Apr
2

ආනයන ආදේශන නතර කිරීමට පිටකොන්දක් තිබුණේ, ඔහුට පමණයි..

 
1668 Views
   
 

1977 න් පසුව මෙරට ඇති කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වල අහිතකර ප්‍රතිඵල මේ වන විට ජනතාව භුක්ති විදිමින් සිටී. දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය විසින් 1977 තෙක් රට තුළ සංවෘත ආර්ථිකය පවත්වාගෙන පැමිණි අතර පැහැදිලි වෙනසක් ඉන් පසුව ඇතිවිය.

1977 මෙරට ආර්ථිකය විවෘත කිරීමෙන් පසු ඇතිවූ වෙළඳපළ තත්වයන් නිසි ලෙස කළමනාකරණය කිරීමට පැවති කිසිදු රජයක් කටයුතු නොකිරීමේ හේතුවෙන් වර්තමානයේදී විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ඇත. ආනයන වියදම් වැඩිවීම අපනයන ආදායම් අඩුවීම තුලනය කිරීමක් සිදුවී නැත .

මේ පිළිබඳව පැහැදිලි අර්ථකථනයක්, විශ්ලේෂණයක් නොකර, කෝකටත් තෛලය ලෙස සියලු අර්බුදයන්ට වගකිවයුත්තා ගෝඨාභය රාජපක්ෂ යන උපකල්පනය තුළ හිඳ බොහෝ දෙනෙකු කතා බහ කරති. 1977 සිට පවත්වා ගෙන ආ ආර්ථික අර්බුද රැසක් නිර්මාණය කළ අනවශ්‍ය ආනයන භාණ්ඩ නතර කිරීමට පිටකොන්දක් තිබූ රටේ එකම නායකයා වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය.

ඔහු ඒ අසීරු කාර්යයට අත තබන විට, එවැනි අපනයන භාණ්ඩ ගෙන්වීමේ පසුබිම තුළ විශාල ජාවාරම්කරුවන් පිරිසක් එක්රොක් වී සිටියේය. ජනාධිපතිවරයා බලයට පත්වූ පසු ක්‍රියාත්මක කරන ලද මූලික ප්‍රතිපත්ති අතර ප්‍රධාන කාර්යය වූයේ තීරු බදු රහිත වාහන ගෙන්වීම නතර කිරීමයි.

ජනාධිපතිවරයාගේ ඇමැති මණ්ඩලයට, හිමි තීරුබදු රහිත වාහනය හෝ ගෙන්වා දීමට කටයුතු කළේ නැත. 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ විදේශ විනිමය හිඟවීමේ අර්බුදය ආරම්භ වීමත් සමගම ගන්නා ලද මෙම දූරදර්ශි ක්‍රියාමාර්ග මේ වන ආර්ථිකය කළමනාකරණයට යම් සහනයක් ලබා දී ඇත.

ඩොලර් හිඟයක් පැවතුනද, විදේශ විනිමය හිඟයක් පැවතුනද තමන්ට හිමි සුපිරි වාහන ගෙන ඒමේ මානසික ව්‍යාධියෙන් පෙළෙන විරුද්ධ පාර්ශවය මේ සම්බන්ධයෙන් උරණ විය. එසේ උරණ වූ ජාවාරම්කරුවන් එකට එක් වී ක්‍රියාත්මක වී දිගින් දිගටම කටයුතු කරන අතර, ඒ සඳහා පෑන මෙහෙයවීමට වියහියදම් කිරීමටද පිරිස් ඇත. ජනාධිපතිවරයා ඒ කිසිවකට නැමෙන්නේ නැත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්