Dec
5

ප්‍රී ෂූට් අස්සේ “කැමරාමන්”ට මනාලිගෙන් ගුටි ෂූට් එකක්

 
3144 Views
   
 

තරුණ යුවළකගේ විවාහයට පෙර ඡායාරූප ගැනීමේ යෙදුණු ජායාරූප ශිල්පියෙකු රහසේ මනමාලිය වීඩියෝ කිරීමට යාමෙන් මනාලියගෙන් ගුටි ප්රහාරයකට ලක්වූ පුවතක් බස්නාහිර පළාතේ ප්රසිද්ධ උද්යානයකින් පසුගියදා වාර්තා විය.

විවාහය ලියාපදිංචි කළ තරුණ යුවළක් වූ අතර ඔවුන්ගේ විවාහයට දින නියම කර තිබුණි.

නවතම යුගයේ හැඩ ගැස්ම අනුව ඊට පෙර දිනයේ ඔවුන්ගේ ඡායාරූප ගැනීමේ දිනය යෙදී තිබුණු අතර ඡායාරූප සහ වීඩියෝ කිරීමට ආ ශිල්පීන් විවිධ ඉරියව්වලින් දෙදෙනාගේ ඡායාරූප ලබාගත්හ.

එක් අයෙකු මනාලයාට සහ මනාලියට ඡායාරූප ගැනීම සඳහා ඉරියව් පෙන්වීය. යුවළ ඒ අනුව කටයුතු කරන්නට වූනේ ඉතා සතුටිනි.

මේ අතරතුර ඡායාරූප ශිල්පියාගේ සහායකයාද ජංගම දුරකතනයෙන් ඒ අවස්ථා ලබාගනු ලැබීය. මනාලයා ඉදිරියෙන් සිටියදී මනාලිය සිටියේ පසු පසිනි. එක්වරම මනාලියගේ හඬ ඇසිණි. අතපය විසි කරන බවද පෙනිණි. මනාලයා පසුපස බලන විට දුටුවේ මනාලිය සහායකයාට පෙරළාගෙන පහර දෙන බවයි.

“මේ මිනිහා හොරෙන් මගේ ……. වීඩියෝ කරනවා මම දැක්කා.” 

මනාලිය මනාලයාට පැවසුවේ මහ හඬින් හඬමිනි. මනාලයා සහායකයා අතවූ ජංගම දුරකතනය උදුරා ගනිද්දී එහි දර්ශන මකා දමන්නට සහායකයා උත්සාහ කළේය.

මනාලයාද පරාජය බාර ගැනීමට සූදානම් නොවුනූ අතර දුරකතනය උදුරාගෙන එය බලද්දී ඔහු තම පෙම්වතියගේ මෙන්ම ඊට පෙර අවස්ථා ගණනාවකදී වෙනත් කතුන්ගේ රහස් පෙදෙස් වීඩියෝ කර ඇති දර්ශන දැකීමත් සමඟ මනාලයාටද උන් හිටිතැන් අමතක වූ අතර ඔහුද සහයකයාට පහරදෙන්නට විය.

කරකියා ගත දෙයක් නොමැතිවූ ඡායාරූප ශිල්පියා යුවළගෙන් සමාව ඉල්ලු අතර නීතිමය පියවරකට නොයන ලෙස ඉල්ලා සිටියේය. ඒ සමගම සහායකයා ළඟට කැඳවා කම්මුල් පහර කීපයකින් සංග්රහ කර පලවා හැරියේ යළි ඇසට පෙනෙන්නටවත් නොඑන ලෙසට දන්වමිනි.

ඔහු වෙනත් පිරිසක් යොදවා මංගල උළෙල නොමිලේ ඡායාරූප ගතකර දීමට කටයුතු කළේ සිද්ධිය පැතිර ගියහොත් තමාගේ වෘත්තීය ජීවිතය විනාශ වෙන බව දන්නා නිසායි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්