේ නම් ඒ සඳහා පොලිස් බලතල පාවිච්චි කර ඔවුන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්රාත්වරයා පොලිසිය වෙත දන්වා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය ඇතුළු කොළඹ මධ්යම කොට්ඨාශය පොලිස් ස්ථාන වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

සමගි ජන බලවේගය නායක සජිත් ප්රේමදාස එහි ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එහි පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් විසින් අද දින කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවත්, ඒ අනුව කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමා නැවත විවෘත කර ඇති අවස්ථාවක සෞඛ්ය නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මෙවැනි රැස්වීම් හරහා කොරෝනා තවදුරටත් ව්යාප්ත වීම සිදු විය හැකි බව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

කොරෝනා වසංගත රෝග පැතිරීම හේතුවෙන් පසුගිය නම වැනි දින සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්ය ආරක්ෂිත උපමාන වලට පටහැනිව උද්ඝෝෂණ පැවැත්වීම හා ඒකරාශිවීම වසංගතය තවදුරටත් වැඩි වීමට හේතු වන බව දැනුම් දී ඇති බව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

ජනතාවට උද්ඝෝෂණ වලට සහභාගී වීමට ඇති අයිතිය පිළි ගන්නා අතර මෙම උද්ඝෝෂණය පැවැත් වීමට නොව එය නියමිත සෞඛ්ය මාර්ගඋපදේශ වලට අනුකූලව පැවැත්විමට නියෝග කරන ලෙස නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිත පිරිස වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක නීතිඥ අතුල එස් රණගල ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ. කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ අධිකරණ හතකින් පොලිස් බල ප්රදේශ විස්සකින් මෙම ඉල්ලීම් සිදු කළ අතර පොලිස් වසම් හා 8ක ඉල්ලීම් අධිකරණය ප්රතික්ෂේප කළ අතර පෑලියගොඩ හා කොටහේන යන පොලිස් ස්ථාන දෙක සම්බන්ධ තීරණය සඳහා අද දින එම නඩු අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

බ්ලූමැන්ඩල්, කිරුලපන, නාරාහේන්පිට, බම්බලපිටිය, වේල්ලවීදිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව, මාලිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, මෝදර, කුරුඳුවත්ත, දෙමටගොඩ, ග්රෑන්ඩ්පාස්, වෙරළබඩ, මට්ටක්කුලිය, කෙසෙල්වත්ත යන පොලිස් ස්ථාන විසින් කරනු ලැබූ ඉල්ලීමේ ලෙස අධිකරණය ප්රතික්ෂේප වීමට ලක්විය.

සමගි ජන බලවේගය පක්ෂය විසින් ’16 ජන බලය කොළඹට’ යනුවෙන් උද්ඝෝෂණ ව්යාපාරය සංවිධානය කර ඇති බවත් රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනයා 5000කට අධික පිරිසක් මෙලෙස ඒකරාශී වීම වූවොත් කොරෝනා තත්වය තව වැඩි වීම මත ජන ජීවිතයට බාධාවක් වන බවත් මෙම පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට ත්රස්ත ප්රහාරයක් එල්ල වීමට ඉඩ පවතින බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කරමින් පොලීසි විසින් මෙලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

මෙම විරෝධතා රැලියට සමගාමීව තම පොලිස් බල ප්රදේශය තුළ ද ජනතාව ඒකරාශි වුවහොත් කොවිඩ් වසංගත මාර්ගෝපදේශ නීති කඩවීම් ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීම වැනි හානිදායක කරුණු කාරණා ඇති වීමට ඉඩ ඇති බැවින් තම පොලිස් බල ප්රදේශ තුළ එවැනි ජනතාව ඒකරාශී වීමක් හෝ විරෝධතාවක් පැවැත් වීම වළකාලන තහනම් නියෝගයක් ලබා දෙන ලෙස මිරිහාන, මහරගම, කොහුවල, බොරලැස්ගමුව යන පොලිස් ස්ථාන හතර කරන ලද ඉල්ලීම් නුගේගොඩ ප්රධාන මහේස්ත්රාත්වරයා ඊයේ ප්රතික්ෂේප කළේය.

ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක්ද මිනුවන්ගොඩ හා කටුනායක යන පොලිස් ස්ථාන දෙක මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් ද එසේ ප්රතික්ෂේප කෙරිණි. ගම්පහ, ගනේමුල්ල, යක්කල, බෙම්මුල්ල, මල්වතුහිරිපිටිය, වැලිවේරිය හා වීරඟුල යන පොලිස් ස්ථාන හතක් ගම්පහ අතිරේක මහේස්ත්රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම්ද මෙසේ ප්රතික්ෂේප කෙරුණි.

මේ අතර ‘ජන බලවේගය කොළඹට’ යන මැයෙන් සමගි ජන බලවේගය පක්ෂය පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට සමගාමීව හොරණ අධිකරණ බල ප්රදේශයේ උද්ඝෝෂණ හා ඒකරාශී වීම් වලට එරෙහිව නියෝග නිකුත් කිරීමට හොරණ මහේස්ත්රාත් චාමිනි විජයබණ්ඩාර මහත්මිය ඊයේ නියෝග කළේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්