Jun
1

ඊයේ හදුනාගත් කොවිඩ් රෝගීන් 2912න් 490ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන්

 
1477 Views
   
 

ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

 

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (31) දිනයේ නව ආසාදිතයින් 490 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

 

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,912ක් හඳුනාගත් අතර ඉන් පුද්ගලයින් 28දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.

 

මේ අතර ඊයේ දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 322ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 260දෙනෙකු වාර්තා වී තිබේ.

 

අනෙක් ආසාදිතයින් 1,809දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇත.

 

ගතවු දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 11ක දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබේ.

 

කුරුණැගල, යාපනය, අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 ඉක්මවා ඊයේ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

 

ada.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්