Sep
1

අතේ සල්ලි නැ ති වුණා, මම පාරට බැස්සා එළවළු, බිත්තර, පොල් විකිණුවා – කෝටිපතියොත් මහපාරේ එළවළු විකුණනව කාලයවක් මේ – තුෂාර සුබසිංහ

 
510 Views
   
 

ප්‍රසංග වේදිකාවේ ඉතාම ජනප්‍රිය කෙනෙක් තමයි තුෂාර සුබසිංහ. ඕල්රයිට් සංගීත කණ්ඩායම හරහා රටේම ආදරය දිනාගත් ඔහු අද වනවිටි ඔක්සිජන්. සංගීත කණ්ඩායමේ නායකයා. ප්‍රසංග වේදිකාවේ කතාකරයා හෙවත් තුෂාර සුබසිංහගේ කතාව නම් හරිම දුක්බරයි. කොවිඞ්වලින් පස්සේ ඊටත් වඩා දුක්මුසු වුණු මේ ඒ කතාවයි.

මේ දවස්වල මොනවද කරන්නේ? ඇත්තටම මේ දවස්වල සංගීතය පැත්තෙන් නම් මොකුත්ම කරන්නේ නැ හැ. ගෙදර ඉන්න ගමන් අලුත් මියුසික් වීඩියෝ එකක්වත් කළොත් නරකද? මං හිතන්නේ නෑ මේ කාලයේ එහෙම දෙයක් කරලත් වැඩක් තියෙයි කියලා. මිනිස්සු මේ වෙලාවේ සිංදු බලන මානසිකත්වයක ඉන්නවද කියල මම දන්නෙ නැ හැ. අනික් කාරනය ටෙ‍්‍රන්ඞ් එකේ සිංදු වැඩියී. දවස ගානේ අලුත් සිංදු එනවා.

ඔක්සිජන් බෑන්ඞ් එකේ තත්වය කොහොමද? බෑන්ඞ් එකේ කිසි වෙනසක් නැ හැ. සියලුම සාමාජිකයින් ඉන්නවා. ඔවුන් දැනට තම තමන්ගේ ව්‍යාපාර කරනවා. තුෂාර වැඩිපුරම ජනප්‍රිය වුණේකලු කෙල්ල. ගීතය හරහා? ඔව්. කලු කෙල්ල ගීතය ජනප්‍රිය වුණේ ඕල්රයිට් සංගීත කණ්ඩායමෙන්. ඊට පස්සේ මගේ සංගීත කණ්ඩායම හරහා අවංක හින්දා ආයෙ වැරදුණා. ගීතය හොඳටම ජනප්‍රිය වුණා. ඊට පස්සෙ වැරදිච්ච ජීවිතේ ”බිඳුණු අතීතය” වගේ ගීතත් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය වුණා. කලු කෙල්ල ගීතය තමයි මගේ ජීවිතය හැදුවේ.

තුෂාර වැඩියම දක්ෂ වේදිකාවේ සිංදු කියන්නද කතා කරන්නද? අනේ ඇත්තටම මම මහ ලොකු ගායකයෙක් නෙමෙයි. මට යම් කිසි ප්‍රමාණයක සිංදු කියන්න හැකියාවක් තියෙනවා. ඒ නැතුව ලොකුවට ඉගෙන ගෙන නැ හැ. හැබැයි මට හොඳට කතා කරන්න පුළුවන්. ප්‍රසංග වේදිකාවේ කතා කිරීම හරහා තමයි මම වෙනසක් කරලා පෙන්නුවේ.ඔබ ගොඩක් ජනප්‍රිය චරිත කොපි කළා කිවේවොත්? නැ හැ මම කාවවත් කොපි කරලා නැ හැ. හැබැයි එකක් තියෙනවා. මම වෙන්න පුලුවන් මට විතරයි. අපි අපේ අනන්‍යතාවක් හදා ගන්න ඕනේ. නමුත් සංගීත් විරසූරිය” නෙල්සන් වාස්” චමින්ද රණසිංහ” සීදුව සකුරා චන්දන” මේරියන්ස් නලින් අයියා” රුවන් බණ්ඩාර” ෆ්ලෑස්බෑක් රොෂාන් වගේ අය දිහා බලල තමයි මමත් හැදුණේ. හැබැයි මම මගේ දෙයක් හදා ගත්තා.

