Dec
18

“IMF ණය ගත්තොත් එවලේම ආණ්ඩුවෙන් යනවා. මේක පරම්පරා 7කට හෙණගහන වැඩක්”

 
2044 Views
   
 

ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ණය ගත්තොත් එක මොහොතක්වත් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ. මේ ණය ගැනීම පරම්පරා හතකට හෙණ ගහන වැඩක් යැයි ජලසම්පාදන අමාත්ය වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්රකාශ කළේය.

ඔහු එසේ ප්රකාශ කළේ මූල්ය අරමුදලෙන් ආණ්ඩුව ණය ගැනීම රටට වාසිදායකදැයි “ඉරිදා මව්බිම” පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි. ඒ සම්බන්ධයෙන් මව්බිම පුවත් පත විසින් කළ විමසුමකට පිළිතුරු ලබාදුන් නානායක්කාර මහතා මෙසේද පැවසීය.

“ජාත්යන්තර මූල්ය අරමුදල කියන්නේ රටකට කර කියාගන්න දෙයක් නැති වුනාම අවසාන වශයෙන් යන තැන. එහෙම යනකොට ඕනෑම රටක් යන්නේ අසරණව. එවිට එම මූල්ය අරමුදල හා මෙරට අතර ඇතිවන මොනවා හරි ගනුදෙනුවක් වුනොත් ඒක IMF එකේ ප්රතිපත්තිය අනුව තමයි සිද්ධවෙන්නේ. 

එම මූල්ය අරමුදලේ පළමුවැනි ප්රතිපත්තිය තමයි ඔක්කොම රාජ්ය දේපල දේශීය හෝ විදේශීය පෞද්ගලික සමාගම් වලට මිලදී ගන්න ඉඩ දීම. දෙවැනි ප්රතිපත්තිය තමයි රටේ සුබසාධක කටයුතු වෙනුවෙන් කරන වියදම් ටිකෙන් ටික අඩු කරන්න ඕනේ. තුන් වැනි ප්රතිපත්තිය තමයි දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා කරන සියලුම ආනයන කිරීම් ටිකෙක් ටික අඩු කරන්න ඕන. 

ඔය ආකාරයේ කොන්දේසි ගණනාවක්ම තියෙනවා. බරපතලම කොන්දේසිය තමයි රුපියලේ වටිනාකම සාමාන්යයෙන් වෙළඳපොලේ තීන්දු වන ආකාරයට තීන්දු වෙන්න ඉඩ හරින්න ඕන. මේ ඔක්කොම එකට ගත්තාම ඒක රටට දෙන්න පුළුවන් නරකම විපත්තිය. 

නමුත් එවිට කෙනෙක් අහයි එහෙනම් අපි මොකක්ද කළ යුත්තේ කියලා. මොකක්ද විකල්පය කියලා අහයි. මොනවද අපිට තියෙන වෙනත් මග කියලා. මට හිතෙන හැටියට නම් අද අපට තියෙන පළමුවැනි ප්රශ්නය ඩොලර් හිඟය. ඒකට අපි දැනට කරගෙන යනවා වගේ අපේ මිත්ර රටවල් එක්ක තාවකාලික අතමාරු ගිවිසුම් ගහන්න ඕන.

 තාවකාලික ගිවිසුම් ගහනවා කියන්නේ අපේ ඩොලර් ඉපයීම් එනතුරු. දැන් අපිට පේන ආකාරයට අපේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු වෙන්න පුළුවන් වැඩි කාලයක් නොගිහින්. එතකොට අපේ ඩොලර් ආදායම් එනවා. අනිත් අතට අපි දැන් මාස්පතා ලංකාවෙන් විදේශයන්ට යවන භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවමින් යනවා. ඒ කියන්නේ එන්න එන්න අපි වැඩියෙන් විදේශයන්ට භාණ්ඩ අපනයනය කරනවා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්