Jul
12

ඉන්දියාවෙන් ඇවිත් සැමියාගෙන් සිංහල දැනගෙන නිලියක්වුණු සංගීතා තදානි ගෙවන සැප ජීවිතේ

 
9259 Views
   
 

සංගීතා තදානි කියන්නේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත රංගන ශිල්පිනියක්.ඒ වගේමයි දැන් ස්වර්ණවාහිනියේ විකාශයවන හදවතේ කතාව තුලත් ඇගේ රංගනය අපට බලාගන්න පුළුවන්.ඉතින් එම ටෙලිනාට්‍යයේ බෝඩිමේ ඇන්ටිගේ චරිතය නිරුපනයෙන් එකතුවෙන ඇය පසුගිය කාලයේ තිරගතවුණු යශෝධරා චිත්‍රපටයේ මහා ප්‍රජාපති ගෝතමී ලෙසිනුත් ප්‍රේක්ෂක ඔබට දැකගන්න ලැබුණා. සංගීතා කියන විදිහට ඇය මුලින්ම ක්ෂේත්‍රයට ඇවිත් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ දැනට අවුරුදු 14කට විතර කලින් දූ කුමරියෝ කියන ටෙලිනාට්‍ය හරහායි. ඉතින් ඊට පස්සේ තමයි ඇය පුංචි තිරයෙන් රිදී තිරයට එන්නේ. ඒ තමයි රන් කෙවිට දෙක චිත්‍රපටය හරහා. ඉතින් ඒ වගේම ඇය වර්තමානයේ ගොඩක්ම ජනප්‍රිය උනේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහායි.

ඉතින් ඒ වගේම හැමෝම දන්නේ ඇය ලංකාවේ නිලියක් විදියට උනත් නමුත් සංගීතා තදානි කියන්නේ ඉන්දියාවේ උපන් ඉන්දියානු කාන්තාවක්. සංගීතාගේ මවුපියන් දෙදෙනාම ඉන්දියාවේ දෙදෙනෙක්. සංගීතාගේ පියා ව්‍යාපාර කටයුතු සඳහා නිතරම ලංකාවට එනවලු, ඉතින් තාත්තත් එක්ක සංගීතත් ලංකාවට ඇවිල්ලා. ඉතින් ඒ ආපු ගමනේදී ඇයට ලංකාවට ආස හිතිලා තමයි මෙහෙ නැවතිලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි ඇය විවාහ වෙන්නෙත් ලංකාවේ අති දක්ෂ රගර් ක්‍රීඩකයෙක් වන ප්‍රදීප් බස්නායක සමඟයි. ඉතින් විවාහයෙන් පස්සේ තමයි සංගීතා සිංහල ඉගෙනගෙන තියෙන්නේ. ඇයගේ සිංහල ගුරුවරයා වෙලා තියෙන්නේ ඇයගේ සැමියාම තමයි. ඉතින් ඉන්දියාව අතහැරලා ලංකාවට ඇවිත් ලංකාවන් විවාහයක් කරගත් ඇය දැන් අම්මා කෙනෙක්. ඉතින් මේ ඉන්දියාවේ ඉපදිලා අපේ රටේ රංගන ශිල්පිනියක් උනු සංගීතා තදානිගේ සුන්දර ජීවිතයේ ආදරණීය ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්