Jun
24

කොවිඩ් නවතම අවධානය ඩෙල්ටා ප්ලස් යනු කුමක්ද?

 
1403 Views
   
 

ඉන්දියාව අද (23දා) ඩෙල්ටා ප්ලස් කොරෝනා වෛරස ප්‍රභේදය සහිත ආසාදිතයන් 40ක් පමණ සොයාගෙන ඇති අතර, එය වැඩි සම්ප්‍රේෂණයක් සිදුකළ හැකි විකෘතියක් ලෙස සැලකෙන නිසා පරීක්ෂණ වැඩි කරන ලෙස ප්‍රාන්තවලට උපදෙස් දී තිබේ.

ඩෙල්ටා ප්ලස් යනු කුමක්ද? ඉන්දියාවේ ඩෙල්ටා ප්ලස් නමින් හැඳින්වෙන මෙම ප්‍රභේදය ප්‍රථම වරට දැනුම් දෙනු ලැබුවේ එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය විසිනි. එය ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඩෙල්ටා ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන අතර, K417N නමින් ස්පයික් ප්‍රෝටීන් විකෘතිතාවකට ලක්ව ඇත. එමෙන්ම මෙම විකෘතිතාව දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනාගත් බීටා ප්‍රභේදයෙන්ද සොයාගත හැකිය. ඇතැම් විද්‍යාඥයන් කනස්සල්ලට පත්වන්නේ මෙම විකෘතිය හා ඩෙල්ටා ප්‍රභේදයේ දැනට පවතින අනෙකුත් අංග සමග එය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේදයක් වනු ඇති බවට සැක පහළ කරමිනි.

ඩෙල්ටා ප්ලස් දැනට හමුවූයේ ඉන්දියාවේදී විතරද? ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ජුනි 16දා වනවිට රටවල් 11කින් අවම වශයෙන් ආසාදිතයන් 197ක් සොයාගෙන ඇත. එනම්, බ්‍රිතාන්‍ය (36), කැනඩාව (1), ඉන්දියාව (8), ජපානය (15), නේපාලය (3), පෝලන්තය (9), පෘතුගාලය (22) , රුසියාව (1), ස්විට්සර්ලන්තය (18), තුර්කිය (1), එක්සත් ජනපදය (83).

කෙසේ වෙතත් ඉන්දියාව පැවසුවේ අද (23දා) වනවිට මහාරාෂ්ට්‍ර, කේරළ සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවල මෙම ප්‍රභේදය ආශ්‍රිත ආසාදිතයන් 40ක් පමණ නිරීක්ෂණය වී ඇති බවයි. ඉන්දියාවේ පැරණිතම ආසාදිතයා අප්‍රේල් 5දා ලබාගත් නියැදියකින් හමුවී තිබේ. බ්‍රිතාන්‍යය සිය පළමු ආසාදිතයන් 5දෙනා අප්‍රේල් 26 වැනි දින සිට අනුපිළිවෙලට හඳුනාගෙන ඇති අතර, ඔවුන් නේපාලයේ සහ තුර්කියේ සිට සංක්‍රමණය වූ පුද්ගලයන්ගේ සම්බන්ධතා ආශ්‍රිතව සොයාගෙන ඇත. එක්සත් රාජධානියේ සහ ඉන්දියානු සිද්ධීන් අතර මෙතෙක් කිසිදු ම’රණයක් මෙතෙක් වාර්තා වී නොමැත.

ඩෙල්ටා ප්ලස් ප්‍රශ්නය කුමක්ද? මෙම විකෘතියට එරෙහිව එන්නත්වල ඵලදායීතාව පරීක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ සහ ගෝලීය වශයෙන් අධ්‍යයන සිදු වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ, ඔවුන් ඩෙල්ටා ප්‍රභේදයේ කොටසක් ලෙස මෙම විශේෂය නිරීක්ෂණය කරමින් සිටින බවයි. වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ප්‍රභේදයන්ට දී ඇති අවධානය මේ වෙතද ඔවුන් ලබාදී තිබේ.

“මේ වනවිට මෙම ප්‍රභේදය තවම පොදු බවක්, වැඩි පැතිරීමක් පෙන්වන්නේ නැහැ. දැනට ඩෙල්ටා අනුපිළිවෙලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් පවතිනවා. නමුත් ඩෙල්ටා සහ අනෙකුත් සංසරණය වන ප්‍රභේදයන් සම්ප්‍රේෂණයෙහි වැඩි වීමක් පෙන්නුම් කර ඇති හෙයින් ඉහළ මහජන සෞඛ්‍ය අවදානමක් පවතිනවා.” ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

නමුත් ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවූයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සොයාගත් ප්‍රදේශවල සෝදිසි කිරීම්, වැඩිදියුණු කළ පරීක්ෂණ, ඉක්මන් සම්බන්ධතා සොයා ගැනීම සහ ප්‍රමුඛතා ඇති පුද්ගලයන් වේගවත්ව එන්නත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය වැඩි දියුණු කළ යුතු බවයි. මන්දයත් ඩෙල්ටා ප්ලස් විසින් ඉන්දියාවට තවත් ආසාදන රැල්ලක් ඇති කරනු ඇතැයි යන කනස්සල්ල මතුකර තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්