පසුගිය කාලයේ තුෂාරව අපි මහ පාරේ දැක්කා? මෙහෙමයි. අපි ජීවත්වුණේ ටාගට් තියාගෙන. මට කියලා ගෙයක් දොරක් තිබුණේ නැ හැ. ඉතින් මම සීදුවේ ගෙයක් හැදුවා. ඊට පස්සේ මට ආසාවක් ආව ඊට වඩා ලොකු ගෙයක් හදන්න. 2019 මුල් ගල තියලා වැඬේ පටන් ගත්තට පස්සේ පාස්කු ප්‍රහාරය ආවා. ප්‍රසංග නතර වුණා. ඊට පස්සේ කොරෝනා ආවා. ගෙදරට ඔක්කොම සල්ලි වියදම් කරල නිසා අතේ සල්ලි නැ ති වුණා. මම කාගෙන්වත් ඉල්ලලා මගේ දරුවන්ට කන්න දෙන්නෙ නැ හැ. මම පාරට බැස්සා. එළවළු විකිණුවා. බිත්තර, පොල් විකිණුවා එක එක දේවල් කළා. මගේ ත්‍රීවිල් එකක් තියෙනවා. මම ඒක ටැක්සි දිව්වා. මගේ කාර් එකේ පික්මී දිව්වා.

ඒ කියන්න තුෂාර දැන් වැටිලද? නැ හැ මම වැටිලා නෙමෙයි. මම මගේ දේවල් යම් කිසි දෙයකට යොදවලා තමයි මේ වගේ දෙයක් වුණේ. නැ තිව කැසිනෝ ගහල” පිස්සු නටලා” අ ප රා ධ කරලා නෙමෙයි. මගේ සල්ලිවලට මම සාධාරණයක් කරලා තියෙනවා. මේ කාලයේ කෝටිපතියොත් මහපාරේ එළවළු විකුණනවා. මේක එහෙම කාලයක්.

තුෂාර කියන්නේ ගොඩක් දුක් විඳපු චරිතයක්. අපි හරි නේද? ඔව්. මම ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. සිංදු කියන්න ලොකු ආසාවක් තිබුණා පොඩි කාලයේ ඉඳලම. මගේ පළමුවැනි බෑන්ඞ් එක සියොත්. දෙවැනි බෑන්ඞ් එක බොරැල්ල ශ්‍රී. ඊට පස්සේ සුරබා. ඊළග බෑන්ඞ් එක මහින්ද සිල්වා විත් සුපර් ස්ටාර්. ඊට පස්සේ ත්‍රී පීස් ගහලා කට්ට කාල තමයි ඕල්රයිට් ආවේ. මම හැම රැකියාවක්ම වගේ කරලා තියෙනවා. පිටකොටුවේ ඇපල් තට්ටවුක වැඩකළා” තැඹිලි විකිණුවා. මාලු කැපුවා. සී.ටී.බී බස් ස්ටෑන්ඞ් එකේ වැඩ කළා. තේ කොළ පෙට්ටි ඉස්සුවා. සිමෙන්ති වැඩ” කොන්ක්‍රීට් වැඩ කරලා තියෙනවා. ඔය වගේ ජීවත් වෙන්න නොකරපු රස්සාවක් නැ හැ. මම රුපියලෙන් ජීවිතය පටන් ගත්ත කෙනෙක්.

ඔබ මේව කියන්නේ කාගෙන්වත් අනුකම්පාවක් ගන්නද? අනේ නැ හැ. මට මේව කියලා කාගෙන්වත් ලකුණු දා ගන්නවත් කාගෙවත් දත් ගලවන්නවත් ඕනේ නැ හැ. මම කාගෙන්වත් කිසි දෙයක් ඉල්ලා නැ හැ. මගේ වීරියෙන් දෙයක් මම හම්බකරනවා. ඒ මගේ දරුවන් වෙනුවෙන්. කන්න නැතත් සෝබනෙන් ඉන්න කලාකාරයෝ ඉන්නවා. මට එහෙම ඉන්න ඕනෙ නැ හැ.

එහෙම ආපු ඔබ අද ඉන්න තත්ත්වය ගැන මොකද හිතන්නේ? මම හැමදාම කියනවා වගේ ලක්ෂ ගණන් අතගෑවත් මට මගේ රුපියල මතකයි. අද මම හොඳ තැනක ඉන්නවා. ප්‍රජා ශාලවේ නිදා ගත්ත මට අද ගෙවල් දෙකක් තියෙනවා. තවත් ගෙදරක් හදමින් ඉන්නවා. මට මෙතනට එන්න තැනක් හැදුව නම් ඒ ෆ්ලෑෂ් බෑග් ආයතනය. ඩොනල්ඞ් ප්‍රනාන්දු මහතාට මගේ තාත්තට වඩා ආදරෙයි. එ වගේම මගේ ඕල්රයිට් පැරණි යහලුවන්ට සහ මගේ ඔක්සිජන් ශිල්පින්ට මම පණවගේ ආදරෙයි. මම මෙතන ඉන්නේ ඔවුන් නිසා. (කසුන් රණවීර – දිවයින)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්