Jun
11

තවත් කොරෝනා ම’රණ 101ක් – නිට්ටඹු‍වේ ආසාදිතයින් වැඩිවීමක්?

 
2265 Views
   
 

තවත් කොරෝනා ම’රණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ම’රණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා . ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත ම’රණ සංඛ්‍යාව 2011ක් දක්වා ඉහලගොස් තිබෙනවා. පසුගිය සඳුදා දිනයේ උදෑසන තහවුරු කරන ලද කොරෝනා ම’රණ 46 ක් වාර්තා වූ අතර එදින රාත්‍රියේ තවත් ම’රණ 47 ක් වාර්තා වූවා.

අඟහරුවාදා දිනයේ කොරෝනා ම’රණ 54ක් වාර්තා වූ අතර ඊයේ දිනයේ තහවුරු කරන ලද කොරෝනා ම’රණ 67ක් වාර්තා වූවා. අද දිනයේ වාර්තා වූ කොරෝනා අසාදිත ම’රණ 101 ත් සමඟ මෙම සතිය තුළ පමණක් වාර්තා වූ තහවුරු කරන ලද කොරෝනා අසාදිත ම’රණ සංඛ්‍යාව 315ක් ලෙසයි සඳහන් වන්නේ.

මේ අතර මෙරටින් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 2,738 දෙනා අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 575 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 171 දෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 339 දෙනෙකු ඊයේ හඳුනාගත් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊට අමතරව නුවරඑළිය, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වී තිබුණා. මේ අතර ලබන සඳුදා අලුයම හතරෙන් පසු දැනට පවතින සංචරණ සීමා ඉවත් කළද එය සිදුවන්නේ සීමාවන්ට යටත්ව බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ඉදිරි වැඩපිළිවෙළ අද හෝ හෙට ප්‍රකාශයට පත් කරන බවයි. දැනට ක්‍රියාත්මක සංචරණ සීමා දීර්ඝ කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි යුද හමුදාපතිවරයා ඊයේ පෙන්වා දුන්නේ.

සංචරණ සීමා ඉවත් කළ පසුව ද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු වනවා. ඒ අනුවයි ඊට අදාළ ඉදිරි වැඩපිළිවෙළ මෙලෙස අද හෝ හෙට ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇත්තේ. මේ අතර ඊයේ දිනයේ නිරෝධායන නීති සහ සංචරණ සීමා උල්ලංඝණයට කළ 1038 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්