Sep
5

වයස අවුරුදු 30ට වැඩි වයස් කාණ්ඩයට අයත් 75% කට පූර්ණ එන්නත ලබා දී අවසන්

 
479 Views
   
 

වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවේ පූර්ණ එන්නත ලබා දී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශයට පත් කොට ඇත. ඒ නිවේදනයට අනුව පහත සදහන් දත්තද ඔහු විසින් සදහන් කොට ඇත. ගතවූ දින තුන තුළ මිලියන 1.5 ක ජනතාවකට කො විඩ් -19 එන්නත ලබා දීම
නිර්දේශ ලැබීමෙන් පසු අදාළ කණ්ඩායම් වලට බූස්ටර මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් බව. ගතවූ දින තුන තුළ මිලියන 1.5 කට ආසන්න පිරිසකට කො විඩ් -19 එන්නත ලබා දී ඇති අතර බලධාරීන් එන්නත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව සිදු කරන බව හමුදාපතිවරය මෙහිදී පවසල තියෙනව. ඒ වගේම සැප්තැම්බර් 10 වන විට වයස අවුරුදු 30 ට වැඩි පුරවැසියන්ට කො විඩ් -19 එන්නත මාත්‍රාවන් දෙකම ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර කරපු ප්‍රකාශය ඔප්පු කරගන්න පුළුවන් වෙයි කියලත් එහි සදහන් වෙනව.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ නිර්දේශ ලැබීමෙන් පසු අදාළ කණ්ඩායම් සඳහා වැඩි කරන මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් බවයි. මේ ඔහුගේ වචන “බූස්ටර මාත්‍රාවක් ලබා දීමේදී අපට ගැටළුවක් නැ ත. එය ලැබිය යුත්තේ කාටද සහ කවදා ලබා දිය යුතුද යන නිර්දේශ ලැබීමෙන් පසු අපට එය අදාළ කණ්ඩායම් වෙත ලබා දිය හැකිය. අපට අවශ්‍ය වන්නේ අවශ්‍ය මාත්‍රාවන් ලබා ගැනීම”
මේ ක්‍රියාදාමයේ වදගත්ම දේ තමා මේක. කල් ඇතිව යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් වගේම එය අගුලු දැමීම අවසන් වූ වහාම පොදු ප්‍රවාහන සේවා සඳහා ක්‍රියාත්මක කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙ ප්‍රකාශය.

මොන අඩුපාඩුකම් මැද්දෙ වුනත් රජයක් විදියට එන්නත්කරණය සාර්ථකව සිද්ධ කරන්න දගලනව කියල පහැදිලිව පේන්න තියෙනව. ඒ ක්‍රියාදාමයට අපේ හමුදාව ලබාදෙන්නෙ උපරිම සහයෝගයක් අපි යුද්ධ කරද්දිත් අතරමග වෙච්ච අඩුපාඩුවලට මිනිස්සු බැන්න, හිනා වුණා ඒ වගේම සමහරු අවංකවම ඇඩුව කියලත් අපි දැක්ක. ඒ විදියටම කොරෝනා වසංගතය ඇතුලෙත් ඒ දේවල් ඒ විදියටම දැන් දැන් සිද්ධ වෙනව කියල අපිට පේනව. කොහොම හරි අපි එල් ටී ටී ඊ යුද්දෙ දිනුව. ඒ වගේම අපි මූණ දීල තියෙන කොරෝනා යුද්දෙත් කොහොම හරි ජයගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය රදවගන්න පුලුවන් විදියට වැඩ කටයුතු වෙනව කියල අපිට දැනෙනව. (උපුල් දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්