Feb
22

ආන්දෝලනයට තුඩු දුන් හුස්ම චිත්‍රපටයේ නිරුවත් වූ චමත්කා ලක්මිණි මෙතෙක් හෙළි නොකළ කතාව

 
1528 Views
   
Chamathka-Lakmini's-nude-story-in-the-controversial-film-'Husma'-has-not-been-revealed-yet  

චමත්කා ලක්මිණි. එහෙම නැත්තම් ඔබ ඇයව අඳුනන්නේ, ‘හුස්ම’ චිත්‍රපටයේ නිරුවත පෙන්වූ රංගන ශිල්පිනිය විදිහට. චිත්‍රපට කිහිපයක සිපගැනීමේ දර්ශනවලට පවා නොබියව පෙනී සිටි චමත්කා පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්ව සිටියා. එම සාකච්ඡාවේ දී ඇය, ඇගේ පෞද්ගලික ජීවිතේ බොහෝමයක් තොරතුරු මෙසේ හෙළි කර තිබුණා.

ජීවිතේ පසුතැවෙන තැන් තිබුණ ද ?

මම මගේ ජීවිතේ පසු තැවෙන තැන් අඩුයි. පවුල සම්බන්ධ දේවල් වලදී විතරක් ඇරුණාම වෘත්තියේ දී මට එහෙම දැනිලා නෑ. මවක් බිරිඳක් විදිහට කරන භූමිකාව මට තේරෙනවා.. ජීවිතේ ම රඟපෑමක්නේ. මගේ ජීවිතේ ගෙනියන්නේ කෝමද කියන එක මම දන්නවා. නැදෑයෝ ආශ්‍රය කරන්නෙ හරිම අඩුවෙන්. ගොඩක්ම යාලුවෝ විතරයි.

නිරුවත අපේ දූපතට මැජික් එකක්ද ?

මුලින්ම කරපු මියුසික් වීඩියෝ එකේ කමෙන්ට් දැක්කම මම අවුල් ගියා. මම එහෙම ෆීඩ් බැක් එකක් බලාපොරොත්තු වුණා. නමුත්… මගේ අම්මා මුකුත් ම කිව්වේ නෑ.. එයා දන්නවා මම මේක ඇතුළෙම ඉන්න කෙනෙක්. ඒක හින්දා අර ආපු දේවල් වලින් මම රිද්ද ගත්තෙ නෑ. මම කරන වැඩ සම්බන්ධයෙන් මගෙ අම්මා සතුටු වුණා. අම්මගෙ ෆැමිලි ලයිෆ් එක අවුල් වුණේ කලාව නිසා. අම්මා බය වුණා මම ගැන. හැබැයි මම එහෙම උනේ නෑ..

ඇයි නිරුවත මැජික් එකක් වෙලා තියෙන්නෙ?

අපි ඉන්නේ දූපතකනේ. අපි මෙතනින් එහා ගිහින් අප්ඩේට් වෙන්න කැමති නෑ. හැබැයි දැන් ජෙනරේශන් එක වෙනස්. මියුසික් වීඩියෝ ජාත්‍යන්තරයට යනවා නම් ඇයි ෆිල්ම්වලට යන්න බැරි.. පළවෙනි ෆිල්ම් එක කරද්දි මට අවුරුදු විස්සයි. මම ඒ වෙලාවේ හිතුවේ මිනිස්සු කියන ඒවා නෙවේ අම්මා කැමති කරවගන්න එක… පොඩ්ඩක් ආගිව් කළා. එයා ඉතින් විශ්වාස කළා. හැමෝගෙම ඇඟේ ටැලන්ට් තියනවා, ආර්ට් එකක් තියනවා. ඒක අල්ලගත්ත නම් මේක ලේසි.

ෆීල්ඩ් එක ඇතුළේ වුණ දේවල්?

මටත් යෝජනා ඇවිත් තියනවා. අනියම් සම්බන්ධතාවලට පවා.. මම ඒවා හොඳින් රිජෙට් කරන්න පුළුවන් තැනක හිටියා. මම අවුරුදු දෙකක් තනියම ජීවත් වුණා. ගෑනු ළමයින්ට කියලා තියෙන්නේ තනියෙන් හිටියම අතවර වෙයි කියලනේ. ඒක එහෙම දෙයක් නෑ. ඒක මේ සිස්ටම් එක හදලා තියෙන විදිහ..

ගොඩක් අය කියලා තිබුණා වගේ, කවදහරි දවසක දරුවා මේවා දැක්කොත් ?

දරුවත් බලයි දවසක මගේ චිත්‍රපටි.. මම මගේ සිස්ටම් එක්කේ මගේ ළමයා හදන්නේ. මේ ලයිෆ් එක මට නිදහස්.. ඒ සිස්ටම් එකේ හැදුවොත් ළමයා නිදහසේ හැදෙනවා. එයත් මේ කලාවටම ආවොත් මම උදව් කරනවා. මගේ මහත්තයා තේරුම් අරන් ඉන්නවනේ. ඒ වගේ දරුවත් තේරුම් ගනී.. මම ලිවින් ටුගෙදර් ඉඳලා මැරි කරපු කෙනෙක්. එයාම මම නිකන් ඉද්දි වැඩක් කරන් නැද්ද අහලා යොමු කරන්නෙ.. ඒක මට මාර ෆීල්න්ග් එකක්.. මට ඒ සපෝට් එක උපරිමයෙන් තියනවා. මම මාස හයක් එයාව නොදැක ඉන්නේ එයගේ රැකියාව නිසා. දවසට එක කෝල් එකයි. සමහර වෙලාවට ඒකත් නෑ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්